IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටි කාලේ වළ දැමු පීඩන බෝම්බයක් හමුවෙයි

රොමේෂ් මධුෂංඛ

 
යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද කිලෝ 15 ක් බරැති අධි බලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී හමු වී ඇති බව කොක්කුතුඩුවායි පොලීසිය පවසයි.

1984 වසරේදී බෝම්බය වළ දමා තිබූ ඉඩම හිමිකරු විසින් යුද සමයේ දී අතහැර දමා ගොස් ඇති අතර යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදීය. එහිදී අදාළ හිමිකරු විසින් ඉඩම එළිපෙහෙළි කිරීමට භූමිය සකස් කිරීමේදී මෙම පීඩන බෝම්බය දැක ඒ බව ප්‍රදේශ බාර ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී පසුව කොක්කුතුඩුවායි පොලීසියට දැනුම් දී ඇත.

පසුව කොක්කුතුඩුවායි පොලීසිය හා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සෙබලුන් පිරිසක් පැමිණ අදාළ පීඩන බෝම්බය ගොඩට ගෙන මුලතිව් අධිකරණ නියෝගයකට අනුව  නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.

අදාළ පීඩන බෝම්බය කිලෝ 15 ක බරින් යුක්ත වන අතර යුද සමයේ දී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශවල යුද ටැංකි ගමන් නැවත්වීම පිණිස මෙම පීඩන බෝම්බ වළදමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.



අදහස් (1)

කොටි කාලේ වළ දැමු පීඩන බෝම්බයක් හමුවෙයි

Lt menaka walithalaws gajaba rejiment Tuesday, 11 December 2018 06:59 PM

මේවා කරවන්නේ නන්දිකඩාල් වීරයාගේ ගෝලයිනුයි. නම් ගම් කරවන අය අවශ්‍ය වෙලාවට අපි ඉදිරිපත් කරන්නෙමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site