
කැලණි ගඟ පිටාට ගැලීමෙන් කඩුවෙල වටරවුම් මාර්ගයේ පිවිසිම අසල නිවාස රැසක් ජලයයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඇතැම් නිවාස වහළ සම්පූර්ණයෙන්ම වැසී යන ලෙස ජලයෙන් යටවී ඇති අතර තවත් නිවාස වහළ මට්ටමට ජලයෙන් යටවී ඇති අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
අධිවේගී මාර්ගයේ පිටවිසුම් මාර්ග මෙන්ම පිටවීමේ මාර්ග ද ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් කොළඹ වටරවුම් මාර්ගයේ කඩුවෙල පිටවීමේ දොරටුවද ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමයි දේව ශාප කියන්නේ..., තව පටන් ගත්තා විතරයි. හැදියල්ලා මිනිසුනේ නැත්නම් නුඹලාගේ උඳු කුඩුවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ මහපොළව බදාගෙන කිසිදා නොමැරෙනවා කියලා හිතාගෙන අනෙකාව මරාගෙන කාලා හෝ ගොඩයන්න දඟලන ජාතිය නුඹලාට මේ ලංකාව පමණක් නොවේ ලෝක භුමියේවත් ඉඩක් නැහැ. එකම දේ මැරුණට පස්සෙත් බහිරවයින් වෙලා මේ ලෝකෙට කරදරයක් වෙලා නැවත උපදිනවා. අනුන්ව පමණක් නොවෙයි තමන්වම රවටාගෙන බොරුවෙන් ජීවත් වෙන එකේ ප්‍රතිඵල තමයි මේ.. මතකද, ලෝකේ අනෙක් රටවල් කොරෝනා උවදුරෙන් පීඩා විඳිද්දී "අපි තමයි කෙරුමෝ" කියලා කයිවාරු ගැහුවා. අද මොකද වෙලා තියෙන්නේ? අන් ජාතීන්ට විතරක් නොවේ තමන්ගේම ජාතියටත් පරිභව කළ පර, උද්දච්ඡ ජාතිය නුඹලාගේ විනාශය වැඩි ඈතක නැහැ...
බුදුන් වැඩි කැළණි පන්සලට නයෙක් ගෙනත් කල බොරුවේ සාපය තමයි මේ....!!!