IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කඩුවෙළට මහා ජල කඳක්:නිවාස සම්පූර්ණයෙන්ම යටවේ

කැලණි ගඟ පිටාට ගැලීමෙන් කඩුවෙල වටරවුම් මාර්ගයේ පිවිසිම අසල නිවාස රැසක් ජලයයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඇතැම් නිවාස වහළ සම්පූර්ණයෙන්ම වැසී යන ලෙස ජලයෙන් යටවී ඇති අතර තවත් නිවාස වහළ මට්ටමට ජලයෙන් යටවී ඇති අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

අධිවේගී මාර්ගයේ පිටවිසුම් මාර්ග මෙන්ම පිටවීමේ මාර්ග ද ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් කොළඹ වටරවුම් මාර්ගයේ  කඩුවෙල පිටවීමේ දොරටුවද ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

 
                    



අදහස් (2)

කඩුවෙළට මහා ජල කඳක්:නිවාස සම්පූර්ණයෙන්ම යටවේ

බද්රානි Monday, 07 June 2021 12:59 AM

මේවට තමයි දේව ශාප කියන්නේ..., තව පටන් ගත්තා විතරයි. හැදියල්ලා මිනිසුනේ නැත්නම් නුඹලාගේ උඳු කුඩුවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ මහපොළව බදාගෙන කිසිදා නොමැරෙනවා කියලා හිතාගෙන අනෙකාව මරාගෙන කාලා හෝ ගොඩයන්න දඟලන ජාතිය නුඹලාට මේ ලංකාව පමණක් නොවේ ලෝක භුමියේවත් ඉඩක් නැහැ. එකම දේ මැරුණට පස්සෙත් බහිරවයින් වෙලා මේ ලෝකෙට කරදරයක් වෙලා නැවත උපදිනවා. අනුන්ව පමණක් නොවෙයි තමන්වම රවටාගෙන බොරුවෙන් ජීවත් වෙන එකේ ප්‍රතිඵල තමයි මේ.. මතකද, ලෝකේ අනෙක් රටවල් කොරෝනා උවදුරෙන් පීඩා විඳිද්දී "අපි තමයි කෙරුමෝ" කියලා කයිවාරු ගැහුවා. අද මොකද වෙලා තියෙන්නේ? අන් ජාතීන්ට විතරක් නොවේ තමන්ගේම ජාතියටත් පරිභව කළ පර, උද්දච්ඡ ජාතිය නුඹලාගේ විනාශය වැඩි ඈතක නැහැ...

:       1       120

Ashan Monday, 07 June 2021 01:17 AM

බුදුන් වැඩි කැළණි පන්සලට නයෙක් ගෙනත් කල බොරුවේ සාපය තමයි මේ....!!!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site