IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කච්චතිව් දේවස්ථානේ වාර්ෂික මංගල්‍යය අවසන් වේ

අමල් වික්‍රමරත්න  

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් විය. 

නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් පසුව පවත්වන  දෙවැනි දේවමෙහෙය මෙය වේ.

යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයද, ගාල්ල පදවියේ රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂාවෙන් දේව මෙහෙයද පවත්වන ලදි. 

මෙම අවස්ථාව සඳහා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති,රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද සහභාගී වුහ. 

තවද, මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් 10,000 කට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (5)

කච්චතිව් දේවස්ථානේ වාර්ෂික මංගල්‍යය අවසන් වේ

sdr fernando Sunday, 25 February 2018 02:34 PM

යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකීය මෙන්ම, ඉන්දීය කතෝලික බැතිමතුන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය මම දකිනවා. විශේෂයෙන් දෙරටේ මිතුදම් යාකෙරුණු තවත් එක අවස්ථාවක්. මෙය සංවධොනය කිරීමේදී වෙහෙස මහන්සි වුණු නාවික හමුදාවට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. ධීවර ප්‍රජාවගේ මෙන්ම අන්‍ය අගමිකයන්ගේද සාන්තුවරයා ලෙස ගෞරවාදරයට පත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි, දෙවිදුන් තුල මහා බලවන්තයෙනි, ජේසු ස්වාමිදරුවන් ඉදිරියේ පාපිවූ අප නිසා යදිනු මැනවි.

:       718       543

කුමාර් (ගල්ෆ්) Monday, 26 February 2018 02:48 PM

එස්.ඩී.ආර්. ප්‍රනාන්දු මහත්තයෝ අඩුම ගානේ කතෝලික බයිබලේ කොහේ හරි ලියලා තියෙනවාද මළවුන්ට, ජීවත්වන අපි වෙනුවෙන් යදින්න පුළුවන් කියලා? ඉතින් කෙසේද අන්තෝනි මුනිඳුන්ටයි, මරියා තුමියටයි යදින්න කියන්නේ?

:       4       156

Fransis Almeda Wattala Monday, 26 February 2018 02:36 AM

ඔය උතුරු පැත්තේ සිංහල කිතුණු ධීවර ගම්මාන වල ඉන්න උන්ව එළවන්නේ ඇයි? දෙමළ කිතුණුවන් සිංහල කිතුණුවන්ට වඩා උසස්ද?

:       211       373

Jahamanayaa Monday, 26 February 2018 07:38 AM

මේක කච්ච දූපතද? කච්චතිව්ද?

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 27 February 2018 06:56 AM

දෙමළ කිතුණුවන් සිංහල කිතුණුවන් කියා කොටස් දෙනක් නෑ ජේසු තුමන්ගේ ඉගැන්වීමට අනුව, ජේසු තුමන් තුල තරා තිරම් නම්බුනාම පට්ටම් නෑ, ඒවා තිබුනේ පැරණි ගිවිසුමේ, මේ දේවල් සභා වල වැඩිහිටියෝ කියා නොදෙන්නේ එයාලාට ඉහලින් වැජබෙන්න ඕනා නිසා. ලංකාවේ නියම කිතුණුවෙක් "ශ්‍රී ලාංකික කිතුණුවෙක්" මිසක ඔහු සිංහල හෝ දෙමල කියා කියාගනීම ජේසු තුමාගේ ඉගැන්වීමට අනුව පටහැනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site