


(ඔගස්ටින් ප්‍රනාන්දු)
සමස්ත ලෝකවාසි කිතුණුවෝ සෑම වසරක දිම නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය වශයෙන් සලකති.එම මාසය තුළ දි ඔවුහු සිය මිය ගිය ඥාති හිත මිත්‍රාදීන් සිහි කරමින් විවිධ ආගමික කටයුතු වල නිරත වන්නාහ.
මෙම වසරේ චාරිත්‍රාණුකුලව එම සිරිත් විරිත් ඉටු කිරිමට කොරෝනා වසංගතය මත තහංචි වැටී ඇති නමුත් සෞඛ්‍යරක්ෂිත නීති රීතිවලට අනුගතව කිතුණුවන් ජීවත්වල පෙදෙස් වල සොහොන් බිම් කරා සිය ආගමික නායකයින් සමග සීමිතව පැමිණි කිතුනුවන් මලවුන් වෙනුවෙන් ආගමික වතාවත්වල නිරතවනු අද (2ද) අලුයම් කාලයේ පටන් දැක ගත හැකි විය.
මේ අනුව බණ්ඩාරවත්ත මිසමේ පාලක කෝළිත සුමේධ පියතුමන් සමග පැමිණි පිරිසක් හලාවත මැරවල සොහොන් බිමෙහි මිහිදන් කර සිටින සිය ඥාතින් වෙනුවෙන් ආගමික වතාවත් හි නිරත වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ කිතුණුවෝ මළවුන්ගේ දින සමරන්නේ නැත. මෙය සිදුකරන්නේ කතෝලිකයන් පමණි.
සැබෑ කිතුනුවා? ඊයේ පෙරේදා සභාවක් පටන් ගත්ත අයද, නැත්තන් ශුද්ධ වු පේදුරුතුමාගෙන් පැවත එන අයද? එහෙමත් නැත්තන් බයිබලය වචනාර්ථයන් කට පාඩම් කරගෙන සැබෑ දේව ධාර්මීක වටිනාකම් ඉවතලන අයද?