(දියතලාව - ඩී.කේ.රත්න )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඩෙට් නිලධාරීන් 234 දෙනෙකු විසිරයාමේ උත්සවය අද (15) දියතලාව යුධ හමුදා කදවුරේ යුධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී පැවත්විය.
මෙම කැඩෙට් නිලධාරීන් විසිරයාමේදී කෙඩෙට් නිලධාරිනියන් හතලිස් එක් දෙනෙකු , මාල දිවයින් ජාතික විදේශීය කෙඩෙට් නිලධාරීන් හය දෙනෙකු සහ කෙඩෙට් නිලධාරීන් එකසිය අසූහත් දෙනෙකු ඇතුලත් කෙඩෙට් නිලධාරීන් දෙසිය තිස් හතර දෙනෙකු විසිර ගියේය.
අනූතුන්වන කැඩෙට් නිලධාරී පාඨමාලාවේ කාණ්ඩ හතරක් යටතේ මෙම නිලධාරීන් පුහුණුව ලබා විසිරයාම සිදු කළ අතර මෙහිදී කාණ්ඩ අංක අසූ පහ සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිලධාරීයා ලෙස කැඩෙට් නිලධාරි ඒ.කේ.කේ.කේ.ඩී.සිල්වාද කාණ්ඩ අංක අසූ හය සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිලධාරීයා ලෙස රදාෂ් රණසිංහ ද, කාණ්ඩ අංක අසූ හය බී සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිලධාරීයා ලෙස වී.පරමේශ්වරම් ද කාණ්ඩ අංක පනස් අට සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිළධාරීයා ලෙස කේ.වී.වී.ගයන්තද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd