බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සදහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇතැයි ද තම විශ්වාසය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැසීය. 2017 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමින් ජනපතිවරයා එසේ කීය.
2015 වසරේ තිරගත වූ චිත්‍රපට අතරෙන් ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එහි රගපෑ ශ්‍යාම් ප්‍රනාන්දු හොදම නඑවා ලෙස ද අංජලී පතෙල් හොදම නිළිය ලෙස ද ජනාධිපති අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.
සිනමා කර්මාන්තයේ උන්නතිය සහ කලාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවති මෙම සම්මාන උළෙලේ දී මූලික සම්මාන 21 ක් පුරෝගාමී මෙහෙවර බුහුමන් සම්මාන 09ක් ස්වර්ණ සිංහ සම්මාන 06 ක් විශේෂ කුසලතා සම්මාන 07 ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01 ක් ද පිරිනැමිණි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ජාතික සමගිය සහ සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවයි. එමෙන්ම සිනමා කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පැවැසීය .






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දැන් අපි කලාකාරයෝ වෙන් කර ගන්න? පදුරකට ගැහුවත් කලාකාරයෝ එකසිය ගානක් විසික් වෙනවනේ?
රන්ජිත්, සහතික ඇත්ත. සමහරු එක සින්දුවක් කිව්වත් කලාකාරය කියල ප්‍රචාරයක් දාගන්නවා. සමහරු කලා රැස්වීමක අප්පුඩි ගැහුවත් තමන් දැන් කලාකාරයෙක් කියල හිතනවා. ඊටත් හපන්, කලාකාරයින්ව දේශපාලුවන්ගෙන් වෙන්කර හඳුනාගන්න එක. සමහරු කරන වැඩ බැලුවම කලාවට වඩා එක එක දේශපාලුවන්ට කත් අදින එකනේ කරන්නේ කියල හිතෙනවා.
පඳුරකට ගැහුවොත් කලාකාරයෝ දහසක් එලියට එනවා නම් අපි කලාවෙන් බොහෝ දුර ගොස් පෝෂණය වී ඇත සැම කෙනෙක්ම කලාවට යොමුවන්නේ නම් අද පවතින ආතතිය අපරාද දුරුකොට ගත හැක. මෙය අද සමාජයේ උපාධි ලෙස කිහිප දෙනෙකුට සීමා කල හැකි දෙයක් නොවේ
කලාකරුවන්ගේ නෙවේ දැන් නම් අපේ ජීවිතත් ඉතාමත් ශෝචනීය තත්වයකට මේ ආණ්ඩුව පත් කරලා තියෙන්නේ.