






(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනආරච්චි)
කොවිඩ් 19 වසංගතය සමග වසා දමන ලද කුමන ජාතික වන උද්‍යානය අද(22) සිට දේශීය සහ විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට වනජීවි දෙපාර්මේන්තුව කටයුතු කර තිබේ.
පෙරවරු 6.00 පමණ වනවිට උද්‍යානයේ පිවිසුම් දොරටුව විවෘත කෙරිණි.
වන උද්‍යානයට ඇතුළු වෙන ස්ථානයේදි නිරෝදායන නීතිවලට යටත්ව පැමිණෙන ජනතාවගේ උෂ්ණත්වය බැලීම, අත් සේදීම සහ මුඛ ආවරණ පැළඳීම නිසි අයුරින් කර ඇතැදැයි එහි නිලධාරීහු සොයා බැලූහ.
නැගෙනහිර වනජීවි සහකාර අධ්‍යක්ෂක ජී.යු.සාරංග මහතා උද්‍යානය යළි විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ මෙසේ කීය.
‘කොවිඩ් උවදුර නිසා වසා දමා තිබුණු කුමන ජාතික වන උද්‍යානය අද දිනයේදි අපි විවෘත කිරීමට කටයුතු කළා. රජය ලබාදුන් නිරෝධායන නීතිවලට අනුකූලව තමයි මෙම වන උද්‍යානය ඇතුළට යන්න පුලුවන්. ඒක නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම වනඋද්‍යානය තුළට පැමිණෙන විට සෞඛ්‍ය දෙපාර්මේන්තුව දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න කියලා’ යැයි ඔහු පැවසීය.
වන උද්‍යානය ආරම්භයේ පැමින දේශිය සංචාරකයෙක් වන වෛද්‍ය ආසිරි දිසානායක මහතා මෙසේ කීය.
‘කොවිඩ් තත්වය නිසා වසා දමා තිබුණු කුමන ජාතික වන උද්‍යානය අද ආරම්භ කිරීම පිළිබඳව ඇත්තටම අපි රජයට ස්තුතිවන්ත වෙනවා. මාස තුනකින් පසුව පළමුව වන උදයානයට යෑමට පැමිණිලා තියෙන්නේ අපි ඒ ගැනත් හරිම සතුටුයි. ඒකාකාරි ජීවිතයෙන් මිදෙන්න මේ සංචාරය ඉතා වැදගත් කියල තමයි අපි කියන්නේ. මම වෛද්‍යවරයෙක් හැටියට පැමිණෙන සංචාරකයින් ගෙන් ඉල්ලා සිටිනවා රජය දි ඇති උපදෙස් අනුගමනය කරමින් මෙම කුමන ජාතික වන උද්‍යානයට පැමිණෙන ලෙස’ යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් කාලයක් කොහෙද දෙවියනේ මේ සොබාදහමේ ආශ්චර්යයන් පෙන්වන දසුන් සඟවාගෙන තිබුනේ.. අපි ඇත්තටම හරිම වාසනාවන්තයින් ජීවිත කාලයේ එකම එක වතාවක්වත් මේ දසුන් දැකගන්නට ලැබීමම... අවාසනාවකට මට මේ අවස්ථාවන් 'විඳින්නට " ඉඩ ලැබේවිදෝ කියා ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. මේ කොරෝනා ප්‍රශ්න නිසා... කමක් නැහැ. මේ සොඳුරු දසුන් නරඹලා ඔබ ලබන සතුටෙන් ටිකක් විතර මට දෙන්න කැමතිනම් විතරයි. කිඹුල් තඩියා මැරිලා වගේ ඉන්නේ කාව හරි බයිට් එකට ගන්න. ඊට පස්සේ ෆොටෝවල ඉන්නේ " සියක් කාරයෝ " කියන අයනේද..? ඒ අය සංඝටන පක්ෂීන් කීවට දැන් අපේ රටෙන් " ජාතිකත්වය " අරගෙන. අපි දුප්පත් රටක් කියලා ඒ අය දන්නේ නැහැ. ඒ ගොල්ලෝ හිතන්නේ මේ ලෝකයේ පොහොසත්ම රට කියලා. 3 වෙනි ෆොටෝඑක කොහොමද ... වතුරේ ඉන්න ඕනෑ කිඹුල්ලු දුපත අල්ලාගෙන. දුපතේ හිටපු කුරුල්ලන් වතුරට බස්සලා. ඊළඟ ෆොටෝඑකේ ඉන්න කෙනා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නම් වෙන්න බැහැ. මෙයාට මොලේ තියෙනවා. මුව පොව්වා පුරුදු පරිදිම තමන්ගේ ආරක්ෂාව ගැන තමයි කල්පනාව... ඔබත් යන්න. විඳින්න සතුන්ට ආදරේ කරන්න. ඒ සතුට සදාකාලිකයි. ඒ වගේම ඒ පරිසරය කිලිටි කරන්නේ නැතිව ඔබ ගෙනගිය ප්ලාස්ටික්, බෝතල් වැනි දෑ ඔබත් සමගම රැගෙන එන්න...
මෙතන ඉන්න කුරුලු වර්ගයාගේ නම කුමක්ද? ඇයි එයාලා සාන්ත දාන්තව ඉන්නේ? බොරුවට බක තපස් රකිනවද? කෝ මම බොහෝ අාදරය කරන "සුලං කුරුල්ලෝ "මල් සුවඳක් අරගෙන හෙමින් ඉගිල්ලිලා ආවේ නැත්තේ ඇයි? තිත් මුවා තනිවෙලා කවුරුහරි එනකම් බලා ඉන්නවාද? අනේ මටත් ඔයාලා අතරට ඇවිත් නුඹලා විඳින ඒ අසිරිය විඳින්නට තියෙනවා නම්..
පක්ෂීන්ගේ මන බඳිනා දසුන් පෙළ සිතට ඇතිකරවන්නේ හරි අපූරුම චමත්කාරයක්.. ඔවුන්ට සොබාදම් මාතාව ලබාදී තිබෙන අලංකාර වර්ණ රටා මිශ්‍රිත ස්වභාවික සළුපිළි අපට නම් කොයින්ද? ...තිත් මුවා හිස ඔසවා බලන්නේ.. මිනිසුනේ..! ඔයාලා කොපමණ කලකින්ද දැක්කේ..? යනුවෙන් අසන්නාක් මෙනි. කුළුහරකාගේ ඇඟ මඳක් වැහැරී ගොසින්. ආහාරවල හිඟකමක් තිබෙන්නට ඇති .. කිඹුලන්ගේ දසුන්ද මනරම්. ඒත්, ඉහළ සේයාරුවේ සිටිනා කළු කිඹුලා වෙනස් පෙනුමක් ඇති සතෙක්. පිටරට සිටිනා ඇලිගේටරයා වගෙයි. ඒත්, ඊට කුඩායි. මේ රටේ ඇලිගේටරයන් නැහැ මගෙ හිතේ. මාව මරාගෙන ආහාරයට ගත්තත්, මේ කිඹුලන් අතගාන්න ඇතිනම් කියා සිතෙනවා.
අපි විසින් ඒ සතුන්ව හිඟන්නන් කරලා. සතුන්ට ඇති ආදරය කරපු විනාශයක්. දැන් ඒගොල්ලෝ කෑම හොයාගෙන කන්න කැමති නැහැ.. නිකම් ලැබෙන දෙයක් කාලා ඔහේ ඉන්නවා. එ් නිසා ඔයගොල්ලෝ ඒ පාප කර්මයට දායක වෙන්න එපා. හැකිතරම් ඈත සිට සතුන් නරඹන්න. කැමරාවල flash භාවිතය හැකිපමණ අඩුකරන්න. සත්තු විතරක් නොවෙයි අපි වුනත් කැමති නැහැනේ flash වලට.. ඔබ ගෙනයන කිසිම බෙහෙත් වර්ගයක් කැලෑවේ විසිකරලා එන්න එපා. සතුන් ඒවා ආහාරයට ගන්න පුළුවනි. ඒවා සතුන්ට විෂ වෙන්න පුළුවන්. පැටවූ ලැබෙන්න සිටින ගැහැණු සතුන්ගේ පැටවා කුසේදීම නැතිවෙන්නත් ඉඩතියෙනවා. සතුන්ට උසුළු විසුළු කරන්න එපා. ඒ අය කෝප වුනොත්.. ප්‍රශ්න ගොඩයි.. අපි ඉන්නේ ඒ ගොල්ලන්ගේ අඩවියේ.. ඔබගේ අහාර ගෙනයන ප්ලාස්ටික් ද්‍රව්‍ය, බෝතල් ..වැනි අපද්‍රව්‍ය කැලෑවේ දමන්න එපා. ඒවා නැවත ඔබත් සමගම රැගෙන එන්න. වීදුරු බෝතල් එහෙ දමා එන්න එපා. වීදුරු බෝතල්වල අඩිය කොටස උත්තල කාචයක් ලෙස ක්‍රියාකරලා.. වියලි තණකොළ, මානා වැනි පඳුරු ගිනි අවුලුවනවා. ඒ තමයි ලැව් ගිනි. ඉතින් ඔබටත් සුබ ගමන්.. සතුටින් යන්න.. ගිහින් සතුටින් එන්න.. සතුන්ට, පරිසරයට හැකි තරම් ආදරය කරන්න. ඒ අය ඔබට පෙරලා ආදරය කරාවි.
කිඹුලන්ට මම එතරම් ප්‍රියතාවයක් නැත්තේ එයාලා මිනිසුන්ව කන නිසා.. ඒක ඉතින් එයාලාගේ හැටිනේ... මෙතන බොරුවට තපස් රකින කුරල්ලන්ගේ නම, විජිත් මහතා සඳහන් කළාට පස්සෙයි දැනගත්තේ.. ඒත් ඉතින් මම බොහෝ සේ "ආදරය " කරන සුලං කුරුල්ලෝ මොකද පේන්න නැත්තේ? මල් සුවඳකුත් අරන් හෙමින් ඉගිල්ලී ආවේ නැත්තේ මොකෝ? අපිත් එක්ක තරහ වෙලාද? මෙවැනි මනරම් දර්ශන දැකලා, විඳලා ඒ ආශ්වාදයෙන් සිත පිනවගෙන මොනවා වුණත් කමක් නැහැ කියලා හිතුණු වාරත් අපමණයි.. තණ අග ඇති පිනි බිඳක් වගේලුනේ මිනිස් ජීවිතය. ඉතින් කොරෝනාවත් එක්ක ජීවත් වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් තියෙනවාද? 4 වෙනි ෆොටෝ එකේ ඉන්න කෙනා මොකද කෙට්ටු වෙලා වාගේ ඉන්නේ.? සාමාන්‍යයෙන් එයාලා පෘෂ්ටිමත් විදිහටනේ අපි දැකලා තියෙන්නේ... මට හිතෙන්නේ මුව පොව්වා තනිවෙලා, කව්රු හරි එනකම් මඟ බලාගෙන ඉන්නවා වගේ.. ඒකාකාරී, සංකීර්ණ යාන්ත්‍රික දිවි පෙවෙතකින් හෙම්බත් වෙලා ඉන්න අපට මෙවන් අති සුන්දර දසුන් ගෙනඑන ලංකාදීප පුවත්පතට අප සැම ස්තුතිවන්ත වියයුතුයි... නේද?
මට තවත් ලියන්න ටිකක් තියෙනවා. එ්කත් අදම ඉවර කරන්නම්.. මොකද අපිට හෙට ගැන 100% විශ්වාසයෙන් කතාකරන්න බැරි යුගයක අපි ඉන්නේ.. හැබැයි අද හවස මට ලැබුණු විශ්වාස කටයුතු අාරංචියකින් කියැවුනේ කොරෝනා වයිරසය යුරෝපයෙන් ටිකෙන් ටික පසු බසින බවයි. යුරෝපයේ ඒ වයිරස් "විශේෂය" දැන් "අබ්බගාත" තත්වයට (ඒක ලොකු කතාවක් ඒ ගැන දැන් කතා නොකර ඉමු) පත්වෙලාලු. දැන් රෝගීන්ට වැළඳෙන්නේ හිසේ අමාරුවක්, චූටි උණක් පමණක් බවලු. එහෙම වුණොත් කොයිතරම් දෙයක්ද..? එ්ත් මිනිස්සු මේ කොරෝනා ප්‍රශ්නයෙන් පාඩම් ඉගෙන ගනීවිද..? ඔබ සැම මේ වනෝද්‍යානවලට යනවිට අනවශ්‍ය විදිහට ශබ්ද නොකිරීමට වගබලා ගන්න. මොකද වනය කියන්නේ නිශ්ශබ්ද අඩවියක්. ශබ්ද අඩුවෙන තරමට සතුන් නිදහසේ සැරිසරනවා. ඔබ කොයිතරම් ආදරය කළත් වන සතුන්ට අහාර දෙන්න එපා. (මට වුණත් මේ දෙය නොකර ඉන්න ඉතාම අපහසුයි.) හේතු ගොඩක් තියෙනවා. අපේ ආහාරවල රැඳී තිබෙන සමහර සතුන්ට ආගන්තුක විෂබීජ නිසා ඒ අය රෝගිවන්න පුළුවනි. තව හේතුවක් තමයි කලක් තිස්සේ පිටින් එන ආහාර ගැනීමෙන් ඒ සත්තු ' හිඟන්නන්ගේ ' තත්වයට පත්වීමයි. ඔයගොල්ලෝ දන්නවා නේද උඩවලවේ, ගල්ඔය පැත්තේ පාරට ඇවිත් වල් අලි "හිඟාකන" හැටි...
අපි විසින් ඒ සතුන්ව හිඟන්නන් කරලා. සතුන්ට ඇති ආදරය කරපු විනාශයක්... දැන් ඒගොල්ලෝ කෑම හොයාගෙන කන්න කැමති නැහැ.. නිකම් ලැබෙන දෙයක් කාලා ඔහේ ඉන්නවා. එ් නිසා ඔයගොල්ලෝ ඒ පාප කර්මයට දායක වෙන්න එපා. වනයේදී සුවඳ විලවුන් පාවිච්චි කිරීමෙන් වළකින්න. හැකිතරම් ඈත සිට සතුන් නරඹන්න. කැමරාවල ෆ්ලෑෂ් භාවිතය හැකි පමණ අඩුකරන්න. ඔබ ගෙනයන කිසිම බෙහෙත් වර්ගයක් කැලෑවේ විසිකරලා එන්න එපා. සතුන් ඒවා ආහාරයට ගන්න පුළුවනි. ඒවා සතුන්ට විෂ වෙන්න පුළුවන්. පැටව් ලැබෙන්න සිටින ගැහැණු සතුන්ගේ පැටවා කුසේදීම නැතිවෙන්නත් ඉඩතියෙනවා. සතුන්ට උසුළු විසුළු කරන්න එපා. ඒ අය කෝප වුණොත් ..ප්‍රශ්න ගොඩයි. අපි ඉන්නේ ඒගොල්ලන්ගේ අඩවියේ.. ඔබගේ අාහාර ගෙනයන ප්ලාස්ටික් ද්‍රව්‍ය, බෝතල් ..වැනි අපද්‍රව්‍ය කැලෑවේ දමන්න එපා. ඒවා නැවත ඔබත් සමගම රැගෙන එන්න. වීදුරු බෝතල් එහෙ දමා එන්න එපා. වීදුරු බෝතල්වල අඩිය කොටස උත්තල කාචයක් ලෙස ක්‍රියාකරලා. වියලි තණකොළ, මානා වැනි පඳුරු ගිනි අවුලුවනවා. ඒ තමයි ලැව් ගිනි... ඉතින් ඔබටත් සුබ ගමන්... සතුටින් යන්න.. ගිහින් සතුටින් එන්න.. සතුන්ට, පරිසරයට හැකි තරම් ආදරය කරන්න. ඒ අය ඔබට පෙරලා ආදරය කරාවි...
රුපියල් මිලියනයක ප්‍රශ්නය, විශාල ජීප්රථවල වෙරි මතින් විශාල ශබ්ද සින්දු දාගෙන කිසිම නීතියක් පිළිනොපදින කැලේ සෆාරි යන්නේ කවුද?
මම කිඹුලන්ට එතරම් කැමැත්තක් නැත්තේ එයාලා මිනිසුන්ව කන හින්දා.. බක තපස් රකින කුරුල්ලන් ඉන්න හැටි දැක්කහම මට හිනාත් යනවා. බොරුනේ කරන්නේ. 4 වැනි ෆොටෝ එකේ ඉන්න එක්කෙනා මොකද කෙට්ටුවට පේන්නේ.. අපි සුපුරුදු විදිහට දකින අය හරීම පෘෂ්ටිමත් අයනේ. තනි වෙලා ඉන්න තිත් මුවා දැක්කහම මට දුක හිතුණා. අපගේ සිත්වලට ප්‍රීති ප්‍රබෝධය ගෙනෙන මනරම් දසුන් ගෙනෙන ලංකාදීපයට ස්තූතියි.
පූජා, කිඹුලන් මාංශ භක්ෂක අය. ඒක ස්වාභාව ධර්මය. ඒත්, මට නං මාව මරාගෙන කන්න ලැහැස්ති වුණත්, මේ අයව අතගාන්න පුදුම ආශාවක් මට තියෙන්නේ.. මං මේ අයගේ මේ පිහිටීමේ ස්වභාවයට, ස්වාභාවික මෝස්තරයට හරිම ආසයි ... ඔයා දන්නවාද..? මං වයිල්ඩ් ලයිෆ් පොටෝග්‍රැෆි දිවියේදී මේ අය දිහා බොහෝවෙලා බලන් ඉන්නේ පුදුම ආශාවකින්.. ඔයා දන්නවාද..? අපගේ සිතේ තිබෙන සත්ව කරුණාව ටෙළිපති ක්‍රමයෙන් මේ අයගේ සිත්වලට ඉබේටම සන්නිවේදනය වෙනවා.. මං විෂඝෝර පොළඟුන්ගේ සේයාරූ ගත් බොහෝ අවස්ථාවලදී (ක්ලොස් අප්) එම සතුන්ගේ හිස පිරිමැද තියෙනවා. එය ඉතා භයානක වැඩක්. ඒත් මාව මෙතෙක් කිසිම දිනෙක එම සතෙක් දෂ්ඨ කොට නැහැ. එක් දිනක් මාව ලොකු ගෝනුස්සෙකු දෂ්ඨ කළා. ලේ පැන්නා. අපේ සේවකයෙකු පොල්ලක් ගෙන තලා දමන්න හැදුවත් මා එය වැළැක්වූවා. තවත් මාස කිහිපයකින් මා නැවතත් මේ අය සමඟ ගතකරන ජීවිතයට යනවා.එය හරි සුන්දරයි. එදාට මා මෙහි ලිවීමත් අඩුවී යාවි.. එතනත් පොඩි දුකක් තියෙනවා.. ඒත්, මගේ මේ මිත්‍රයන් සමග ගෙවෙනා දිවියට මං බොහොම කැමැතියි.. ඔවුන් බොහොම සුන්දරයි.