
(ඩයනා උදයංගනී)
බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.
අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට රෝහලෙන් ලැබුණු කැඳවීමක් අනුව වෛද්‍යවරයා මෙලෙස රෝහලට පැමිණ තිබේ.
එම අවස්ථාවේ හදිසිය නිසා ඔහුට සිය කණ්ණාඩි කුට්ටම පවා අමතක වී ඇති අතර ඒ වෙනුවට කණ්ණාඩි කුට්ටමක් ද ඉල්ලාගෙන ඇත්තේ වෙනත් අයකුගෙනි.
වෛද්‍ය රාජකාරියේ දී අඳින ඇඳුමකින් සැරසීමට ගත වන කාලය ද රෝගියාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට වැදගත් බැවින් වෛද්‍යවරයා කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී පැමිණ මෙසේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව එම අවස්ථාවේ රෝහලේ අයකු විසින් ලබාගත් ඡායාරූප ද සමඟ වෛද්‍යවරයාගේ මුහුණු පොතෙහි ද පළ කර තිබිණි.
එම ඡායාරූප සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබිණි.
ඇඳුමද???
පැවරුනු දේව කාරියද??
එක වරම අසාධ්‍ය රෝගීන් තිදෙනිකි...
අලුයම ඇමතුම සමීර මල්ලිගෙන් අයියේ ඉක්මනින් වරෙන්..
ඇඳුම ??? ගැටලුවක් මට නැත. කන්නාඩ් කූට්ටම, කලපගේ මල්ලිගෙනි. අවුලක් අවශ්‍ය වන්නේ, රාජකාරිය ඉටුකිරීමම පමණි.
උපරිමයෙන් ඉටුකළෙමි. කොට කලිසම ගැටලුවක් නොවිනි.. ඉතිං ඇඳුම ?????
මේ රැඩිකල් වීම නොවේ.කාරිය කිරීම වෙනුවෙන්ම පමණි....”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලිත මහත්මා මම දන්නා තරමින් සේවයට කැප වුණු මහත්මයෙක් කියන්න පුළුවන් වෛද්‍යවරයෙක්. කරන සේවය ඉහළින්ම අගය කළ යුතුමයි. නමුත් මා දකින විදියට මාධ්‍ය මගින් සෑම විටම අගය කරනු ලබන්නේ වෛද්‍යවරුන්ගේ සේවය පමණයි. නමුත් මෙවැනි කැපකිරීම් කරන තවත් නොපෙනෙන බොහෝ පිරිස් සිටිනවා. මම දැක්කා අනෝරා වැස්සක වොල්ට් 33,000ක ලයින් එකක් උඩ නැගලා සිදුවූ දෝෂයක් නඩත්තු කරන විදුලි සේවකයෙක්. මට නම් ලක්ෂයක් දෙනවා කිව්වත් කරන්නේ නෑ. එච්චරටම භයානකයි. තවත් එවැනි බොහෝ පිරිස් ඉන්නවා ෆොටෝ ගන්නේ නැති. කවුරුවත් දන්නෙත් නැති. එවැනි ඕනෑම අයෙක්ව අගයන්න පුළුවන් නම් වටිනවා. මේක වෛද්‍යවරයාට අපහාසයට නොවේ...
මෙන්න දෙවිවරැ මෙි ලෝකෙ ඉන්න වෙන කියන්න දෙයක් නැහැ වෛද්‍ය තුමනි ඔබට බුදු සරනයි
We need people like you. අපිට අද අවශ්‍ය සම්ප්‍රදායට අභියෝග කරන්න පුළුවන් මිනිස්සු. We need people with Rebel Talents. අපි කරේ එල්ලගෙන ඉන්න සම්ප්‍රදාය බිම තියලා, ඒකට අභියෝග කරලා, මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සහ අලුතෙන් හිතන්න පුළුවන් ජාතියක් හදන්න අවශ්‍ය මිනිස්සු අපි එකතු කරන්න ඕනේ.
ඔන්න පලිගැනීමක් අවශ්‍ය නම් මේකට විනය පරීක්ෂණයක් වුණත් දාන්න පුළුවන්. එහෙව් අයියලා අපේ ඉන්නේ.
මුහුණු පොතේ දාන්න ඕනේ නෑ ඕවා. මුහුනුපොත කියන්නේ මහා විකාරයක්. ඕප දුප. මුලින් tik -toක් මානසික රෝහල් ඇතිකරයි කියලා හිතුවද ඒ වගේ තමයි පස්සේ කාලෙක මේකත් බුද්දිමත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. නිකරුනේ කාලය කන කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්. මුහුණු පොත් තියෙන අය හිතලා බලන්න ඒවගෙන් ලැබුන හොඳ දේද වැඩි නරක දේද කියලා. අනිවාර්යෙන් නරකමයි වැඩි. මානසික අව්ල්, පීඩනය අනුන්ගේ දේවල් වලට .... හොඳින් බලන්න මේවයේ එල්ලිලා ඉන්න අයගේ ජීවිත.... බබා ලැබෙන්න ඉන්නකොට කළලයත් මේකට දානවා. පොඩ්ඩක් හිතලා බලන්න මොනවදමේ. කොහේද මේ යන්නේ. වෙනුවෙන් කාලය නිකරුනේ කන පිරිස dislike දාන්න බලමු.... ඇත්ත ඇත්තටමයි කීවේ.
ඕවට කියන්නේ ගොං ආතල් කියලා. ඕනම වෛද්‍යවරයෙකුට ලෙඩාගේ හුස්මගන්න එක රුධිරය සංසරණය, මොළයේ ක්‍රියාකාරීත්ව මූලික අවස්ථාවේ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනි. ලෝකෙ දියුණු රටවල හිදිසි ප්‍රතිකාර ගෙදර ඉදන් ඇවිල්ලා කරන්නේ නැහැ. එතකොට ලෙඩා මැරිලා ඉවරයි. හදිසි ප්‍රතිකාර කරන එක ලෙඩා එනකොට එතැන ඉන්න ඕනි. එහෙම නැතිනම් ඉන්න උන්ට හරියට පුරුදු කරන්න ඕනි. ඔය ගෙදර ඉදන් එනකොට පාරේ මිනිහෙක් යට වුණොත්. නැත්නම් දොස්තරම හැප්පුනොත්.... බොරු ගොං ආතල්. හැබැයි රුධිර වහනය පාලනය කරන්න බැරි ලෙඩෙක් ශල්‍යාගාරයට ගන්නවනම් සර්ජන් ගෙදර ඉඳන් එන එක අනුමත කරන්න පුළුවන්. මොකද මූලික ප්‍රතිකාර කරලා වැඩිපුර ප්‍රතිකාර කරන්න තමයි ඕනි. ඒකට විශේෂඥ සේවය අවශ්‍යයි. රටේ ඉන්න හදපු ඔක්කොම emergency specialist ලා රට දාලා ගිහිල්ලා එංගලන්තෙයි ඔස්ට්‍රේලියාවෙයි. ඒ අය මාර වැඩ ටිකක් කරා. බදුල්ලෙ හිටපු නෝනත් එංගලන්තෙට ගිහින්. නුවර, මාතර, රත්නපුර රෝහල්වල වලත් අය ගිහින්.
මෙි වගේ දෙවි වරැන්ව පලවා හරින්න එපා.
ඔබතුමන්ට පින්. දේව ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබ වැනි මහත්වරුන් අපට එනම් අපේ රටට මහත් සේ ඕනෑකර තිබේ. ස්තූතියි.
ශ්‍රී ලංකාවට අවශ්‍ය මෙවැනි මහත්වරුන්ය. තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන පමණක් සිතන දේශපාලක මහත්හොරු නොවේ.
අති විශිෂ්ටයි
මිහිපිට දෙවිකෙනෙක් දීඝායු වේවා නිරෝගි වේවා පාලිත රාජපක්ෂ මහතාට
You have done a very great job doctor. God bless you
මෙය දේශපාලනයට සම්බන්ධ කටයුත්තක් නොවන නිසා... ඒ පුරුද්දට හොඳක් නොදකිනන්සේ නොඉඳ, හොඳ දේ අගයන්න. එහි අහු මුලු වල ඇති අඩු පාඩුම සොයන පහත් පුරුදු අයින් කරන්න. වෛද්‍යතුමාට පින්. 2023 ශ්‍රීලංකාවට සෞභාග්‍ය උදා වේවා!!!
This doctor has violated his duty. Doctor who works in Emergency Treatment unit can not go home. If patient had bad outcome he is liable to criminal negligence. Buy looking at previous posts, it's obvious why this country goes from bad to worse.
පුතේ තාත්තාට සහ අම්මට ව්සාල ආඩම්බරයක් . ඔය දරුවගෙ දරුවොත් ඔයා වගේම වෙවි.
දොස්තරම තමන්ම මුහුණු පොතේ දාගත්තු එකයි වරද... ප්‍රසිද්ධිය ගන්න නේද?
හදිසි රෝග ප්‍රතිකාර වාට්ටුවේ වෛද්‍යවරයා සිටිය යුත්තේ රෝහලේ මිස ගෙදර නොවන බව කවුරුත් වටහාගත යුතුයි. එයින් බේරීමට පණ කඩාගෙන වාට්ටුවට ආ බව බොහෝ අයට අමතක වී ඇත...
දොස්තල 500ක් විතර රාජකාරී කරන ටීචින් හොස්පිටල් වල පවා නයිට් එක කරන්නේ දොස්තරලා 4-5යි. මෙහෙම වෙන්නේ කොහොමද? සහ ඒ වුණාට කීදෙනෙක් ගෙදර ඉඳන් ඕ ටී සයින් කරලා ක්ලේම්ස් ගන්නවාද? දේශපාලකයින් ගාවට රටේ බදුමුදල් ගසාකන කොට්ටාශයක් තමයි. මේ රාජ්‍ය සේවකයින්. තමන්ගේ රාජකාරිය කරා කියලා එයා දෙවි කෙනෙක් වෙන්නේ මේ ගොබ්බ ලන්තේ විතරයි. බොරු ෂෝ ඕෆ් කාරයා කියලා හැමෝම දන්නවා...
ගියපාර නිමල් සිරිපාලගේ විරෝධය නිසා බදුල්ලට ගෝඨාභයගෙන් නොමිනේෂන් ලැබුනේ නෑ. මේ පාර අළුත් කරනමකට වගේ ලෑස්තිය..
කවුරුන් කෙසේ සිතුවත් මෙය වැරදි වැඩකි, විෂබීජ හරණයකින් තොරව ඇවිත් අනෙකුත් රෝගීන් දෙදෙනාගේ ජීවිතද අනතුරේ දෑමිමමකි,.. ඔවුන්ට මොනයම් හෝ දෙයක් උනිනම් වගකීම බාර ගන්නවද?
Excellent job and good doctor