
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පවසයි.
ඉන්දියාව මෙන්ම යුරෝපීය රටවල්වල සංචාරකයන් මේ දිනවල සීගිරියට පැමිණෙන බව සීගිරි සංචාරක මග මග පෙන්වනනෝ ද පවසති.
යුරෝපීය රටවල්වලින් වැඩි සංචාරකයන් යුගල් වශයෙන් සහ තනි වශයෙන් පැමිණෙමින් සිටින ආකාරයත් ඔවුන් මෙරට පැමිණ වර්තමාන සංචාරක තත්ත්වය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සහ රටේ අනෙකුත් අයට දැනුම් දීම් සිදු කරන බවද පවසති.
සීගිරියට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයින් පිරිසක් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ය
සංචාරක ව්‍යාපාරය හෝටල් මෙන්ම අනෙකුත් ස්ථාන ද සෞඛ්‍යාරක්ෂිතව පවතින බවත් ඉතා ලස්සන ලංකාව සංචාරය කිරීම සඳහා පැමිණෙන ලෙස තමන් ද ඉල්ලීමක් කරන බව ඔවුහු පවසති
සංචාරක මගපෙන්වන්නන් කියා සිටියේ මාස ගණනාවකට පසුව තම රැකියාව සිදු කරගැනීම සඳහා හැකියාව පවතීන බවත් රජය ලබාදුන් තීන්දු තීරණ නිසා සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී සාර්ථක වනු ඇති බවට ද ඔවුහු විශ්වාසය පළ කර සිටිති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. පිස්සු හැදුණු බල්ලන් මෙන් වැඩ වර්ජන, උද්ඝෝෂණ සමඟ සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම එකතු කර ගතහොත් රටම නැවත කඩා වැටෙනු ඇත...
එන සංචාරකයා සුද්ද කරගෙන කන්න හදන්න එපා. නිදහසේ ඔවුන්ගේ සංචාරය කරගන්න ඉඩදෙන්න.
කලකට පසු සීගිරිය බලන්න සංචාරකයින් ඇවිත් සිටියත් විමල් වීරවංශ පෙනෙන්නට නැත.