IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කුරුඳුවත්තේ අවන්හළක පිපිරීමක් - වීඩියෝ

(ඉන්දිකා  රාමනායක)

කොළඹ රීඩ් මාවතේ පිහිටි   ජාත්‍යන්තර ආහාර සැකසුම්  අවන්හලක්  තුළ   අද (20)   අලුයම  පිපිරීමක් සමඟ ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරිය නිහාල් තල්දූව මහතා පැවසීය.

තුරග තරඟ පිටියේ ප්‍රේක්ෂකාගාරයේ  පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ  මෙම හෝටලය පිහිටා ඇති අතර ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදු සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි හෙතෙම කීය.

ගින්න සැලවීමත් සමගම ගිනි නිවන හමුදාව එම ස්ථානයට ගොස් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇත.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුටවත්   තුවාල  සිදුව නොමැති බවත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටත් තොරතුරු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (9)

කුරුඳුවත්තේ අවන්හළක පිපිරීමක් - වීඩියෝ

පිටිගල මිලානෝ Saturday, 20 November 2021 09:47 AM

හොයාපල්ලකෝ මහ මොලකරුවා දැන්... !

:       11       29

විපරමා Saturday, 20 November 2021 05:00 PM

දූෂිත බලලෝභයින්ට මේ වගේ සුලු ගේම් වලින් වැඩක් නැහැ. ලොකු ලොකු ගේම් ගහන්නේ බලය අල්ලගන්න හිතාගෙන... ලෝකෙම දන්න දෙයක්නේ...

:       25       11

kamal Saturday, 20 November 2021 03:47 PM

කාලයක් වහලා තිබ්බ ව්‍යාපාර පාඩු වෙනවා. රක්ෂණ මුදල්වලින් හරි ඒවා ගොඩගන්නත් එපෑයෑ..

:       8       20

gamiyekSaturday, 20 November 2021 08:03 PM

නගරයටම පමණක් සීමාවූ මැක් ඩොනල්ඩ් රෙස්ටුරන්ට් ගිනිගන්න තුරු මැක් ඩොනල්ඩ් පිලිබදව ගමේ අප දැන සිටියේ නැත

:       1       0

හිටංහුටං Saturday, 20 November 2021 09:06 PM

ඉස්කෝලෙ දවසක් නම් හිතාගන්නවත් බැහැ ජීවිත හානි... රෝයල් එකේ සෑහෙන ළමයින් සහ දෙමාපියන් සංඛාවක් මේකෙන් ආහාර ගන්නවා.

:       0       1

agith Saturday, 20 November 2021 11:42 PM

ගෑස් ටැංකි පිරිවෙන් කීපයක්ම මේ ළඟ ළඟ වුණා වගේ මතකයි.මේ දවස්වල තියෙන්නෙත් ලිට්රෝ ගෑස් විතරයි. ටැංකි ආරක්ෂිතභාවය පිළිබඳව සමාගම සහ රජය විසින් සොයා බලනවා නම් හොඳයි කියලා හිතෙන්නේ

:       1       2

Pitigala milano Sunday, 21 November 2021 08:30 AM

අනේ ජනපති තුමනි මේ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරා ගන්න

:       4       3

IshanSunday, 21 November 2021 09:50 AM

ත්‍රස්තවාදය කෙසේ වෙතත් ජනපතිගෙන් රට බේරගන්න වෙලා තියෙන්නෙ දැන්

:       1       7

ගමේ එකාලාSunday, 21 November 2021 04:03 PM

බලලෝබි, දූෂිත පවුල් පාලන ආණ්ඩුවෙන් රට බේරගන්නයි දැන් වෙලා තියෙන්නේ. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 237 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 430 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site