
(අනීෂා මානගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේ කඩඉම් ලකුණු අනුව පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(9) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාව නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු - ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර පසුගිය වර්ෂයේදී උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ ඉදිරිපත් වී විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම විරෝධතාවට එක්වූහ.
පසුගිය වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කඩඉම් ලකුණු අනුව අසාධාරණයක් සිදුව ඇතැයි විරෝධතාකරුවෝ කියති. තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයකු වන වසන්ත මුදලිගේ පැවසූයේ, පැරැණි සහ නව විශය නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටි අතර එක් එක් විෂය ධාරාවලින් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ළමයි ප්‍රමාණය ගැන රජයෙන් දැනුම් නොදුන් බවද එසේ තිබියදී විෂය ධාරා දෙකටම සමාන කඩයිම් ලකුණු ලබා දී ඇති බවයි. ගත හැකි ඉහළම ප්‍රථිඵල ලබාගෙන ඉහළ ඉසෙඩ් අගයක් ලබා ගත්තද විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින බව ද ඔවුන් සියලු දෙනාම විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගන්නා ලෙසයි.
තවද විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය ප්‍රමාණය දෙගුණ කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ දුවේ ඔබලාගේ ඉල්ලීම් ඉතාමත්ම සාධාරණය.. එහි කිසිදු විවාදයක් නොමැත.. ඔබලාට සාධාරණයක් ඉෂ්ට වේවා යන්න අපගේද ප්‍රාර්ථනයයි.. එලෙසම ඔබලාගේ පසුපසින් සිටින බොරදියේ විජේවීර උන්නැහේට පනදෙන්න හදන කළුකුමාරයාගේ අන්තරේ කසිප්පුකාරයන්ගෙන් ඉතාමත් ප්‍රවේසම්වෙන්න.. (බැනර් වල ලියා තිබෙන වාක්‍යයන් හා ඒවා ලියා තිබෙන හැඩහුරුව අනුව එය මනාවට තේරුම්ගත හැක..) එලෙසම නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිසි තේරුම දැනගනුමට උපරිම උත්සහා ගන්නා ලෙසද කීමට කැමැත්තෙමු.. වයසින් මුහුකුරා ගියත් කලුකුමාරයා ප්‍රමුක අන්තරේ මෝඩ රැල නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිසි අර්ථය නොදන්නා බවනම් ස්ථිරය.
විවිධ නම් වලින් පෙනී හිටින්නේ එකම කණ්ඩායමක්. කොහොම නමුත් කල යුත්තේ මෙය නෙවෙයි. බෝඩ් උස්සගෙන හිටියා කියල වැඩක් නැහැ. හැකි නම් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. වැඩක් වෙන්නේ එතකොට. අනෙක විවිධ පලාත් වලට විවිධ වෙනස්කම් වෙලා තියෙන්නේ. එක පලාතකට නව නිර්දේශයට තවත් තැනක පැරැණි නිර්දේශයට.
දැන් නුඹලා ඔහොම බෝඩ් උස්සන් කරන්න. දෙන්න කීවාම දෙන්න ඔන කියලද හිතන් ඉන්නේ...?
නිදහස් අධ්‍යාපනය ගැන කතාකරන උදවිය ටියුෂන් නිසා දිළිඳු ළමයින්ට වී ඇති අසාධාරණය ගැන හීනයකින්වත් නොකියයි. සැබවින්ම බොරුකාරයින්...
ආණ්ඩුව මෝඩ වෙලා මේ පාර විශ්වවිද්‍යාලවලට 10500ක් වැඩිපුර ගන්නවා කියලා කියන්න ඉක්මන් වුණා වැඩියි. මේ කඩඉම් ලකුණු ප්‍රකාශ කරලා ප්‍රශ්න එන විදිය බලලා වැඩිපුර ගන්නවා කියලා කීවා නම් ඔය උද්ඝෝෂණ කරන්නේ නැහැ.
කතාව ඇත්ත. විභාගයත් නොතියා නිකන්ම විශ්ව විද්‍යාලයට යන්න සලස්වනවා නම් තමයි වඩාත්ම හොඳ...