(දියතලාව - ඩී.කේ.රත්න )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඩෙට් නිලධාරීන් 234 දෙනෙකු විසිරයාමේ උත්සවය අද (15) දියතලාව යුධ හමුදා කදවුරේ යුධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී පැවත්විය.
මෙම කැඩෙට් නිලධාරීන් විසිරයාමේදී කෙඩෙට් නිලධාරිනියන් හතලිස් එක් දෙනෙකු , මාල දිවයින් ජාතික විදේශීය කෙඩෙට් නිලධාරීන් හය දෙනෙකු සහ කෙඩෙට් නිලධාරීන් එකසිය අසූහත් දෙනෙකු ඇතුලත් කෙඩෙට් නිලධාරීන් දෙසිය තිස් හතර දෙනෙකු විසිර ගියේය.
අනූතුන්වන කැඩෙට් නිලධාරී පාඨමාලාවේ කාණ්ඩ හතරක් යටතේ මෙම නිලධාරීන් පුහුණුව ලබා විසිරයාම සිදු කළ අතර මෙහිදී කාණ්ඩ අංක අසූ පහ සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිලධාරීයා ලෙස කැඩෙට් නිලධාරි ඒ.කේ.කේ.කේ.ඩී.සිල්වාද කාණ්ඩ අංක අසූ හය සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිලධාරීයා ලෙස රදාෂ් රණසිංහ ද, කාණ්ඩ අංක අසූ හය බී සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිලධාරීයා ලෙස වී.පරමේශ්වරම් ද කාණ්ඩ අංක පනස් අට සියලු අංශයෙන්ම දක්ෂතම කැඩෙට් නිළධාරීයා ලෙස කේ.වී.වී.ගයන්තද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූහ.




2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කැඩෙට් නිලධාරීන් විසිරයාමේ උත්සවය අද දියතලාවේදී