හදිසියේ ආරම්භ කළ දුම්රිය සේවක වර්ජනය නිසා අද අලුයම වන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගීන් දහස් ගණනකගෙන් පිරී ගියද මේ වන විට දුම්රිය ස්ථානය පාළු ස්වභාවයක් ගනී.
දුම්රිය ස්ථානයට ඇතුළුවෙන දොරටු වසා දමා තිබේ.
දුර ගමන් යන්නට ආ විදේශිකයන් ඇතුළු මගීහු කිහිප දෙනෙකු දුම්රිය නැවතුම්පොළේ පිටත රැඳී සිටිනු දක්නට ලැබිණි.
කුපිත වූ මගීහු ඊයේ රාත්‍රී දුම්රිය නැවතුම්පොළට අලාභ හානි සිදු කර ඇති ආකාරය ද දැක්නට ලැබිණි.
ඡායාරූප ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලට වෙලා මුවාවෙලා බයගුල්ලෝ වගේ ඉන්නේ නැතුව ඊයේ එලියට අවනම් දේපල වලට හානි නොකර ඉන්න තිබ්බා, අපෙන් සල්ලි අරන් රස්තියාදුකරපු අපිට උත්තර දෙන්න කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ මමත් ඔය වර්ජනය ඉවරවෙලා බස් වලින් ගෙදර යද්දී පාන්දර 1 වුනා
ලංකාවේ දොස්තරලා දුප්පත් අහිංසක ලෙඩුන් ඉලක්ක කරමින් වර්ජන කරන්න සේ, මේ නින්දිත දුම්රිය සේවකයින් ඉලක්ක කර ගත්තේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්. මේ සහ ගහන අපරාධ වලට මේ ආත්මයේදීම වන්දි ගෙවනවාට නියතයි.
ලංකාවේ තිබෙන ඉතාම ඛේදනීයම තත්වයක් තමයි මේ වුර්තීය සංගම් මාෆියාව. මොවුන් රාජ්‍ය ආයතන පමණක් නොවේ මුළු රටම දරුණු අගාදයකට පත් කරමින් සිටිනවා. කුමන අංශයක් හෝ වේවා, මෙවැනි වර්ජන වලට නායකත්වය ලබාදෙන මේ සමාජ විරෝධීන් රැකියා වලින් නෙරපීමට රටේ පාලකයා කටයුතු කල යුතුයි. නිදහසින් පසු නායකයෙක් නොමැති රටක ජීවත් වීමට මහජනතාවට සිදුවී තිබීම මේ සියලු පීඩාවන්ට හේතුවයි.
ප්‍රශ්නයකට ක්ෂණික විසඳුමක් දෙන්න බැරි නායකයෝ මොකටද රටකට?
රටේ ජනතාවට සේවයක් ලබා දෙන්න දන්නේ නැති දුම්රිය සේවකයෝ
රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ ශුභ සිද්දිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියත් තම අණ යටතේ ක්‍රියාන්විතයේ යෙදීම පසෙකලා, මාෆියා කල්ලි වලට මෙලෙස හිස ඔසවන්නට ඉඩ හරිනවා නම්, එම රට දෙයියන්ටම භාර කරනවා හැර රටේ ජනතාවට අන් සරණක් නොමැත..
අපේ රටේ මිනිස්සු හරිම අමුතුයි. මහා බැංකුව කොල්ල කෑවා, එකෙක්වත් ගිහින් මහා බැංකුවට ගල් ගැහුවද? ගෙදරයන්න බැරිවුණාම කෝච්චියේ ගල් ගහල, කුඩු කරලා යන්නේ. අමුතු ජාතියක් මේක
වර්ජනය කරන දවස්වල වැටුප් කපා හරින්න. ත්‍රිවිධ හමුදාව යොදවා දුම්රිය ධවනය කරන්න
රටේ හමුදාව සියලු අංශ වලට පුරුදු කරන්න ඕන එක මෙතෙක් කෙරුනේ නැති දෙයක් ..එක බහුතරයක් වූ ජනතාව වෙනුවෙන් රජය කරන්න ඕන වහාම ... එතකොට බොහෝදුරට ප්‍රශ්නය ඉවරනේ ... නමුත් හමුදාව පුරුදු කරනකොට සේවකයන් එකට විරුද්ධ උනොත් ජනතාව එකට එදා ස්ටේෂන් එක ඉදිරිපිටදී දුන්නු උත්තරය මතක තියාගන්න...
දෙන්න එපා වැඩි පුර සතයක් වත් මිනිස්සුන්ට ජරා වැඩ කරලා. ඉස්කෝලේ ළමයි අතරමන් කරලා විභාගේ අතරතුරේ.
වර්ජනයන්ට එරෙහිව එල්ලවන විරෝධය, වර්ජකයන්ට එරෙහිව එසවෙන ඔබගේ දෑත්, දුෂිත දේශපාලනයට සහ දේශපාලකයන්ට එරෙහිව එසවෙන්නේ නැතිතාක්කල් අපේ රටට ඉදිරියට යමක් සිතිය නොහැක. මෙම දුෂිත දේශපාලකයන් වෙනුවෙන් අපේ රටේ ජනතාව කොපමණ මුදලක් වැය කරනවද? වසර පහකින් විශ්‍රාම වැටුපක් ලබාගතහැකි රැකියාවක් කොහෙද තියෙන්නේ? තව ඕනෑතරම් කීමට ඇත. හිතල බලන්න. පාලකයෝ ආදර්ශමත්නම් ජනතාව ඉබේම ආදර්ශමත් වෙනවා.