(සෙනරත් බණ්ඩාර)
කඩුගන්නාව සහ බලන දුමිරියපොළ අතර ඉනිමග රවුම සිංහකට බින්ගෙයට අඩි 500යක් පමණ ඉහළින් ඉරිතලා ඇති ගල් කන්ද පහළ දුම්රිය මාර්ගයට සහ ඇති කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයටත් මහන්තේගම ගම්මානයටත් ඉතාමත් අවදානම් බව ප්‍රදේශවාසිහූ පෙන්වා දෙති.
ඉංග්‍රීසි පාලන සමයේ දුම්රිය මාර්ගය සකස් කිරීමේදී කන්ද ඉහළ අවදානම් සහිත මෙම ගල්කන්ද ආරක්ෂා කිරීමට ගල්වැටියක් බැඳ යකඩ මුක්කු ගසා ඇත
වසර 150ක් පමණ පැරණි බව කියන එම යකඩ කූරු දිරා පත් වී ඇත.පිපිරුමට ජලය ඇතුල් වීම වැලක්වීමට තාවකාලික පිළියමක් වශයෙන් තහඩුවලින් පීල්ලක් යොදා ඇති අතර පසුකාලීනව එම පිපිරුම ඈත් වෙත්ම මුක්කු ගසා ඇති යකඩ කුරු දෙකක් නැවි පීල්ලද දිරාපත්වීමෙන් පසු නැවත අලුත් වැඩියා කර ඇත
ඉංග්‍රීසි පාලන සමයේ මෙම කන්ද නිරීක්ෂණයට කණ්ඩායම් යොදවා පැය 24 පුරාම සෝදිසි මෙහෙයුම් සිදුකළ බවත් කානු යොදා ජලය බැස යාමට සලස්වා ඇති බවත් විශ්‍රාමික දුම්රිය නිලධාරීහු පවසති.
මේ වන විට එම කටයුතු සිදුනොවෙන බවත් කානු කැළැවට යටවී ඇති නිසා මනා ලෙස ජලය බැස නොයන බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම ගල් කන්ද කොයි මොහොතක හෝ පෙරළී යා හැකි බව පවසන ප්‍රදේශවාසීහූ විශාල විනාශයක් වීමට පෙර බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවද පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිපිරුමේ පහළ කොටස වහාම කඩා ඉවත් කරන්න. කොන්ත්‍රාත්තුව මට දෙන්න.
විශ්‍රාමික දුම්රිය නිලධාරීහු වැඩකරන කාලේ අඩි ගහනවා, බුදියනවා... කතාව තියල මේ මුක්කු ටික හරියට ගැහුවා නම් ඉවරයිනේ... ඕක කවදා හරි කඩා වැටේවි...!!! මේ සුද්දගේ කාලේ නොවේ රට කරන මිනිස්සුන්ට වැඩ තියෙනවා.
ඔය ඇතැම් නිලධාරීන් පඩි ගත්තාට වැඩ නැහැ... නිකම්ම කකා බිබී ඉන්නවා.. ඒ හින්දා මේවා බලන්න අයත් නැහැ.
කඩුගන්නාව ස්ථිර මාර්ග අධීක්ෂණ කළමනාකරුගෙන් තොරතුරු විමසීමක් කළා නම් හොඳයි...
සුද්දාට පලු පැලෙන්න බනිනවා. පතුරු ගහනවා.. බටහිර බලවේග කියනවා. හැබැයි සුද්දා කරපු දේ අපේ අය දිගටම කෙරුවා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ...
මටත් හිතෙන්නේ කඩුගන්නාව ස්ථිර මාර්ග අධීක්ෂණ කළමනාකරුගෙන් තොරතුරු විමසීමක් කළා නම් හොඳයි කියල තමයි.