
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 48-ඩි සහ 48-ඊ යටතේ පුරා මාස 18 කට අධික කාලයක් උපදේශකයින් රැසකගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ට වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් අසමසම හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයින් 144 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විසිරයන කමාන්ඩෝ භටයින්ගේ දෙමාපියන් සහ ඥාතී හිතමිත්‍රාදීන් පිරිසක් සහභාගි වූහ.
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කමල් ධර්මවර්ධන සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජනක සමරසේකර විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.
ඉන් අනතුරුව සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයෙන් යුද හමුදාධිපතිතුමන් විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැඳුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළේය. ඉන් පසුව විසිරයන කමාන්ඩෝ භටයින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය යුද හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය.
දුෂ්කරවුත්, කටුකවුත්, විශේෂිත වු පුහුණුවක් හදාරා විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකු වෙමින් දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීමට ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට කමාන්ඩෝ ලාංඡනය ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ළඟම ඥාතීන්ගේ සුරතින් පැළඳ වූහ.
සුවිශේෂි පුහුණුවක් හැදෑරීමෙන් අනතුරුව විශිෂ්ටයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සංකේතවත් කරමින් ලෝකයේ විශේෂිත හමුදා සෙබලුන් පමණක් පළදින ‘මෙරූන් හිස්වැසුම’ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසිරයන කමාන්ඩෝ භටයින්ට ප්‍රදානය කළහ.
ඉන් අනතුරුව, පුරා මාස 18 කට අධික කාලයක් පැවති කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේ විශිෂ්ටයන් අතරින් විශිෂ්ටයින්ට කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය.
පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මාන ලුතිනන් ටි.එම්.සී.එම්.බී. තෙන්නකෝන් හිමිකරගත් අතර දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවා ලෙස ලුතිනන් සී.එල්. ජයතුංග සම්මාන හිමිකරගත්තේය.


























2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කමාන්ඩෝ භටයෝ 157 ක් විසිර යති
Nitro Monday, 21 February 2022 02:49 PM
අංක එක හමුදාව ශ්‍රී ලංකා හමුදාවයි.
Don perea Monday, 21 February 2022 03:33 PM
මෙච්චර හමුදාවක් මොකටද?
kumaraTuesday, 22 February 2022 11:12 AM
ඔයා ජවිපයද?
kamalTuesday, 22 February 2022 11:14 AM
නිදහස් දාට සැලියුට් ගස්සවාගන්න කට්ටිය ඕනෑනේ.. ඒකයි...
ලුම්බිණි Tuesday, 22 February 2022 05:02 AM
දැන්වත් හමුදාවට බඳවා ගන්න එක අඩු කලොත් නරකද?