(මනුල වික්‍රම)
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කුලදරුවන් 100 දෙනෙකු සසුනගත කිරිමේ පිංකමක් අද (29) උදෑසන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදීකර්තෘවරුන් සිහිකෙරෙන නිකාය දින උළෙල මෙවර උතුරුමැද පළාත කේන්ද්‍රගත කරගෙන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අද පැවැත්වේ.
අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි සරණංකර මාහිමියන්ගේ වසර 134 වැනි ගුණසැමරුම නිමිත්තෙන් කුලදරුවන් 100 නමක් පැවිදි කිරිමේ පිංකම පැවැත්වේ.
රාමඤ්ඤ නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්ම කුසල නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් දිවයින පුරා මහ සඟරුවන දහසකට අධික නමක් එම අවස්ථාවට වැඩම කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවෝ කවුරුව්ත් සසර කලකිරිලා සසුන් ගත වුනා කියල අවංකවම කියන්න බැහැ. පන්සල කියන ආයතනය පවත්වාගෙන යන්න බඳවා ගත්ත ආදුනිකයෝ කියලා කිව්වොත් නිවැරදියි.
මේ සිය දෙනා වහන්සේලාම විශ්ව විද්‍යාල යවන්නේ නැතිව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න. නැතිනම් අපේ සසුනේ අනාගත සිහින බොඳවී යනු ඇත...
මොන විශ්ව විද්‍යාලෙට ගියත් බලෙන් සිවුරේ රඳවාගන්න ඕනේ නැහැනේ... යන කෙනෙක් ගියාවේ. ඉන්න කෙනෙක් ඉඳපුවාවේ. මේ සිය දෙනා වහන්සේලාම හොඳට ඉගෙනගන්න ඕනෑ. උගත්කම කාටවත් උදුරා ගන්න පුළුවන් දෙයක් නොවේ.
සාදු සාදු සාදු... මහා සංඝ රත්නයට මගේ නමස්කාරය වේවා...!!!
සාදු සාදු සාදු... මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...!!!
අපේ ලොකු හමුදුරුවන්වන්ස මේ ස්වාමීන් වහන්සේලා හොදින් රැක බලාගන්න. එවිටයි බුදුසසුන චිරාත් කාලයක් බබළවන්න පුළුවන් වන්නේ.
අනේ පව් පොඩි අය. දුප්පත්කම නිසා දෙමව්පියන් ළමයින්ව මහණ කරනවා.
මහා අපරාධයක්.. පව් මේ පොඩි ළමයි..
මහණවෙලා ඉගෙන ගෙන සිවුරු ඇරියත් කමක් නෑ. සමාජයට යහපතක් වෙනවා නම් කෝකත් එකයි...
සම්බුද්ධ සාසනයට උදේ හවා ගරහන නිර්ගාමික සහ අනාගමික මිනිස්සු ඉන්න රටක බුදුදහම ව්‍යාප්ත කරලීම සඳහා බුදුරජාණන් වහන්සේම ආරම්භ කළ මේ උදාර කර්තව්‍යය දිගටම පවත්වා ගෙන යන මහා සංඝරත්නයට මගේ ගෞරවාචාරය පුද කරනවා. තමන්ගේම පුත් රාහුල කුමාරයා මහණ කරලා බුදුරජාණන්වහන්සේ ලෝකයට ආදර්ශයෙන්ම පණිවුඩයක් දුන්න සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා කුල දරුවන් පැවිදි කිරීමේ වැදගත්කම... බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පැවැත්ම සාක්ෂාත් කරන ප්‍රධානතම කුළුණු තුන තමයි දාන, ශීල, භාවනා. ඒ නිසා මහා සංඝරත්නය නැතුව මේ කුළුණු තුනේ පැවැත්මක් නැහැ. ධර්මය ප්‍රචාරණය වෙන්නෙත් නැහැ. බෞද්ධ වත් පිළිවෙත් ඉදිරියට යන්නෙත් නැහැ. දානය බුදු දහමේ මූලිකම අංගයක්. බුද්ධාගමට ගරහන මේ වගේ කාලෙක, සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා තමන් හදාවඩා ගත්ත මේ දරුවන් දන් දුන්න දෙමව්පියන්ට සියලු බෞද්ධයින්ගේ ගෞරවය හිමි වෙන්න ඕනේ...
හය හතර නොතේරෙන මේ කුඩා ළමයි අරන් මහණ කරනවානම්, හැම පැත්තක් ගැනම හිතලා පිළියමක් විදිහට අපේ රටේ මහායානයත් ඇතිකළ යුතුයි.
මෙහෙම මහණ කරන්න ගත්තම ලංකාවේ බුද්ධාගම නැතිවෙලාම යයි. පිරිමි දරුවෝ සේරම මහණ කරනවා. කාන්තාවන්ට විවාහ වෙන්න පිරිමි නැතිව... ඉදිරියේදී ප්‍රශ්න ඇතිවෙනවා. මේ ක්‍රමය වෙනස් කරන්න. විවාහ වී දරුවෝ ලැබිලා ජීවිතයේ දුක තේරුම් අරගෙන මහණ කරවන්න. කැමති නම් පන්සල්වලින් ඒ අයගේ දරුවන් නඩත්තු කරන්න. ගොඩක් පන්සල් ධනයෙන් පිරිලා ඒ වගේම සිවුර පොරවාගෙන කම්සැප විඳින කට්ටියගේ සිවුර තහනම් කරන්න කුඩා වයසින් මහණ වෙනවා නැතිබැරි කමට...
හය හතර තේරෙන හින්දාද මේ රටේ අමන මිනිස්සු ඒ අයගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වලට දාලා, වසවිස කවලා, කුඩාකාලේ ඉඳන්ම හොරකම පුරුදු කරලා, පව්කරන්න පුරුදු කරලා, හදන්නේ... ඒකද? මේ වටිනා දරුවන්ටත් කරන්න ඕනැ. මේ වාගේ උතුම් තත්වයකට යොමුවු දරුවන්ටත්, තක්කඩි මානව හිමිකම් කියලා සිවුරු අරවන්නද හදන්නේ?
ඡන්දෙට උදව් කළාට දෙන දානයක්.., අනේ පව් අසරණ කොල්ලෝ...
මේ දරුවෝ ඔක්කොම සසර කලකිරිලා සාසනේට අතුලු වුනු නිසා හොඳයි. නැතිනම් මේක ළමා අපචාරයක් විදියට දකින්න තිබුනා.
අනේ මේ හය හතරක් නොදන්නා බාල වයස්කරුවන්ගේ අවම මානව අයිතිය එළිපිට උදුරා ගන්නා අයට වැරැද්ද පෙන්නා දීමට බිය නැති අයෙක් අප රටේ නැද්ද? මෙම අපරාධය තව වසර සියවස් කීයක් අප ඉවසිය යුතුද? එහෙම නැත්නම් ලෝක එක්සත් ජාතික මණ්ඩලයෙන් නියෝගයක් එනතුරු බියගුළු මෝඩයන් ලෙස නොදැක්කා ලෙස ඉමුද?
රන්ජෝ උඹ වත් නැහැ අද මේ වෙනුවෙන් කතා කරන්න.
සම්බුද්ධ ශාසනය නැති කරන්න අන්‍ය ආගමිකයින්ටයි නිරාගාමිකයින්ටයි තියෙන තදබල වුවමනාව දැක්කම ඇත්තටම කරන්න තියෙන්නේ මේ වගේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර තවතවත් වැඩිපුර කරන එක. සම්බුද්ධ ශාසනය තරම් ගැරහුමට ලක් වෙච්ච තවත් ආගමක් මේ රටේ නැහැ. ඒ හින්දා ඉස්සන්ගේ කොමෙන්ට්ස් වලට උත්තර දිය යුතු නැහැ.
මහා අපරාධයක්... දුප්පත් අසරණ ළමයි, අඩුමගණනේ ගුරුවරයෙක්ගේ දරුවෙක්වත් මෙතන නැත..
ඉස්සර අපි විහිලුවට කියනවා පින් තියෙන්නේ පිගානේ කියලා. මේ අහිංසක දරුවෝ වැඩිපුර මහණ කරලා ඇත්තේ පිඟාන පුරවන්න බැරි දුප්පත් දෙමාපියන් විය යුතුයි. තව ටික කලකින් මේ අයවලුන් මහණ දම් පුරන හැටි නිරීක්ෂණයක් කරන්න . ඇත්ත තේරෙයි. ඕනේ තරම් විවේචන තිබේවි. බුදු සසුන අගය තේරුම් ගතහැකි තමන්ට යමක් තේරුම් ගතහැකි වයසට එනතෙක් දරුවන් මහණ නොකළ යුතුයි. අඩු තරමින් අවුරුදු 18ක් වත් යනතෙක්. එතෙක් කල් පන්සලේ ඇබිත්තයෙක් විදියට හිටියට නම් කමක් නැහැ හොද අධ්‍යාපනයක් දෙන ගමන්. එයින් රටට වැඩදායක තරුණයෙක් හරි බිහිවෙයි. එහෙත්.. වෙන ප්‍රශ්න එන්න පුළුවන්.... දන්නවනේ..
අපි මේ දරුවො මහණකරපු එකද වැරැද්ද? දරුවන් තමයි අපි මේ හදලා ගන්නේ...
අනේ පව් මොකුත් නොදන්න දුප්පත් අසරණ පොඩි ළමයි. දෙමව්පියන්ට දුක නැතිද?