(ඉෂාන් සංජීව)
පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බැවින් ඊට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාට අද(23) ලිපියක් ලබා දුන්හ.
‘‘අපි මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ සාකච්ඡා කළා. මෙම පනත ඡන්ද විමසීමකට ලක් නොකරන බව කතානායකවරයා අපිට දැනුම් දුන්නා. නමුත් මෙම පනත හෙට ඡන්ද විමසීමකට ලක් කරන බව සභානායකවරයා දැනුම් දුන්නා. නමුත් තවමත් මන්ත්‍රීවරුන්ට හෝ මැතිවරණ කොමිසමට එම සංශෝධන ඉදිරිපත් කර නැහැ. මේ වනවිට අවුරුදු දෙකයි මාස දෙකක් තිස්සේ මැතිවරණ කල් දමලා. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට කුමන හෝ මැතිවරණයක් අවශ්‍යයි‘‘ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ පළාත් පාලන සංශෝදන පනත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් අද (23) මැතිවරණ කොමිසමේ සභාපති හමුවීමට පැමිණි අවස්ථාවේදී ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් නියම වැඩක් නේ...
අනාථ නාථ ලා ටික...
මේ ඔය රස්තියාදු වැඩ කරන්නේ නැතිව අපේ ළිඳ ඉහලා සුද්ද කරලා දෙන්න එනවද?
සීරුවෙන්,කොහොමටත් යහපාලනය හොර වැඩවලට අති දක්ෂයි.
බොරු බේගල් ගහන්නේ නැතුව අවංකවම උදව් කලානම් මේක මෙතරම් කල් යන වැඩක් නොවන බව පොඩි ළමයකුට වුණත් තේරෙනවා. මොවුන්ට ඡන්දෙට යන්න තියෙන බයට බොරු බේගල් කියකියා කල් යවන එක තමයි කරන්නේ.
ඔතන ඉන්න නානායක්කාර නම් වලපයයි, ගොඩපයයි තියෙන කෙනෙක් නේද? මේ නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ගෙදර හිටියා නම් තමා හොඳ...
පව් අනේ, මෙතුමාලා මහජන සේවයට කරදර වෙන තරමක්....! අපේ රටේ මොනවා නැතත් හැමදාම හැම පුවත් පතකම සහ චැනෙල් එකකම මැතිවරණය, ව්‍යවස්ථාව සහ පක්ෂ සංවිධානය ගැන විතරයි කතාව. කවුරුවත් කතා කරනවද රට සංවර්ධනය කරන හැටි හෝ එතුමන්ලාගේ සංවර්ධන වැඩපිළිවෙලවල්. අඩු ගානේ අපේ රටට මොකද වෙලා තියන්නේ කියලා බැලුවද? .
මේ ගොල්ලන්ගේ වැඩේ දැන් විශ්වාස භංග ගේන එකයි. හොරකම් කරලා මදිවට තවත් තණ්හාව බලයේ ඉන්න. ඩලස් මන්ත්‍රීතුමා නරකද ඔය බඩ බස්සගන්න ව්‍යායාමේ යෙදුනොත්. සෞඛ්‍යයට හිතකර වේවි!!! නිකම් මිනිස්සුන්ව මුළා කරන්න එපා.
පින් සිද්ද වෙනවා ඔබතුමන්ලාට දැන්වත් මේ රට කරගෙන යන අයට සහයෝගය දෙන්න. නැතිනම් පැත්තකට වෙලා ඉන්න. රටක් ආපස්සට අදින බල ලෝභී ලෝකයේ එකම විපක්ෂය....