
ඓතිහාසික කූරගල සාක්‍යසුගත මහ සෑයට නිදන් වස්තු තැන්පත් කිරිම ජනාධාපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.
උසින් අඩි 125ක් පමණ වන මෙම සෑය සබරගමුවේ විශාලතම සෑය ලෙස හැදින්වේ. මෙම චෛත්‍යය දිස්ත්‍රික්ක හයකට දර්ශනය වන බව කුරගල ගොඩනැංවිම භාර වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .
පෙර පන්සියයක් මහා සංඝරත්නය සහභාගී කරවමින් සෙත් පිරිත් දේශණාවක් පෙරදින රැය පහන්වන තුරු පැවැත්විණි. මෙවර ජාතික වෙසක් උත්සවය ද කූරගලදී පැවැත්විමට නියමිත අතර එදින මෙම චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමට නියමිතය.
(ඡායාරූප: ගයාන් අමරසේකර )











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ රට පුණ්‍ය භූමියක් කළා
ලබන ආත්මයේ වත් මොලය පෑදේවා
සාදු සාදු සාදු. පින්බර දසුනක්.
ශ්‍රේෂ්ඨ පින්කමක්. ක්‍රි.ව. 2වන සියවසේ මෙතැන රහතන් වහන්සේලාට පුදනකොටත් මෙහෙම සුන්දරත්වයක් තියෙන්න ඇති.
බිඳී ගිය අතීතය යලි ගොඩ නැගෙන්නා සේ, බිඳී ගිය ආර්ථිකය, ජවය, සමඟිය වැඩේවා! ලැබුනු වසරේ සැමගෙ ජීවිත සතුට සාමය පිරී යේවා!! කතෝලික අපෙන් බෞද්ධ ඔබට සුභාසිංශන.
වෙහෙර වහන්සේට කලින් හෙලිකොප්ටර් අංගනය අවසන් කරලා වගෙයි. මේකත් දේශපාලනීකරණය කරලා බවයි පෙනෙන්නේ....
ඔය රාජපක්ෂලාට බනින මෝඩයින්ට කියන්නේ. මෙන්න වැඩ සදහටම මෙරටේ පාලනය දෙන්න ඕනේ රාජපක්ෂ වරුන්ටයි
ප්‍රාණගාත නඩු ඇති කෙනෙක් මේ වැඩේට සුදුසු වන්නේ කෙසේද? වෙනත් කවුරුත්ම නැද්ද?
හරි අපි ලබන සැරේත් රජපක්ෂලාට ඡන්දෙ දෙමු..
කාලයක් ඔතැනට යන්න බැරුව හිටියා. බෞද්ධ යැයි කියපු අය ඇස්, කන් පියන් හිටියා. ආර්ථික ප්‍රශ්න එකට එකතුවෙලා විසඳන්න ලැබේවා... නායකයින්ව මර නින්දෙන් ඇහැර වූ, දායක වූ ස්වාමීන් වහන්සේලාට, දායක වූ ජනාධිපතිතුමාට සහ සැමට, ආරක්ෂක හමුදාවන්ට පිං ලැබේවා..!
දැන් ඉතින් රටේ ප්‍රශ්න සේරම ඉවරයි.
නිධන් වස්තු? කෝ මේ සජිත්..?
කන්න නැතුව ගැස් නැතුව පොලිම් වල ඉන්න මිනිසුන්ට මේවා දකිනවිට මොනවා හිතෙනවා ඇද්ද?
පරිසරයට වෙන හානිය සොයා බැලුවද?
SHSN අහන්නේ පරිසරයට වෙන හානිය සොයා බැලුවාද කියලා නේද? මම අහන්නේ මෙම ගල් පර්වතයේ මෙම කටයුතු අරඹන විට විනාශ කර තිබුණු ඉපැරැණි සෙල්ලිපි විශාල ප්‍රමාණයක් විනාශ කරන විට තමුන් මොකද කලේ කියලයි... (මම අහලා තියෙනවා මින් පෙර මෙහි සිටි අය ඒවා අධි සැර රසායනික යොදාගෙන විනාශ කළ බවක්...)