IMG-LOGO

එළුවන්කුලමේ වසර සිය ගණනක් පැරණි ගස් ගිනි තබා වනසති

 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව පරණ එළුවන්කුලම  කුඹුරු තුළ ඇති දැවැන්ත වසර සිය ගණනක් පැරණි කුඹුක්, මී, නුග ඇතුළු ඇතුළු වෘක්ෂයන් කුඹුරු හිමියන් විසින් ගිනි තබා වනසා දමා ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරති.

පරිසරවේදින් පවසන්නේ පරණ එළුවන්කුලම හා තවුසමඩුව කුඹුරු හිමියන් වන සතුන් තම කුඹුරුවලට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම දැවැන්ත සංහාරය සිදුකර ඇති බවයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරණ එළුවන්කුලම ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි මෙම කුඹුරු යාය අක්කර 500  කට වැඩි ප්‍රමාණයකින් යුක්තය. අදාල කුඹුරු යාය විල්පත්තුව ජාතික වන උද්‍යානයට  ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර එම පරිසර පද්ධතිය තුළ සැරිසරන පක්ෂීන් මෙම කුඹුරුවල ඇති දැවැන්ත ගස් තුළ බිජු දමන බවද ඔවුහු කියති.

දිගින් දිගටම නීතිවිරෝධීව සිදුකරන විනාශයට කිසිදු රජයේ නිලධාරියකු මේ වන විටත් කිසිදු අවධානයක් යොමු කර නැති බව ද මෙම කුඹුරු යායේ එක් කොටසකට කිසිදු නීත්‍යානුකුල අයිතියක් පවා තවමත් නොමැති බව පරිසරවේදීහු චෝදනා කරති .

මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් පාලිත සේනාධිර මහතා ගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“කිසිම ආකාරයකින් කුඹුරක හෝ වෙනත් තැනක මේ ආකාරයට ගස් ගිනි තැබීමටත් විනාශ කිරීමටත් කිසිම අයකුට නීතිමය අවසරයක් නැහැ. ඒ නිසා මම කඩිනමින් මේ තත්වය සොයා බලනවා’’ යැයි පැවසිය.

වනතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මෙසේ කීය.

“පරිසර කමිටුවේ අවසරයකින්  තොරව කුඹුක් වගාවට හානි කියලා විනාශ කරන්න හැකියාවක් නැහැ" යැයි ඔහු පැවසිය.

මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“එක් වතාවක් මේ කුඹුරු වලට ජලය ලබා දෙන නෙළුම් වැව ආසන්නයේ තිබු කුඹුක් ගසකට ගිනි තියලා මම ඒ පිළිබදව අවවාද කළා. අපි නැවත සොයා බලන්නම්. කිසිම ලෙසකින් මේ පරිසර පද්ධතිය විනාශ කරන්න ඉඩ නැහැ" යැයි ඔහු පැවසිය.



අදහස් (3)

එළුවන්කුලමේ වසර සිය ගණනක් පැරණි ගස් ගිනි තබා වනසති

Chandima Sunday, 25 October 2020 07:09 PM

මින් පස්සේ එ් කුරුල්ලන් හතර අතේ නොයා වනෝද්‍යානය අතුළේ තියෙන ගස්වලම බිත්තර දායි.

:       0       0

Dimuthu Monday, 26 October 2020 01:07 AM

මා දන්නා ආකාරයට ලංකාවේ පහළ වූ කිසිම ආණ්ඩුවක් මේ තරම් පරිසර විනාශයක් වනතුරු බලා සිට නැත. මේ මරා දමන්නේ අපේ මුතුන්මිත්තන් විසින් අනාගත පරපුර උදෙසා දායාද කළ අතිශය වටිනා, කිසිම විටකදී නැවත පන දිය නොහැකි ජාතික සම්පත් වේ. කපා දමා ඇති එක ගසක වටිනාකම ගස් 1000 ක් සිටවූවත් ලබා ගත නොහැකි බව නම් පැහැදිලිවම කිව හැකිය.

:       0       0

Pradeep Monday, 26 October 2020 05:21 AM

දිලීප මහත්තයෝ විනාශ කරන්න දෙන්නෙ නෑ කිව්වට දැනටම විනාශ කරලා ඉවරයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site