මනෝජ් හර්ෂික
තෙවැනි ඇසකින් ලෝකය නැවුම් ආකාරයට දැකීමට කැමති සමුහයක් එක්වී මුහුණු පොත තුළ නිර්මාණය කළ“ කැප්චර් පොටෝ ක්ලබ්(capture photo club)“නිර්මාණශිලී ඡායාරූපයට ඇළුම් කරන බාල මහලු කාගෙත් ඉමහත් ආකර්ෂණයක් මුහුණු පොත තුළ මේ වන විට හිමි කර ගැනීමට සමත්ව ඇත.
මෙම පිටුව තුළ ආධුනික නිර්මාණකරුවන්ගේ සිට ප්‍රවීණ ඡායාරූප ශීල්පින් දක්වා වු පිරිසක් තම නිර්මාණශිලී හැකියාවන් උරගා බලමින් සිටිති.
ජංගම දුරකතන කැමරාවේ සිට ඕනෑම කැමරාවක් භාවිතා කර මෙම පිටුව සඳහා ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර නිශ්චල ඡායාරූප මෙන්ම ත්‍රිමාණ ඡායාරූප සඳහා ද පිටුවේ ඉඩක් වෙන් කර දීමට අධික්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.
මෙම ඡායාරූප පිටුවට දිනපතා එකතුවන ඡායාරූප හා නිර්මාණ නිසි ඇගැයීමකට ලක්කොට නිර්ණායකය යටතේ බෙදා පිටුව මඟින් දිනයේ හොඳම ඡායාරූප තුනක් තෝරා පළකරයි. එසේම මාසයේ හොඳම ඡායාරූපය තෝරා ඒ සඳහා විශේෂ ඇගයීමක් අධීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි . මෙම නිර්මාණ සඳහා ඇඩොබි ෆොටෝ ෂෝප්,ඉලස්ටේටර් වැනි මෘදුකාංග ද මේ සඳහා උපයෝගී කරගත හැකිය.
ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීම,පාසල්වල ඡායාරූප සංගම් පිහිටුවීම සඳහා වැඩමුළු පැවැත්වීම, සිසුන් දැනුවත් කිරීම ආදී ක්‍රියාකාරම් කිරීමත් කැප්චර් පොටෝ ක්ලබ්හි අපේක්ෂාවකි.
පිටුව සඳහා සමාජිකයින් ඉදිරිපත් කළ නිර්මාණාත්මක ඡායාරූප කිහිපයක්.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් අගනා මෙහයුමකි. මේ තුලින් මිනිසුන්ගේ චිත්ත සංයමය මනසේ නිරවුල් බව පරිසරයට සහ මානව වර්ගයට ඇති දයාව වැඩි දියුණු වේ. එය අද දවසේ සමාජයට අවශ්‍යම ඔසුවකි. අපේ සුබ පැතුම්.
ආරියපාල හේවගේ මයා වෙත, ඔබගේ අදහස නිවැරදි වන අතර දැනට පවතින සමාජයට මෙවැනි ඡායා රූපවලින් එලෙස මනස සන්සුන්වේද යන්න ප්‍රහේලිකාවකි. කෙසේවෙතත් කිසියම් ඡායාරුප ශිල්පී, ශිල්පිනියකට "අසත් පුරුෂයන්ගේ ඡායාරූප තම කැමරා කාචයේ සටහන් කිරීමට අවශ්‍ය නම් ඔවුන් දියවන්නා ඔයේ පිහිටි මඩගොහොරට ගියහොත් නානාප්‍රකාර අසත්පුරුෂයන් 200 කටත් වඩා අධික ප්‍රමාණයකගේ ඡායාරුප ගතහැකිය.