
(යොහාන් භාසුර)
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කළේය.
යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම මෙම කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණ ව්‍යාපෘතියේ අරමුණයි.
මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මගින් ඉවත් කළ බස් රථ හතරක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කළේය.
මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂා කරයි.
ශ්රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානය මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඕනේ නෑ බොරුවට... සර්ලා නැව් පිටින් ගිල්ලනවා...
අගය කළ යුතු හොඳ දෙයක්... ඒත්, එක බස් රථයක ඩීසල් ටැංකියක් පෙනෙනවා. එය ගැලෙව්වා නම් තමා වඩා හොඳ. කවුරුවත් මා සමග අමනාප වෙන්න එපා. අනේ .. මේවා තුළ බෝවී වැඩෙන සුන්දර මත්ස්‍ය ජනාවාස හිත්පිත් නැති මිනිසා කිසිදු තැකීමක් අනුකම්පාවක් නොමැතිව අල්ලාගෙන විත් මරා උයා තළු මරමින් කනවා නේද? මේ අසංවේදී නපුරු මිනිසා අනාගතයේ කිසියම් දිනෙක මේ දේ සැබෑ සංවේදී මනසකින් කල්පනා කොට බැලුවොත් එදාට මේ මනුලොව කෙතරම් සුන්දර වේවිද? එහෙත්, ඒවන් සැබෑ සොඳුරු ලොවක් හා සංවේදී මිනිසුන් මතු හෝ බිහිවේවිද? සුළු වශයෙන් හෝ ඒවන් මිනිසුන් කිහිප දෙනෙකු හෝ ලොව සිටීම අගනා දෙයකි. ඒත්, ඒ වැනි උතුම් මිනිසුන්ව නපුරු දරුණු අසංවේදී මිනිසුන් විසින් හාස්‍යයට ලක්කිරීම තරම් තවත් අනුවණකමක් තිබේද?
එහෙන් නැව ගිලුනා මෙහෙන් බස් ගිල්ලනවා...
තවත් අවුරුදු 1000 ක් විතර ඔය බස් නොදිරා තිබුණොත් ඒ කාලේ ඉන්න අය කියයි... ඉස්සර පාරේ බස් යනකොට සුනාමියක් ඇවිල්ලා බස් ටික ඔක්කෝම මුහුදට යටවෙලා කියලා. කොහොම වුණත් කුඩා කුටීර කවුලු සහිත පෙට්ටි වගේ දේවල් දැම්මා නම් මීට වඩා ඵලදායි වෙයි...
නිවාස නැතිව මහමග දුෂ්කර ගම්මානවල ඉන්න අයට ඉදිකර මේවායින් පුළුවන්... මේවා මෝඩ වැඩ අපරාධ හැටියට අපි දකිනවා... මුකුත්ම නැති නම් යකඩ සඳහා විකුණා දමන්න පුළුවන්..
අර අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය මෙහෙමවත් ස්ථානගත කරලා රටට වැඩක් ගන්න බැරිද?
සංදර්ශන ජනතා නියෝජිතයන්ගෙන් 80% සාමාන්‍ය පෙළද අසමත්.. ඉතින් මොකද කරන්නේ?
වැඩේ හොඳයි. එ්ත් මම දැක්කා මේවා සල්ලී දිලා ගත්තා කියලා. අැයි එහෙම කරන්නේ...? ඕනෑතරම් දිරාපත් වෙලා පොළවට වැටෙන වාහන අාණ්ඩුවේ අායතනවල තියෙන්නේ. අැයි අපේ සල්ලි නාස්ති කරන්නේ?
කාලෙකට කලින් ලැම්බොගිනි එහෙමත් ගිල්ලුවා නේද?
පිස්සු පැසෙන්ජස්ලා එක්ක අපි යන ගමනේ..., තවත් ගොන් වැඩක් රටවටේම කොරල්පර විනාශවීමට හැර කරන සංදර්ශනයක්..!!!
කෙරුවොත් නම් මෝඩ වැඩක්..!!!
කිරිඅප්පට බල්ලො පැනපි
මේක හොයන් තියෙන්නේ යුද්ධයේදී ගිලුණු බෝට්ටු, ගුවන් යානාවල සෑහෙන්න මාලු ඉන්නවලු. උයන් කෑවේ මොනවද කියලා කල්පනා කරන්න.
රටක් දියුණු කිරීමට අවශ්‍ය වන්නේ බුද්ධිමත් මිනිසුන්ය. ඉහත පලකර ඇති අදහස් දුටු විට පෙනෙන්නේ මෙරටට අඩුද ඔවුන්ම බවයි. කොරල් පර හදන්නේ හුදෙක්ම මත්ස්‍ය ගහණය වර්ධනයට පමණක්ම නොව විදෙශිකයින් ආකර්ශනය කර ගැනීමටයි. ලොව බොහෝ රටවල මෙවන් කෘතිම කොරල්පර පිහිටුවනු ලබයි.