විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද(22) බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.
එම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර නාහිමියෝ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූප - ලහිරු හර්ෂණ








2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේක සංවර්ණ ජයන්තිය
බද්රානි Monday, 23 July 2018 07:24 AM
හොඳ විනයක් තිබෙන නිසි නායකත්වයක් තිබෙන, දේශපාලකයින්ට ගැතිකම් නොකරන, පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට එකසේ සලකන, කතෝලික සභාව මොන දේ සංවිධානය කළත් එතන, පිළිවෙලයි ලස්සනයි. අපේ රටේ දේශපාලකයින් සමහර පූජ්‍ය ස්ථාන වලට එම ස්ථානය ගොස් දේශපාලන වේදිකාවක් කර ගන්නවා වෙනුවට, මෙතන, පූජකයින් තමන්ගේ ගෞරවයත්, දේශපාලකයින් තමන්ගේ වැදගත්කමත් රැකගෙන හැසිරෙන බව තමයි මේ පින්තූරවලින් පිලිඹිබු වෙන්නේ...
sunimal Monday, 23 July 2018 09:13 AM
වහන්සේ කෙනෙක්ට අතට අත දෙන්නේ... මොන සංස්කෘතියේ අයද මේ, වඳින්නේ නැතුව...
LapayaMonday, 23 July 2018 11:26 AM
අතට අත උත්සවය සංවිධානය කරලා තියන කතෝලික සංස්කෘතිය අනුව. නැතුව මෙතන වදින සංස්කෘතියක් නැහැ. මෙතන පන්සලක් නෙමෙයි. තැනට ඔබින විදියට වැඩ කරනවා ඇරෙන්න නොගැලපෙන වැඩ කරන්න අවශ්‍ය නැහැ. මේකෙන් පෙන්වන්නේ ආගම් අතර තියන සමගිය.
chris Monday, 23 July 2018 10:35 AM
ආගම දේශපාලනීකරණය වෙලා... අහෝ ජේසුනි, ඔවුන් නොදැන කරන වරදට කමා කරන සේක්වා !!!