IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය දක්වමින් තරුණයෝ පිරිසක් කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට  අද  (02) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘සංගා - මහේල දං ගොඩියට’ සහ ‘ක්‍රීඩක දඩයම වහා නවතනු’ ලෙස විරෝධතා පුවරුව ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධතාව දැක්වූහ. මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට හිටපු ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර තිදෙනාම ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සාක්‍ෂි ලබා දී තිබේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 

 

 

 

 



අදහස් (22)

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය

thisara samaradivakara Thursday, 02 July 2020 11:07 AM

සංගක්කාර සල්ලි ගෙවලා එවපු කට්ටියක් බෝඩ්ලෑලි අල්ලාගෙන...

:       4304       1564

Binunndaa Thursday, 02 July 2020 06:25 PM

මේක ලියා ඇත්තේ කවුද?

:       1       1

vinividaThursday, 02 July 2020 11:55 PM

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව හෝ වෙනත් තරගාවලියක් මුදලට පවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය දක්වන්නේ මක්නිසාදයත් ගැටලුවකි. මෙතෙක් ක්‍රිකට් පරිපාලනය එහි නිලධාරීන් පිළිබඳව බොහෝ චෝදනා එල්ලවිය. එම චෝදනාවල සත්‍ය අසත්‍ය බව සහ කවුරුන් හෝ වරදක් කර ඇතිනම් දඬුවම් පැමිණවීමට සහ ක්‍රීඩකයින් සහ නිලධාරීන් පමණක් නොව එම ආයතනය පිළිබඳව සමස්ත රටවැසියාට තිබෙන්නා වූ සැකය නැතිකර ගැනීමට මෙය අවස්ථාවක් කරගන්න. වැරදි කර නොමැතිනම් බියවන්නේ කුමටද? සංගා - මහේල දං ගොඩියට’ සහ ‘ක්‍රීඩක දඩයමක් සිදුවන්නේ නැත. මෙම පරීක්ෂණය ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට සීමා නොකර සියලු ක්‍රීඩකයන් ගෙන්වා ප්‍රශ්නකළ යුතුවේ. මේ වනවිට දේශපාලනයේ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ද රටවැසියා තුළ ඇත්තේ බලවත් කණගාටුවකි. වරදක් ඇත්නම් එය නිවැරදි කළ හැක්කේත් ක්‍රීඩකයින් හටම පමණි. මහේල සංගක්කාර වැනි ක්‍රීඩකයින් වෙනත් රටවල තනතුරු ලබාගන්නවාට වඩා ලංකාවේ ක්‍රිකට් නංවාලීමට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ තනතුරු ලබාදීම කළයුතු වේ..

:       106       5

SiripalaFriday, 03 July 2020 02:55 AM

ඔබ ඔබේ වැඩක් කරගන්න.

:       0       74

vinividaFriday, 03 July 2020 11:42 AM

ලෝකයේ වෙනත් රටවල ක්‍රීඩකයන් සහ නිලධාරීන් එම රටවලට ගරුත්වය ලබාදෙන්නේ තරගයක් දිනීමෙන් පමණක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩාවක් වශයෙන් සමතුලිතව පත්වාගෙන යාමෙන් සහ පිරිසුදු ක්‍රීඩාවක් මෙන්ම ආදර්ශමත් කාර්යක්ෂම පරිපාලනයක් පවත්වාගෙන යාමද වැදගත් වේ. ලෝකයේ ක්‍රිකට් ගසන්නන් සිටින්නේ ලංකාවේ පමණක් නොවේ. ලංකාව සහ ක්‍රීඩකයන් ලෝකය අතරට මෙතෙක් ගෙන ගියේ ක්‍රිකට් නිසාවෙනි. ක්‍රිකට් ආයතනය නිවැරදිම පිරිසිදු කළයුතුව ඇත... ක්‍රිකට් ආයතනය පිරිසිදු කිරීමට ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ ඔහුගේ රජයේ ඇමතිවරුන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් ක්‍රිකට් පරිපාලනයේ සිටින නිසාද? ලෝකයේ නමක් තබන ලද සංගක්කාර, මහේල ජයවර්ධන, මුරලි, ජයසූරිය වැනි ක්‍රීඩකයන් ඔවුන්ව ලෝකයට ඔසවා තැබූ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියට පැමිණ තනතුරු බර නොගන්නේ මන්ද? සියලු ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විශේෂයෙන් පාසල් සිසුන් අතර තරුවී ඇති ඔබලා සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඉදිරියට පැමිණිය හොත් රටේ සියලු ක්‍රීඩා ලෝලීන් ඔබලා සමග අත්වැල් බැඳගනු ඇත... ඔබලා ලෝකයේ තරුබවට පත්කළ ක්‍රීඩාව මතු පරපුරට ආරක්ෂා කරදීම ඔබලාගේ වගකීමක් මෙන්ම යුතුකමකි.

:       3       1

VINIVIDA COLOMBOFriday, 03 July 2020 01:29 PM

ක්‍රිකට් ක්‍රීඩාව වහාම සිරිපාලලාගෙන් බේරාගත යුතුවේ. අනාගත තරුණ ක්‍රිකට් පරපුර වෙනුවෙන් එය කළයුතුම වේ...

:       0       1

liyanage Saturday, 04 July 2020 01:49 AM

පසුගියදා සමගි ජනබලවේගයේ නායක සජිත්ගේ දේශපාලන වේදිකාවකදී සජිත් ඉදිරිපිටදී නිරෝෂන් පාදුක්ක කියාසිටියේ ලංකාවේ ක්‍රිකට් මුදලට විකිණී ඇතිබවකි. ක්‍රීඩකයෙකුගේ බිරිඳක් සහ තවත් පුද්ගලයකු කළුතර පාලම මතදී මෙම ගනුදෙනුව කර ඇති බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය. ඔහු මේ සියලු ගනුදෙනු දන්නේ කෙසේද කියා සොයා බැලීමක් කළයුතුව ඇත. මහිනදානන්දට මෙන්ම නිරෝෂන් පාදුක්කත් කිසිවක් දැන මෙතෙක් නොකියා සිටියේ මන්ද කියා රටේ ජනතාව දැනගත යුතුව ඇත. මෙම දේශපාලකයින්ගේ කියුම්වල සත්‍ය අසත්‍ය සොයා බලා ක්‍රීඩකයන්ගේ නිවැරදි බව සහ ක්‍රීඩාවේ ගරුත්වය ආරක්ෂා කරගැනීම ජනාධිපතිවරයාගේ සහ රජයේ වගකීමකි. මෙම හෙළිදරව් කිරීම් දේශපාලන වේදිකාවෙන් නතර නොවේවා...!!!

:       0       0

sam Thursday, 02 July 2020 11:11 AM

ඇයි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බය...? වැරැදි නැතිනම් බය නැතිව උත්තර දෙන්න. ප්‍රශ්න කරපු පලියට සැකකරුවොත් නෙවෙයි. අනික ඔය සැකය කාලයක් තිස්සේ එන කතාවක්... ඔය ප්‍රශ්නය දැන්වත් විසඳන එක හොඳයි.

:       1013       808

PereraThursday, 02 July 2020 07:00 PM

ක්‍රීඩකයෝ එක්කෙනෙක්වත් ප්‍රශ්න කරනවට කිසිම බයක් නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය සංගා ICC එකේ සභාපති වෙන්න තියෙන වරම, මේ පලහිලව්වෙන් සැකයක් උපද්දවලා ඒ අවස්ථාව ඔහුට අහිමි කිරීමේ කූට දේශපාලන වැඩපිළිවෙළයි..

:       1       222

Widura Thursday, 02 July 2020 11:37 AM

චෝදනාවක් තියෙනවා නම් ඒක විභාග කළාම මොකද වෙන්නේ...? නීතිය කියන එක හැමෝටම පොදුවෙන්න ඕනේ... මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. සංගාලා, මහේලලා හොරකම් කර නැති නිසා කිසිම දෙයකට බියවෙන්න දෙයක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ.

:       5       346

San80Friday, 03 July 2020 03:40 AM

ප්‍රශ්නෙ තියෙන්නේ සමහරුන්ට ප්‍රශ්න කරන්න එන්න කියන එකයි. සමහරුන්ගෙ ගෙවල්වලට ගිහින් ප්‍රශ්න අහන එකයි. එය සැමට සමාන විය යුතුයි.

:       0       124

janahitha Friday, 03 July 2020 04:55 AM

තරග මුදලට යටවී ඇති බව කියන්නේ ICC එක සුද්දයි කියන්නේ... එහෙම නැතිව ඔය චිට් ඇමැතිලා නොවේ.

:       0       11

Raveendra Thursday, 02 July 2020 12:00 PM

තමන් වැරදි කර නැත්නම් අදාල අංශවලට සහායදී තමාගේ නිවැරදිතාවය රටටම ඔප්පු කිරීමට මේ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක්.. මේ මොකටද බෝඩ් එල්ලගෙන. විකාර.... මේ කවුරුවත් රටේ දියුණුව වෙනුවෙන් බෝඩ් එල්ලයිද ..?

:       0       0

Bamunuarachchi Thursday, 02 July 2020 01:24 PM

පැමිණිල්ලක් තිබෙන විට අදාල පුද්ගලයින් ගෙන්වා සාක්කි විමසීම සාමාන්‍ය දෙයක්. එයින් අදාළ පුද්ගලයිගේ නම් පවා පිරිසිදු වෙනවා.

:       20       0

Aruna Thursday, 02 July 2020 02:42 PM

ඔය කියන තරගයේ අන්තිම ඕවර කිහිපයේ සංගක්කාරගේ මුහුණේ ඉරියව් මතක නම් වරදක් ඇතැයි කියා හිතේවි...

:       2       0

Bandula Thursday, 02 July 2020 10:54 PM

ඇත්තටම අවංක පරීක්ෂණයක් කරන්න වුවමනාව තියෙනවා නම් වැඩකරන විරුවා මේක ICCඑකට බාරදෙනවා. මේක තනිකරම දේශපාලන ගේමක්. මහින්දානන්ද දැන් මහින්දගෙන් ගැලවිලා ගෝඨා වෙනුවෙන් පෙනී සිටින්නේ... කවුරු වෙනුවෙන් කඩේ ගියත් හොරුන්, බොරු කාරයින්ගෙන් වැඩක් නැහැ. මේ අය ආයෙත් අපිට සෞභාග්‍යය උදාකරන්න ‘වැඩකරන විරුවා‘ පෙන්නලා ඡන්දෙ කරනවා. වැඩ බැරි අය පත්කළාම ඕකතමයි වෙන්නේ.

:       1       31

ලුම්බිණි Friday, 03 July 2020 02:21 AM

මහින්දානන්ද අලුත්ගමගේ ඇමති වෙනකම් දැනගෙන ඉඳලා නැහැ මේක...

:       0       100

BamunuarachchiSunday, 05 July 2020 06:14 AM

කරුණා අම්මාන් කියනකම්ම ඔහෙලා දැනගෙන සිටියේ නැහැ නේද? කරුණා අම්මාන් අපේ සොල්දාදුවන් 3000ක් මැරුවා කියලා. දැන් පේනවද ගොබ්බයින් කව්ද කියලා...?

:       0       0

himal Friday, 03 July 2020 03:14 AM

මෙතන ගැටළුව චෝදනාවට පිළිතුරු බැඳීම නොවේ. ඇමතිට එක විදිහකට කට උත්තර ගැනීමත් ක්‍රීඩකයින්ට තව විදිහකට ගැනීමත්. 2011 ක්‍රීඩා ඇමති විදිහට මේ ගැන ඒ කාලේ එළියට ඇද්දේ නැති දෙයක් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර තරග කරන්න හදද්දි අදින්න හදන්නේ ඇයි..? ඒ ගැන සාක්කි තිබේ නම් ඒවාට ඒ කාලේ මොකද වුනේ? එතකොට තරග පාවාදීමක් වුණා නම් ක්‍රීඩකයින්ව ඒකට පොළඹවපු අය කවුද ඒ අයගේ නම් එළියට මුලින්ම නොදාන්නේ ඇයි?

:       0       506

janahitha Friday, 03 July 2020 04:53 AM

මේවද රටේ තියෙන... ප්‍රශ්න ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බෝඩ් ලෑලි අල්ලන අය තවමත් මේ රටේ ඉන්නවා. පසුගිය කාලේ ඕක පසුබැසීමට හේතුව තරග පාවාදීම මුදලට ICC එක කියන්නේ දූෂණයට ලක්වුණු මේ සුද්දගේ සෙල්ලම රට තුළ තහනම් කළ යුතුය. ඔවුන් සියලු දෙනා එකතු කර එළවලු පාත්තියක් හැදුවා නම් රට ගොඩ...

:       320       9

Kap Saturday, 04 July 2020 11:39 AM

මෙතනත් බයියන් බෙර වයමින් හොරණෑ වයති. වහල් භාවය පෙන්වන්න මීට වඩා උදාහරණ වැඩක් නැහැ.. හොර දේශපාලකයින් ගෙදරට පොලිසිය ගෙන්වාගෙන සාක්කි දෙනවා. වැදගත් මිනිස්සු පොලිසියට ගිහින් දෙනවා. බමුණා වගේ බයියන් ඒවා අනුමත කරනවා..

:       0       107

BamunuarachchiSunday, 05 July 2020 06:12 AM

කවදත් කියන්නේ මේ වගේ කතාවක් නිසා මේකට පුදුම වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site