
(අතුල බණ්ඩාර)
කිසියම් අනතුරකට ලක්ව මාසයක ආධික කාලයක සිට ප්‍රතිකාර ලබ මින් සිටි ඇතකු බැකෝ යන්ත්‍ර මගින් නැගිට්ටුවීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.
වවුනියාව පුදූර් ප්‍රදේශයේ කුඹුරුක ඉතා දුර්වල තත්ත්වයෙන් වැටී සිටින ඇතකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීහු මේ දිනවල මහත් පරිශ්‍රමයක් දරති.
නැගිට ගැනීමට නොහැකිව මසකට වැඩි කාලයක් තිස්සේ වනජීවී නිලධාරීන්ගේ ප්‍රතිකාර නිසා තවමත් ඇතා ජීවත්වන බව වනජීවී නිලධාරීහු කියති.
බිම වැතිරි සිටිම නිසා ශරීරයේ තුවාල හටගෙන ඇති එම තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා ඇතා නැගිට්ටුවීමට පියවර ගත් බව ද වනජීවිය කියයි.
මෙම ප්‍රතිකාර කටයුතු සඳහා යුද හමුදාවේ ද සහාය ලැබෙන බව වනජීවිය පවසයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා!
ඉක්මන් සුව ලැබේවා
නැගිට්ටවන්න පුලුවන් උන එකනම් ගොඩක් සතුටුයි
ඉක්මන් සුවය ලැබේවා!
අනේ මේ අහිංසක සතාට ඉක්මන් සුවය ලැබේවා....ප්‍රතිකාර කරන සැමටම යහපතක්ම වේවා.
නිකමට බලන්න, මේ මඩේ එරිලා ඉන්න දුබල සතාව ගොඩ ගන්න මිනිසුන් කීදෙනෙක් මහන්සි වෙනවද? හැබැයි ඉතින්, මේ සත්ව කරුණාව තියන මිනිස්සුන්ට මානව කරුණාව නොමැති එක තමා ප්‍රශ්නේ?
සත්ව කරුණාව දෝරේ ගලනවා. බැරි වෙලාවකවත් දිග දළ ඇති, ඇතෙක් වුණානම් වෙන දේ කියලා වැඩක් නැහැ...
අනේ මඩෙන් ඉස්සුවාට කමක් නැ.. දළ දෙක නම් උස්සන්න එපා. දැනටමත් වලිගේ උස්සලා වගේ පේනවා...