
(ඩයනා උදයංගනී)
සුබවාදී බව,ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවසීය.
පුද්ගලයකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත අයකුට වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ අද (19) පෙරවරුවේ පැවැති එහි 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.
පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් මෙහිදී විසිර ගියහ. සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට තමන් යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බවත්, එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බවත් පැවසීය.
මෙහිදී සිය සහභාගීත්වය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා පැළයක් ද රෝපණය කළේය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් වර්තමානයේ විධායක බලයත්, තුනෙන් දෙකක බලය සහිත පාර්ලිමේන්තුවත්, විස්සත් සම්මත කරලත් සහ සහෝදර සමාගමේ සහයෝගය තියලත් මේ ජනාධිපති අසාර්ථකයි. එ්කට තමයි කියන්නේ කොතරම් සහයෝගය තිබුණත්, තමාට හැකියාවක් නැත්නම්, කිසිම ඵලක් නැහැ. කිහිප වතාවක් ඇමැති මණ්ඩල සංශෝධනය කළා. ගැසට් පත්‍ර ගණනාවක් නිකුත් කළා. පසුව අවලංගු කරපු අවස්ථා බොහෝ තිබුණා. නමුත් කිසිම ඵලක් නැහැ.
ඇත්ත. ඒ වගේම ගොබ්බ හොරු අයින් කරලා දක්ෂයින් පත් කර හොඳ කණ්ඩායමක් හදා ගන්නත් වෙනවා...
උද්දච්ඡකම ඉහට ගහගෙන කටින් බතල හිටෙව්වාට රටක් පාලනය කරන එක පහසු නැහැ කියලා දැන්වත් තේරෙනවාද? හැබැයි මොනවා වුණත්.. හොරුයි, මිනීමරුවොයි, කුප්‍රකට ව්‍යාපාරකයින්, බඩගෝස්තරවාදී කල්ලිය නම් නියමෙටම ගොඩ ගියා මොහුට පින්සිද්ධ වෙන්න. ඇත්තෙන්ම මෙතරම්ම අමනෝඥ අඥාන තීරණ තීන්දු ගත් මේ රට පාලනය කළ වෙනත් නායකයෙක් නම් නැහැ. එ්ත්, කිරිබත් හැලිපිටින් ගිලපු අඥාන ජනතාවට මම නම් කියන්නේ හොඳ වැඩේ කියලයි. ඔහොම වෙලා මදි නුඹලාට? පටවපල්ලා ගැහැණු දරුවන් පිටරටවලට.. අන්න එතකොට නුඹලාගේ සල්ලිවලින් තවත් සැප විඳියි... ඔවුන් නියමෙටම....
පරිපාලනයෙහි සහ ක්‍රියාවෙන් නායකත්වයේ දක්ෂකම් පෙන්වූ සරත් ෆොන්සේකා ඇතුළු අනුර කුමාර, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, රාසමානික්‍යම් වැනි අයගේ නායකත්වයෙන් රජයක් පැමිණ ගරු අධිකරණය මගින් සියලුම හොරුන්ට අදාල දඬුවම් දී රටට අහිමි වූ පැන්ඩෝරා වැනි හංගා ඇති මුදල් රටට නැවත ලබාගත යුතුයි. දේශපාලකයින් මතිමතාන්තර දුරලා යහපත් සන්ධානයකට ගියොත් ඡන්ද දායකයා තම යුතුකම වෙලාවට ඉටුකරයි...
ආඩම්බර ගමන සාර්ථකත්වය දෝරෙගලන නිසාද?
අනුන්ට දොස් පවරන්න කළින් තමුන් දක්ෂයෙක්ද කියලා ස්වයං අධ්‍යයනයක් කරලා ඉන්න.
දැන් තේරෙනවා ඇති නේද මේ විදිහට මේ කට්ටිය පමණක් එකතු කරගෙන යුද්ධය කළානම් ප්‍රභාකරන් මැරෙන්නේ දියවැඩියාව රෝගයෙන් මිස යුද්ධයෙන් නොවේ කියලා. හොඳ වෙලාවට ෆොන්සේකා වගේ වැඩේ දන්නා අය හිටියේ...
කොපමණ දක්ෂ වුණත් දේශපාලන ලෝකයේ ඔබ තවම ලදරුවෙක්...
මොනතරම් ලස්සන කතාවක්ද...? අහන් ඉන්න ආසයි.. මරු සර්..
කවද්ද ආවේ?. දන්නෙත් නැහැ හොරෙන්ම ඇවිල්ලා...
නටන්න බැරි මිනිහාට පොළව ඇදයි..
රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද..? මුළු රටම ගිනි ගන්නවා. දේශපාලුවන් රට කනවා. කොමිස් ගහනවා, පිස්සු කෙලිනවා, කිසිම විසඳුමක් නෑ, නන්දසේන මෙහෙ බයිලා ගහනවා..මේ මනුස්සයාගේ හැටිද..?
දක්ෂයි කියලා හිතලා තමයි රටේ ජනතාව නන්දසේනව බලයට ගෙනාවේ.. ඒ වගේම රටේ ජනතාවගේ සම්පූර්ණ සහයෝගයත් තිබුණා.. දැන් අනුන්ට වරද පටවන්න උත්සාහ කරන්න එපා.. තමන්ගේ වැඩේ හරියට නොකර දැන් මේ මොනවද ගහන බයිලා... මේ මනුස්සයගේ ජානවල හැටිද..?
දැන් මේ මනුස්සයාව මෙයාගේ පවුලේ අය වගේම දකින්නත් අප්පිරියයි..
රටට බලාපොරොත්තු රැසක් දී, බලය ලබාගෙන එයිනුත් ඔබ්බට යමින් 20 වැනි ආ. ව්‍යවස්ථා සංශෝධනයෙන් අසීමිත බලයක් හිමිකර ගත්තේය. ලබාගත් බලය ජනයහපතට යෙදීම වෙනුවට ඔහුවටා සිටින නෑදෑ සහ හිතවත් පිරිසකට රට විනාශ කිරීමට අවස්ථාව ලබාදී ඇත. බලය ලබාගැනීම වෙනුවෙන් කළ රැවටීම් මේ වනවිටත් බහුතරයකට අවබෝධ වී ඇත. මේ වනවිට ඔහු හොරකම, වංචාව, බොරුවෙහි ප්‍රතිමූර්තියක් බවට පත්වී තිබීම කණගාටුවකි. බලයට පැමිණ වසර 2ක් තුළ රටට කළ විනාශය සැලකීමේ දී, වසර 30කදී LTTE ය රටට කළ හානියට වැඩි විනාශයක් මොහුගේ වසර 5 තුළ සිදුවනු නියතයි. ශ්‍රී ලාංකිකයන් ලෙස කිසියම් හෝ වාසනාවක් ඇත්නම්, ඉදිරි මාස කීපය ඇතුළතම මෙම වංචනික පාලකයින් විනාශ විය යුතුයි...
නටන්න බැරි මිනිහා කියන්නේ පොළව මට්ටම් නැහැ කියලා...
ජනපති තරමක් හරි දන්නේ යුද හමුදාව සම්බන්ධ දේ පමණයි. සිවිල් පරිපාලනය කිසිත් නොදනී. සහයෝගය තිබුනා වුනාට මොකුත් බෑරි එකා පොතෙන් කොපි කරල ලියන්නත් උත්තරේ තිබුන තැන දන්නේ නැති නම් ඌ ෆේල්ම තමා.
මාධ්‍ය සන්දර්ශන දාලා බලය ලබාගත්තට වැඩ බැරිකම වැඩ කරනකොට ඉස්මතු වෙනවා. කරන කරන වැඩේ හත් පොලේ ගා ගත්තාම අන්තිමට රටේ ලෝකේ නැති කතා කියකිය ඒක වහගන්න හදනවා. මාධ්‍යයට මිනිස්සු අන්දලා කෙනෙක්ව බලයට ගේන්න පුළුවන්... ඒත් ඒ බලය රැකලා දෙන්න අමාරුයි. මාධ්‍යයට සමහර මිනිස්සු දිගටම ගොනාට අන්දන්න පුළුවන්... මාධ්‍යයට සියලුම මිනිසුන් කීපපාරක් ගොනාට අන්දන්න පුළුවන් ඒත් මාධ්‍යයට සියලුම මිනිසුන් හැමවෙලේම ගොනාට අන්දන්න බෑ.. අන්න ඒක තමයි මාධ්‍යයට කියන්න තියෙන්නේ....
මේ යන විදියට හොඳටම පැහැදිලියි... ලක්ෂ 56ක් පහුගිය ඡන්දෙන් ඡන්ද අරගෙන විපක්ෂ නායක වුණු සජිත්ම තමයි ඊළඟ රජයේ නායකයා වෙන්නේ... එතුමා පාර්ලිමේන්තු ඉතිහාසයේ අවුරුදු 26ක් පළපුරුද්ද ඇති කිසිම මහජන මුදලක් හොරකුම් නොකරපු, ගමේ දුගී දුප්පතාට අනුපමේය සෙයක් කර නිවාස ලක්ෂ ගණනක් සාදා හිසට සෙවනක් ග්‍රාමීය දුප්පතාට ලබාදුන් විපක්ෂ නායකතුමාට අපෙන් ජයෙන් ජය...
නැහැ සරත් ෆොන්සේකා ඔහුට කළ දේ ඔහුට තේරේවි. යුද්ධය දිනුවේ රාජපක්ෂ පවුල පමණක් නොවේ. හැමෝම සහයෝගය දුන්නා. සරත් ෆොන්සේකාට කරපු දේ දිනලා. එය කර්මයයි.. ඔහු වෙත නැවත පැමිණේවි,
ඇනස්ලි, සමුවල්, බර්ටි, අද හිටියනම් රස්සාවත් නැති වෙනවා මෙයා නිසා.