
(නිමල් ජයරත්න)
විවිධ බාධක, අභියෝග හමුවේ හුබස් බැඳ ඇති කුඩා පැල්පතක විදුලි පහසුකම් නොමැතිව පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඉතා අලංකාර ලෙස චිත්‍ර අඳින දක්ෂ දියණියක් පොළොන්නරුවල වැලිකන්ද කාලිංගවිල ගම්මානයෙන් අපට හමුවිය.
රාත්‍රී කාලයේ දී ගෙවත්තට එන වන අලින් රතිඤ්ඤා දමා පලවා හරිමින් නැවතත් පොල්තෙල් පහනේ ආලෝකයෙන් චිත්‍ර අදින්නීය.
මෙලෙස බාධක දුක් කම්කටොලු මැඬ ගනිමින් අපූරු චිත්‍ර මවන්නේ වැලිකන්ද කාලිංගවිල අංක 12 ජී ලිපිනයේ කේ.ජී. කාව්‍යා අන්ජලී දියණියයි, අසේලපුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට පෙනී සිටින ශිෂ්‍යාවකි.
ඇයගේ පියා කුලී වැඩ කරමින් සිටින අතර මව විවිධ බාධක මැද කුඩා නිවෙසේ තවත් දියණියක සහ මව සමග ජීවත් වන්නීය, අසේලපුර මහා විද්‍යාලයේ චිත්‍ර විෂය සඳහා ගුරුවරයකු ද නොමැතිව තම කලා හැකියාව අනිත් සහෝදර සිසුන්ට චිත්‍ර කලාව ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටීම විශේෂත්වයකි.
කාව්‍යා අන්ජලී දියණිය චිත්‍ර කලාවෙන් කලාප, පළාත් මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙන අතර ඇයට හරිහැටි චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය තීන්ත වර්ග, චිත්‍ර පොත්, මෙන්ම අනෙකුත් පහසුකම් නොමැති වීම ද ප්‍රධාන ගැටලුවකි.
ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත ඇඳීමට තරම් කාව්‍ය අන්ජලී ශිෂ්‍යාව චිත්‍ර කලාවෙන් ඉදිරියට ගොස් හමාරය.
වර්ෂා දිනවල දී ඇද හැලෙන වැහි වතුර ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ගලා එන විට තම මිත්තණිය සමඟ අන්ජලී වැහි වතුර නැවත 'මිදුලට දැමීම සඳහා මහා සටනක් කරන්නීය.
මම කැමතියි චිත්‍ර ඇඳලා ලොකු වෙනකොට අපි වගේ දුප්පත් අසරණ අයට උදව් කරන රස්සාවක් හොයා ගන්න. අපේ අම්මට තාත්තට හරි හමන් රස්සාවක් නැති නිසා මගේ මේ කලා හැකියාවන්ට උදව් පදව් කරන්ඩ ආර්ථික ශක්තියක් නෑ.
අපේ පාසලේ චිත්‍ර ගුරුවරයෙක් නැතිව තමයි මම මේ තරම් ඉහළට ගිහිල්ලා ඉන්නේ. මම තමයි අපේ පාසලේ අනිත් ළමයින්ටත් පුළුවන් විදිහට චිත්‍ර අදින්න උදව් කරන්නේ. ඒත් මට චිත්‍ර අඳින්න හරිහැටි හොඳ චිත්‍ර පොත් තීන්ත වර්ග නෑ. ඒ වගේම ගෙදරට ලයිට් නැති නිසා පොල්තෙල් පහනේ එළියෙන් තමයි චිත්‍ර අඳින්නේ. වල් අලි ගෙවත්තට ආවට පස්සෙ රතිඤ්ඤා දාලා වල් අලි එළවලා ආයෙත් ගෙට ඇවිල්ලා මම චිත්‍ර අඳින්න පටන් ගන්නවා. මේ ප්‍රදේශයට තියෙන ලොකු ගැටලුව තමයි වන අලි ගැටලුව. වැලිකන්දේ අපි වන අලින්ගෙන් විඳින පීඩාවන් ගැනත් මම චිත්‍ර ඇඳලා අදාළ තැන්වලට යවලා තියෙනවා. ඒත් එව්වට පිළියම් නෑ. කාව්‍ය අන්ජලී දියණිය දෑසේ කඳුළු පුරවා ගනිමින් ඇයගේ සංවේදී කතාව එලෙස දිග හැරියාය.
බොහෝ පිරිසකගේ ඉල්ලීමට අනුව අංජලී දුරකතන අංකය සහ අප වාර්තාකරුගේ අංකය ලබා දෙන්නෙමු. අංජලී 0772797149 අප වාර්තා කරු 075 56272787







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන්ගේ දෑස් ඇරේවා!!!ඒ ප්‍රාර්ථනය පමනයි මේ මොහොතේ කල හැක්කේ දුවේ.
මම, විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී Air Vice Marshal Bandula Herath. මට අවශ්‍යයි එම දරුවාට උදවි කරන්න. මට එම දුවව සමිබන්ධ කර දෙන්න
රටේ ධනය මංකොල්ල කමින් පොඩි බෙදාගෙන දඟලන අයට මේවා පෙන්නේ නෑ .හැකි හැමෝම රුපියලකින් හරි උදවු උපකාර කරමු .මේ දරුවෝ තමයි අපේ අනාගත්යා .ලෝකය .මේ දරුවන් ඔපමට්ටම් කරලා රටට ප්‍රයෝජනයක් නොගෙන කුමන යහපත් අනාගතයක්ද. ගිණුම් අංකයක් දෙන්න පුළුවන්ද . උපකාරයක් කරපු
ඇයගේ දක්ෂතාවයට ආධාර කිරීම සඳහා මූල්‍යමය වශයෙන් උපකාර කිරීම සඳහා කරුණාකර සම්බන්ධතා අංකය එවන්න.
දියණියනි ඔබට හොඳ අනාගතයක් තියෙනවා. සුබ පතනවා මේ වගේ දුෂ්කර පරිසරයක ඉඳලා මේවගේ නිර්මාණ කිරීම ගැන.
මම ඇයට සහ පවුලට සහයෝගය දැක්වීමට කැමතියි. කරුණාකර කිසියම් සම්බන්ධතා විස්තරයක් මට දන්වන්න. ඔයාට ස්තූතියි.
අපි ඇයට උදව් කරන්නේ කෙසේද?
කරුණාකර මේ අයට උදවු වක් කරන්න ලිපිනය හෝ telephone number එක එවන්න සරත් kooragama London
නියම වැඩක්, අපි ඔබට දිනුම් ඇදීමේ කට්ටලයක් එවන්නම්, ඔබට අංකයක් තිබේ නම්, ඔබට එය එවන්න, එවිට මට එය ඔබට එවන්න. ස්තුතියි
කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉන්නෙ මහා උද්ධච්ඡ අධ්‍යක්ෂිකා දෙන්නෙක් කියලා කියන්න පුළුවන් මොකද සහතිකයක් අත්සන් කරද්දී තමන්ගෙ නමට කිසිවෙක් මයා/මිය/මෙනෙවිය කියලා දාන්නෙ නැහැ ඒ දෙන්නම ඒක කරල තියෙනවා එහෙම අයට කෙනෙකුට උදව්වක් කිසිවිටක බැහැ දුවේ ඔබේ අනාගත බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකවේවා.
මේ දක්ෂ ප්‍රතිභාපූර්ණ දියණියගේ තොරතුරු ඇසුවාම දුටුවාම නෙතට කඳුලක් නැගුණා.නිදහස් දිනය වෙනුවෙන් බොරු සංදර්ශන පවත්වා විනාශ කරන ලද මුදලින් මේවැනි පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබුණා නේද කියලා හිතෙන්නේ මට විතරද ? නැහැ හදවත් සංවේදී අය තවත් ඕනෑතරම් ඇති.
උදව් කරන්න කැමතියි.චිත්‍ර ඇදීමට අවශ්‍ය උපකරණ ලබා දී චිත්‍ර මිල දී ගන්නම්. සම්බන්ධ විය හැකි ක්‍රමයක් සලසා දෙන්න
මට ඇයට උදව් කිරීමට අවශ්‍යයි
ඇත්තටම මෙහෙම ලිපි පලකරනකොට එහෙම අයට උදව්වක් කරන්න පුළුවන් ක්‍රමයක් ඉදිරිපත් කරනවානම් හෝ වාර්තාව ලියූ කෙනෙක් සම්බන්ධීකරණ කටයුතු කර එහෙම අයට උදව්වක් කරන ක්‍රමයක් ලංකාදීප මගින් කරනවානම් කොපමණ හොදද.පසුගිය කාලයේ නිවාස හදද්දී පර්චස් පහක් දහයක් දීලා ගෙවල් හදන අතරේම මෙහෙම දරුවොත් තෝරාගෙන නිවාස හදල දුන්නනම් උත්සවයක් තියල කයිවාරුවක් ගහන්න බැරිවෙනවානේද
දුවගේ චිත්‍ර හරිම ලස්සනයි. හරිම දක්ෂ දරුවෙක්... හැමෝම එකතු වෙලා මේ දරුවට උදව් කළා නම් හොඳයි.
දියණියනි, ඔබට හොඳ අනාගතයක් තියෙනවා. සුබ පතනවා.. මේ රට හොරාකාලා මේ තත්වෙට පත්කරපු කාලකණ්ණින්ට හොඳක් සිද්ද වෙන්නේ නැහැ.
සහතික පත්‍රෙය් තියෙන තොරතුරු පාවිච්චියෙන් උදව් කිරීමට සැබවින් අවශ්‍ය අයට තොරතුරු සොයාගත හැකියි කියලා මට හිතෙනවා. ට්‍රයි කරලා බලන්න.
මාත් කැමතියි උදවු කරන්න, කොහොමද සම්බන්දකර ගන්නෙ. ඔබට පුතේ සුබ අනාගතයක් පතනව.
මේ දරුවගෙ ගිණුම් අංකයක් හෝ සම්බන්ද කරගතහැකි අංකයක් ලබාදෙන්න.
කරුණාකර මේ දුවගේ ලිපිනයත්, දුරකථන අංකයත්, ගිණුම් අංකයත් පලකරන්න. මෙවැනි විශේෂිත දේවල් පලකරන ලංකාදීප පුවත්පතට බෙහෙවින්ම ස්තුතියි.
අපි නොමසුරුව උදව් කරමු...!
මැදමූලනේ ඉන්න බොරු රොකට් කාරයා වගේද? මෙන්න නියම වැඩ්ඩෝ? අපි ඔබට ජයෙන් ජයම පතනවා...
දැක්කීමයි, දැක්වීමයි දෙකක් දුවේ.