(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව නෙලී වැව වසාගෙන තිබූ ආක්‍රමණික ජලජ ශාක ඉවත් කිරීම අද (28) ප්‍රදේශවාසීන් එක්ව ආරම්භ කෙරිණි.
වසර 30 කට ආසන්න කාලයක් කිසිදු පිළිසකර කිරීමකට ලක් වී නැති නෙලී වැව පුරා ආක්‍රමණික ජලජ ශාඛ වන සැල්වීනියා, ජපන් ජබර හා තෘණ විශේෂයකින් වැසී තිබූ බව ගැමියෝ පවසති.
කෙසේ නමුත් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැවේ ආක්‍රමණික ජලජ ශාක ඉවත් කිරීම ආරම්භ කර තිබිණි.
මේ සඳහා නෙලී වැව ගොවි සංවිධානයේ ගොවින් හා ගම්වාසින් ස්වේජ්ජාවෙන් තම දායකත්වය දක්වා තිබේ.
ගැමියන් වැවෙන් ගොඩට දමන ආක්‍රමණික ශාක ජේසිබි යන්ත්‍රයක ආධාරයෙන් වැවෙන් ඉවතට ගැනීමට කටයුතු යොදා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් රැල්ලක් කරගනිමුද ?
හොඳ සිතිවිල්ලක් වගේම හොඳ කටයුත්තක්. මේ වගේ ප්‍රවෘත්ති කියවන්න මම හරිම ආසයි. අපේ ගම්වල මිනිස්සු හොඳ ධෛර්යවන්තයි වගේම පරිසරයටත් ආදරය කරනවා. යන්ත්‍ර සූත්‍ර පාවිච්චි නොකර ගැමියන්ගේ ශ්‍රමයෙන් මේ වැඩ කලහම වැවේ පතුලත් ආරක්ෂා වෙනවා, වැවේ ජීවත් වෙන මසුන් සහ වෙනත් ජලජ ජීවීන්වත් ආරක්ෂා වෙනවා. පරිසර හිතකාමී ඔබේ කර්තව්‍යට මගේ ගෞරවයත් ආදරයත් පුද කරනවා. දැන් වැවෙන් ඕව අයින් කරන්නේ අතින්ද?
ඕවා බොරු වැඩ මම නම් දකින්නේ. මේ රටේ මිට වඩා ප්‍රශ්න නැද්ද කරන්න. ඒවා අයින් කරාම මාළු කන්නේ මොනවද. අනික මේවා පොලිටික්ස් කරන අය කරන්න ඕන වැඩ.
මේව බොරු වැඩ වෙන්නෙ කොහොමද. හරිහැටි නොදැන කියන කතා. වැව්වල ජලජ ශාඛ වැවී තිබීම ගොවීන්ට ව වගේම වන සතුන්ටත් ගැටලුවක්. වියළි කලාපය පුරාම මේ තත්වය පවතිනවා. ඉතිං මේ ආකාරයටවත් ඒ වැවිවල ජලජ ශාඛ ඉවත් කිරීම ලොකු දෙයක්.
මොහොමඩ් මම ඔබට කලිනුත් කිව්වා... ආවාට ගියාට අදහස් දමන්න එපා කියලා... මෙය පොදුවැඩක්.. ගමේ ඉන්න මිනිසුන් දන්නවා මොකක්ද කළයුතු වෙන්නේ කියලා.. ගමේ වැඩකදී පිස්සු නටන්න එපා.. දේශපාලනය මෙතනට ගැලපෙන්නේ නැහැ.
මේවා බොරු වැඩ කියන එක්කෙනාගෙන් මම අහන්න කැමතියි ඔයා පාරිසරික ගැටළු ගැන දන්නා තරම ද මේ පෙන්නුවේ කියලා ? මාළු කන්නේ මේ ජලජ පැළෑටි කියලා කවුද ඔයාට උගන්නුවේ ? මොන ඉස්කොලෙන්ද ? යමක් දන්නේ නැතිනම් කාගෙන් හරි අහලා ඉගෙන ගන්න. ඊට පස්සේ හරි දේවල් කතා . මේ පැළෑටි අව්වේ වේලලා ගත්තම නයිට්‍රජන් වලින් ඉතාම පොහොසත් පොහොර බවට පත් වෙනවා. ඒ ක්‍රියාවත් මීට සමගාමිව කරන්න පුළුවන් නම් මේ ඉවත දමන පැළෑටි නැවත පරිසරයට හිතකර අන්දමින් එකතු කරන්න පුළුවන්.