
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඉන්දීය රජයෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගය රැගත් ‘ශක්ති’ නෞකාව අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහන ‘ශක්ති’ නෞකාව ද, ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර එම නෞකාව ලබන ඉරිදා හෝ සඳුදා කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
ඉන්දීය රජයෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා සමඟ සෘජුව සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්වූ බවත් නාවික හමුදාව කියයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පැරණි ගීතයක් මතක් වෙනවා. එයින් කියැවෙනවා කන්න.., අඳින්නත් පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා කියලා.. අනේ, අපිට ගිය කලක් කියලා හිතන්නේ නැද්ද වියතුනේ..?
ඔක්සිජන් කන්නද අහපු ඇමැතිවරු ඉන්න රටක් බොලව් මේක... ජයවේවා සර්ට... සර් පාස් දැන්...
නරකද ඔක්සිජන් ඇමැති කෙනෙක් පත්කළොත්?