ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය දක්වමින් තරුණයෝ පිරිසක් කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (02) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.
‘සංගා - මහේල දං ගොඩියට’ සහ ‘ක්‍රීඩක දඩයම වහා නවතනු’ ලෙස විරෝධතා පුවරුව ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධතාව දැක්වූහ. මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට හිටපු ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර තිදෙනාම ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සාක්‍ෂි ලබා දී තිබේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගක්කාර සල්ලි ගෙවලා එවපු කට්ටියක් බෝඩ්ලෑලි අල්ලාගෙන...
ඇයි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බය...? වැරැදි නැතිනම් බය නැතිව උත්තර දෙන්න. ප්‍රශ්න කරපු පලියට සැකකරුවොත් නෙවෙයි. අනික ඔය සැකය කාලයක් තිස්සේ එන කතාවක්... ඔය ප්‍රශ්නය දැන්වත් විසඳන එක හොඳයි.
චෝදනාවක් තියෙනවා නම් ඒක විභාග කළාම මොකද වෙන්නේ...? නීතිය කියන එක හැමෝටම පොදුවෙන්න ඕනේ... මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. සංගාලා, මහේලලා හොරකම් කර නැති නිසා කිසිම දෙයකට බියවෙන්න දෙයක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ.
තමන් වැරදි කර නැත්නම් අදාල අංශවලට සහායදී තමාගේ නිවැරදිතාවය රටටම ඔප්පු කිරීමට මේ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක්.. මේ මොකටද බෝඩ් එල්ලගෙන. විකාර.... මේ කවුරුවත් රටේ දියුණුව වෙනුවෙන් බෝඩ් එල්ලයිද ..?
පැමිණිල්ලක් තිබෙන විට අදාල පුද්ගලයින් ගෙන්වා සාක්කි විමසීම සාමාන්‍ය දෙයක්. එයින් අදාළ පුද්ගලයිගේ නම් පවා පිරිසිදු වෙනවා.
ඔය කියන තරගයේ අන්තිම ඕවර කිහිපයේ සංගක්කාරගේ මුහුණේ ඉරියව් මතක නම් වරදක් ඇතැයි කියා හිතේවි...
ඇත්තටම අවංක පරීක්ෂණයක් කරන්න වුවමනාව තියෙනවා නම් වැඩකරන විරුවා මේක ICCඑකට බාරදෙනවා. මේක තනිකරම දේශපාලන ගේමක්. මහින්දානන්ද දැන් මහින්දගෙන් ගැලවිලා ගෝඨා වෙනුවෙන් පෙනී සිටින්නේ... කවුරු වෙනුවෙන් කඩේ ගියත් හොරුන්, බොරු කාරයින්ගෙන් වැඩක් නැහැ. මේ අය ආයෙත් අපිට සෞභාග්‍යය උදාකරන්න ‘වැඩකරන විරුවා‘ පෙන්නලා ඡන්දෙ කරනවා. වැඩ බැරි අය පත්කළාම ඕකතමයි වෙන්නේ.
මහින්දානන්ද අලුත්ගමගේ ඇමති වෙනකම් දැනගෙන ඉඳලා නැහැ මේක...
මෙතන ගැටළුව චෝදනාවට පිළිතුරු බැඳීම නොවේ. ඇමතිට එක විදිහකට කට උත්තර ගැනීමත් ක්‍රීඩකයින්ට තව විදිහකට ගැනීමත්. 2011 ක්‍රීඩා ඇමති විදිහට මේ ගැන ඒ කාලේ එළියට ඇද්දේ නැති දෙයක් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර තරග කරන්න හදද්දි අදින්න හදන්නේ ඇයි..? ඒ ගැන සාක්කි තිබේ නම් ඒවාට ඒ කාලේ මොකද වුනේ? එතකොට තරග පාවාදීමක් වුණා නම් ක්‍රීඩකයින්ව ඒකට පොළඹවපු අය කවුද ඒ අයගේ නම් එළියට මුලින්ම නොදාන්නේ ඇයි?
මේවද රටේ තියෙන... ප්‍රශ්න ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බෝඩ් ලෑලි අල්ලන අය තවමත් මේ රටේ ඉන්නවා. පසුගිය කාලේ ඕක පසුබැසීමට හේතුව තරග පාවාදීම මුදලට ICC එක කියන්නේ දූෂණයට ලක්වුණු මේ සුද්දගේ සෙල්ලම රට තුළ තහනම් කළ යුතුය. ඔවුන් සියලු දෙනා එකතු කර එළවලු පාත්තියක් හැදුවා නම් රට ගොඩ...
මෙතනත් බයියන් බෙර වයමින් හොරණෑ වයති. වහල් භාවය පෙන්වන්න මීට වඩා උදාහරණ වැඩක් නැහැ.. හොර දේශපාලකයින් ගෙදරට පොලිසිය ගෙන්වාගෙන සාක්කි දෙනවා. වැදගත් මිනිස්සු පොලිසියට ගිහින් දෙනවා. බමුණා වගේ බයියන් ඒවා අනුමත කරනවා..