
(යොහාන් භාසුර)
නත්තල් උත්සවයට සමගාමීව වැලිකඩ බන්ධනාගාර නේවාසිකයින්ගේ නත්තල් කැරොල් ගී වැඩසටහන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේද්‍රයේදී පැවැත්විණි.
බන්ධනාගාරගත නේවාසිකයින්ගේ සංගීතයෙන් හා කැරොල් ගීතිකාවලින් සමන්විත වූ මෙවැනි වැඩසටහන් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශේෂ ස්තූතියක් පිරිනැමූහ.
මෙම අවස්ථාවට සහයක රදගුරු ඇන්ටන් රංජිත් හිමිපාණෝ, කොළඹ බන්ධනාගාර උපාධ්‍ය පියතුමන්, බන්ධනාගාර කොසමාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක යන මහත්වරු ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ රැසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd