IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට

(ඡායාරුප සහ වීඩියෝ -ශාන්ත රත්නායක)

කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ  උත්සවය අද (29) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ මෙම විද්‍යානුකුල කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන යනු ලබයි.

මෙම කොම්පෝස්ට් අංගනයේදී දිනකට කසල ටොන් 500ක් පමණ ප්‍රමාණයක් කාබනික පොහොර බවට පත් කෙරේ.

 



අදහස් (14)

කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට

චමින්ද Wednesday, 30 August 2017 03:27 AM

කවුරු කළත් හොඳ වැඩක්!

:       1       81

Senarath Wednesday, 30 August 2017 03:29 AM

කොහොමද ඖරුධු 2 කට පස්සේ වැඩ ? දැක්කද කොම්පෝස්ට් පැකට්ටුව. අඩුම තරමේ ගොවියටවත් සහනයක් ලැබුනොත් හොද. ඒ මිනිස්සුන එල්ලෙන්න වල නැතුව ඉන්නේ. කෝ කියපු මහකොළඹ සන්වර්දනේ. ඒවා දැන්ම කෙරෙන්නේ නැත්ද ?

:       349       141

lankadeepa patakayek Wednesday, 30 August 2017 03:33 AM

ඕක පටන්ගත්තේ වසර 10 පෙර එම කාලයටම පොහොර පැකට් කිහිපයක් පමණක් හදල ඕකත් බොහොම කල් මරල කරේ මේ කම්මැලි මිනිසුන් ඇමති වරුන් නොමග යවනවා පරිසරයම විනාශ වෙන නිසා මිනිස්සු කුණු කැලෑවට දැම්ම කුණු නැතිව ඕක වැහිලා තිබුනේ

:       35       63

janatha anura Wednesday, 30 August 2017 03:36 AM

ඇඳුමේ කුණු පොදක් වත් ගැවිලා නැහැ මේක බොරුවක් පොහොර පැකට් කඩෙන් අරන් නම ගහල මෙතන පහුගිය කලේ ජ=කිසිම දෙයක් උනේ නැහැ කපුටෝ පමණක් ප්‍රදේශය වහගෙන හිටිය කුණු බෑවේ මුතු රාජවෙලට

:       215       80

sugathWednesday, 30 August 2017 04:06 AM

මොනවා කලත් හොඳක් කියන්නේ නැති ඔබලවගේ අය සමාජයටම පිළිලක්. රටක් දියුණුවෙන්න හැම පුරවැසියෙක්ම සහයෝගය දෙන්න ඕනේ. හැමදේම නිකන් ලබා ගන්න හදන්න හොඳ නැහැ. හුඟක් ටීවී චැනෙල් වල යන්නේ වැරදි හොයන එක විතරයි . යටි අරමුණ කව්රුත් දන්නේ නැහැ.

:       2       193

sampathWednesday, 30 August 2017 11:28 PM

කෙර්වලපිටියට ගෙනියන කුණු මුතුරජවෙලට හලනවා එක උඩින් ගල්පස් දල වහනවා ..මුන් කරන්නේ මහා බොරුවක් මින්ස්සුන්ව නොමග යවන්න ඔය කියන හරියට කටවට් එතුල් වෙන්න තහනම් ..පොඩ්ඩක් හරියට හොයල බලන්න සත්‍ය මොකක්ද කියල ..මේ කරන මහා පරිසර විනාශයට මුන්ට හෙන ගහනවමයි

:       33       20

athura Wednesday, 30 August 2017 03:38 AM

මේ ආණ්ඩුව වැඩක් කරන්නේ නැහැ කියන අයගෙන් අහන්න තියෙන්නේ රටකට අවශ්‍යම මේ වගේ සංවර්දනයද නැත්නම් නැවු එන්නේ නැති වරායවල් වගේ සංවර්දනයද?

:       5       241

sugathWednesday, 30 August 2017 04:08 AM

ඔබ හරියට හරි.

:       13       73

සමන් Wednesday, 30 August 2017 04:52 AM

ඉතින් කො පොහොර හදන යන්ත්‍ර. මෙක මෙහෙමද හදන්නෙ.

:       24       2

arunalu Wednesday, 30 August 2017 05:00 AM

මෙලෝ රහක් නැති ඇමතිවරු, චම්පික ඇමතිතුමාව ආදර්ශයට ගන්නවානම් තමයි හොඳ.

:       2       130

LapayaWednesday, 30 August 2017 05:54 AM

පොහොරත් ගල් අගුරු පාටයි නේද?

:       117       7

aravinda Wednesday, 30 August 2017 02:16 PM

ඉතාමත්ම හොඳ ව්‍යාපෘතියක්. පොඩි අඩුවක් ලෙස මට පෙනේනේ, මේ නිෂ්පාදිත පොහොර ප්ලාස්ටික් උර වල දමා තිබීමයි. හැකිනම් ප්ලාස්ටික් බෑග් වෙනුවට, ඝණකම් කඩදාසි මලු පාවිච්චි කල හැකිදැයි බලන්න.

:       0       48

arunaluThursday, 31 August 2017 08:37 AM

ඉතාම හොඳ අදහසක් ඇමතිතුමනි,.. ඔබගේ අවධානයට.....

:       0       1

sathyayaa Saturday, 02 September 2017 12:16 AM

ඔය වැඩේ කරන්න තිබුනේ ගිය ආණ්ඩු කාලේ. නැව ගිලුනත් බෑන්-චූන් එකෙන් හිටපු මැති ඇමති වරු අලුත් ආණ්ඩුවට එකතුවෙලා අලුගසා නැගිටින්න හදන කාලයක් මේක. මම අභියෝග කරනවා හැකිනම් ඔය පොහොර බෑග් 500ක් එක තැනක ට එකතු කර පෙන්නන්න කියා. අවංකව කරන වැඩක් නම් උරේ අල්ලාගෙන චායාරුප වලට පෙනී ඉන්න උත්සහ කරන්නේ නැහැ. දැන්වත් බොරුව හා ශෝභනය නවතා අතපසුව ගිය වැඩ වහ වහ ඉටු කරන්න. ඒ හරහා පමණයි ජනතාවගෙන් සමාව ගත හැක්කේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site