
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ඉන්ධන ලබාගැනීමට පළමු මගී ප්‍රවාහන නෞකාව අද (25) එම වරායට සේන්දුවිය.
‘නැවිගේටර් ඔෆ් ද සීස්’ නැමැති මෙම නෞකාව එම වරායට සේන්දුවීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉන්ධන සැපයීමේ සේවාවන්හී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවත් එම නෞකාවේ සිටින පුද්ගලයන් 217 සෞඛ්‍ය හේතූන් මත නෞකාවෙන් පිටත පැමිණීමෙන් වැළකී සිටි බවත් එම වරාය පවසයි.
ඊජිප්තුවේ පෝට් සෙයිඩ් සිට දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබියදී ඉන්ධන ලබාගැනීම සඳහා හම්බන්තොට වරායට එම නෞකාව ඇතුල් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඇති යන්තන්. අපි බය වුනා ඒ නෞකාවෙන් මගීන් ගොඩබැස්සනම් හම්බන්තොට කොරෝනා නව පොකුරක් බිහිවේවි කියලයි
වත්ත බද්දට දීලා ඇස්සට තද නියවමු අපි...
මේ මොන බොරුවක්ද? අපේ රටේ මනුස්සයින්ටත් නැති ඉන්ධන කොහොමද මේ නැව්වලට ගහන්නේ? ලෝකයේ පළමු වතාවට සංචාරක නැවක් ඉන්ධන ලබාගැනීමට වරායකට සම්ප්‍රාප්ත වූ බවයි. මොකක්ද මේක පිටුපස සිද්ද වෙන්නේ?
දැක්කද? එක නැවක් ගෙන්න ගත්තා. එක වැවක්වත් එන්නේ නෑ කියූ ඉරිසියාකාරයින්ට නියම පිළිතුර සර්...
පළමුවතාව ගැන ලොකුවට කියනවා. කොරෝනා වසංගතයෙන් ජීවිත වැඩියෙන්ම නැතිවෙන පළමු තැනේ ඉන්නෙත් අපි.
දවසකට ඉස්සෙල්ලා අපේ අගමැති කිව්වා ගන්න තෙල් නැතිව හුඟක් රජයේ වාහන කොටඋඩ කියලා. පච කෙළින එකටත් රටාවක් තියෙනවලු නේද?
නැවකට අවශ්‍ය දෙවල් ලබාගන්නේ ඒ නැව් සමාගමේ ඒජන්ත හරහා වන අතර ඔවුන් අනුමැතිය ගන්නේ වරාය අධිකාරිය බැවිනි, එය ජාත්‍යනතර මට්ටමින් සිදුවන්නක් අතර ඒ ඒ රටවල් නීතියෙන් බැදී සිටින අතර දේශපාලනයට කිසිත් කල නොහැක. විශේෂයෙන් අරාබි කලාප රටක. තවද නැව්වලට ගමන් කිරීම සඳහා භාවිතා කරන්නේ බොරතෙල් වේ
නැව් වල තියෙන්නේ ඩිසල් එන්ජිමක්.
කොහොමද අපේ සර්ලගෙ පවුලේ නැව.?
අපි තමයි හොදටම කෙරුවේ.
අවු10 ඇතූලත චිනා කොළඹ වරායට එන නැවු හමිබන්තොටට ගන්නවා මේ අය උඩබලාගෙන ඉන්නවා.