(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 2කට අධික කාලයක් නැවතී තිබූ කාර්යාල දුම්රිය සේවය අද (08) සිට සාමාන්ය පරිදි ආරම්භ කෙරුණු අතර, සියලු දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කෙරිණි.
දුම්රිය ආසන ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් මගින් දුම්රියෙන් ගමන් ගන්නා අයුරු දැකගැනීමට හැකි වූ අතර ගම්පහ දුම්රිය ස්ථානයේදී සියළුම මගීන්ගේ උෂ්ණත්වය මැනබලා ඇතුළු කර ගන්නා ලදී.
අද (08) දිනයේ කාර්යාල මගීන් පමණක් දුම්රිය ස්ථානයේදී දැක ගන්නට ලැබිණ. නාවික හමුදා සාමාජිකයන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අංශ සාමාජික සාමාජිකාවන් විසින් ද මගීන් ගේ සෞඛ්යආ පුරුදු කෙරෙහි විමසිලිමත් වන අයුරු ද අද දැක ගත හැකි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් නිසා මහජනතාව බිල්ලට දෙන රටක් කෝ? සමාජ දුරස්ථභාවය කීදෙනෙක් ග්ලව්ස් නැතිව යනවද? හැමදාම පුරුද්දට සීට් අල්ලන්න පොරකනවද?
සමාජයේ වයිරසය දැන් නොමැති යයි උපකල්පනය කිරීමට පුළුවන්... ඒත්, පරිස්සම ඉතා වැදගත්... මීටරයේ පරතර තබාගෙන කෝච්චි බස්වල යාම අපේ රටේ ප්‍රායෝගිකව කිරීමට අපහසු දෙයක් බවයි පේන්නේ. ඒ වුණත්, එය කොරෝනාගේ පැතිරීමට හේතුවක්...