(නිමල කොඩිතුවක්කු)
හිටපු කම්කරු නායකයකු සහ කොළඹ හිටපු නගරාධිපතිවරයකු වන ඒ. ඊ ගුණසිංහ මහතාගේ 128 වන ජන්ම දිනය සහ ලංකා කම්කරු පක්ෂයේ මැයි දින සැමරුම පිටකොටුව ඒ. ඊ. ගුණසිංහ ප‍්‍රතිමාව අභියසදී අද (1) පැවැත්විණි.
ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ලංකා කම්කරු පක්ෂයේ නායක හා ලංකා කම්කරු සමිති සභාපති විජිත කදිරගොන්න, කොළඹ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම් ඉක්බාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වූහ.
එහිදී ඒ. ඊ. ගුණසිංහ ප‍්‍රතිමාව වෙත මල් මාලා පැළඳවීම ලංකා කම්කරු පක්ෂයේ නායක විජිත කදිරගොන්න, කොළඹ නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම් ඉක්බාල් යන මහත්වරුන් විසින් සිදු කළ අතර ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.
මෙම උත්සවයට සමගාමීව විවිධ රෝගා බාධවලින් පෙළෙන පුද්ගලයන් සඳහා මුදල් පරිත්‍යාග කිරීමක් ද සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙසේ ද කීය.
‘‘ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ලංකාවේ කම්කරු දිනය නීතිගත කිරීමට මූලිකත්වය දැරූ ඒ. ඊ. ගුණසිංහ මහතා සිහිපත් කිරීමට අද අපි කටයුතු කළා. එතුමා මේ රට වෙනුවෙනුත් කම්කරුවන් වෙනුවෙනුත් විශාල සේවයක් ඉටුකළ විශිෂ්ට කම්කරු නායකයෙක්.
මේ රටේ ඛේදවාචකයක් වෙච්ච අවස්ථාවක සියලුම මැයි රැළි තාවකාලිකව නතර කරලා තියෙන අවස්ථාවක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ගුණ සැමරීමට පියවර ගැනීම පිළිබඳ ලංකා කම්කරු පක්ෂයේ නායක විජිත කදිරගොන්න මහතා ඇතුළු පිරිසට මම ස්තූතිවන්ත වෙනවා.
අපේ රටේ කම්කරු නායකයා වගේම මැයි දිනය සැමරීමට මූලිකත්වය දුන් නායකයා මෙන්ම මේ රටේ සර්වඡන ඡන්ද බලය ලබා දීමට මූලිකත්වය දුන් නායකයා විදියට ඒ. ඊ. ගුණසිංහ මහතා විශාල සේවයක් අපේ රට වෙනුවෙන් සිදු කරලා තියෙනවා’’ යැයි ද ඔහු එහිදී පැවැසීය.
මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු පක්ෂයේ නියෝජිතවරු ඇතුළු පිරිසක් එක් වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඒ. ඊ ගුණසිංහයන්ගේ 128 වැනි ජන්ම දිනය සැමරේ