අමල් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් විය.
නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් පසුව පවත්වන දෙවැනි දේවමෙහෙය මෙය වේ.
යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයද, ගාල්ල පදවියේ රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂාවෙන් දේව මෙහෙයද පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති,රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද සහභාගී වුහ.
තවද, මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් 10,000 කට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකීය මෙන්ම, ඉන්දීය කතෝලික බැතිමතුන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය මම දකිනවා. විශේෂයෙන් දෙරටේ මිතුදම් යාකෙරුණු තවත් එක අවස්ථාවක්. මෙය සංවධොනය කිරීමේදී වෙහෙස මහන්සි වුණු නාවික හමුදාවට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. ධීවර ප්‍රජාවගේ මෙන්ම අන්‍ය අගමිකයන්ගේද සාන්තුවරයා ලෙස ගෞරවාදරයට පත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි, දෙවිදුන් තුල මහා බලවන්තයෙනි, ජේසු ස්වාමිදරුවන් ඉදිරියේ පාපිවූ අප නිසා යදිනු මැනවි.
ඔය උතුරු පැත්තේ සිංහල කිතුණු ධීවර ගම්මාන වල ඉන්න උන්ව එළවන්නේ ඇයි? දෙමළ කිතුණුවන් සිංහල කිතුණුවන්ට වඩා උසස්ද?
මේක කච්ච දූපතද? කච්චතිව්ද?