(කේ.ඩි දේවපි‍්‍රය )
කතරගම දේවාලයට අයත් වාසනා හස්තියා මාස හතරක කාලයක් ගසක බැඳ සිට ඇසළ මංගල්‍ය සඳහා අද (08) උදෑසන සුභ මොහොතින් ඇතා ගසින් ලිහා දැමීය.
මහා වනයේ සිටින අලි ඇතුන්ට මෙන්ම කතරගම දේවාලයේ අලි ඇතුන්ට ද කම්බුල් තෙමීම හෙවත් මද කිපීම නම් රෝගයට වසරකට වරක් ලක්වේ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා ද මාස 04 ක කාලයක් සිට ගස් බැද තැබීම වසරකට වරක් සිදුවේ.ඇතා ගේ කන් තෙමීමේ රෝගය සුව වීමෙන් පසුව සුභ මොහොතින් බඳන ලද යදම් වැල් වලින් මුදවා කඳ සුරිදුගේ පෙරහර මංගල්‍ය සඳහා සුදානම් කරවනු ලබන්නේ අපුරු චාරිත‍්‍ර වීදි අනුගමනය කරමින්ය.
ඇතා ඉදිරි පිට කිරි මුට්ටියක් උතුරවාලී මෙන් පසුව බැද තැබු යදම් ගලවා ,ඇතා නහවා, කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දීම සිදු කරනවා. මෙම අවස්ථාවේදී ,මඟුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග‍්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර පැමිණ සිටින සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා දෙති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත්තු නිකන් ලෙඩවෙලා අකාලයේ මියැදෙනවා. අලියෙක් දවසකට කිලෝ මීටර 5ක් විතරවත් ඇවිදින්න ඕනෑලු. ඉතින් මේ සත්තු මාස හතරක් බැඳලා තිබුණාම හරිද? කැලේ ලොකු ප්‍රදේශයක් ආරක්ෂා කරලා සතුන්ට මදකිපෙන කාලේට නිදහසේ ඉන්න සැලසිය යුතුයි.
මේ සතාගේ කකුල් වල තිබෙන දම්වැල් ගැන කාටවත් දුක හිතෙන බවක් පෙනෙන්නේ නැහැ.
මාස 04ක කාලයක් ගසක බැඳ සිට ඇසළ මංගල්‍යය සඳහා අද (08) උදෑසන සුබ මොහොතින් ඇතා ගසින් ලිහා දැමීය. මේ කියලා තියෙන්නේ සියලුම ආකාරයේ සත්ව හිංසන මස් කෑම ඇතුළුව ලංකාවෙන් තුරන් කරන්න ඕනෑ. සැමදෙනාටම නිදහසේ ජීවත්වෙන්න අයිතියක් ඇත.
මද කිපීම කියන්නේ රෝගයක් කියලා කවුද කියන්නේ? අනික දැන් මේ වගේ ඇත්තු හිරකරගෙන ඉන්න අය කෑගහනවා රටේ පෙරහැරක ගෙනියන්න වත් ඇත්තු නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ ඉන්න ඇත්තු ටිකට ඒ අයගේ වර්ගයා බිහිකිරීමේ කාර්යය නිදහසේ කරන්න ඉඩ නොදෙන එක.... මේ වගේ බැඳ තබලා.
කැලේ ඉන්න ඕනෑ සත්තු... මේ සත්තු මෙහෙම දුක් විඳින්නේ හුදෙක් මහජනයාව සතුටු කරන්න. එක දවසක් ගහක බැඳලා ඉන්න පුළුවන්ද අපිට? සත්තුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. නමුත් සතුන්ගේ දුක හඳුනන මිනිසුන්ට සතුන්ගේ අයතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න පුළුවන්.
මද කිපෙන කාලෙට ඇතාට අවශ්‍ය දේ කරගන්න ක්‍රමයක් නැහැ. පව් ගෙවනවා ගස්වල බැඳලා තියාගෙන... පහුගිය දවස්වල විජයකලාටත් වුනේ ඕකමනේ...ඉන්න තැනවත් බැලුවේ නැහැ.. ඔහේ කට ඇරියා.
බම්බුව තමා. එහෙනම් මිනිසුන්ගේ ඔය අමාරුවත් ලෙඩක් නිසා ඔක්කොම මිනිස්සු ගස් බැඳලා දාන්නා ඕනේ හැමදාම !!!
සාදු කියන්න පින්වතුනී