
(ප්‍රියාණි මංගලිකා)
කොරෝනා මර්ධන එන්නත් කරණ වැඩසටහන් සඳහා නිසි වාහන පහසුකම් නොමැති කමින් , වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථයකින් පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව පවසයි.
විශාල රෝගීන් සංඛ්‍යාවක්ද වාර්තා වෙමින් ,කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින වාරියපොල ප්‍රදේශයේ ජනතාව ඉන් මුදවා ගැණීම සඳහා සෞඛ්‍ය අංශ අව්ව වැස්ස නොතකා සභාවේ ට්‍රක් රථයකින් ගොස් කටයුතු කරණ අයුරු ඉතා සංවේදී කාරණයක් බවද ජනතාව බලධාරීන්ට අවධාරණය කර සිටිති.
කොරෝනා ආසාධිතව නිවෙස් වල සිටින රෝගීන් ගේ රෝග තත්ව සොයා බැලීම සඳහාද සභාව සතු ට්‍රක් රථයකින් සෞඛ්‍ය අංශ පැමිණෙන බවද ,පවතින තත්වයෙන් නිලධාරීන්ද අපහසුතායට පත්ව සිටින අයුරු දක්නට ඇති බවද ජනතාව කියා සිටිති.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කලේ සියලු සේවා කටයුතු සඳහා එක් පැරණි ගිලන් රථයක් පමණක් ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැපපහසු වාහන නැතුව ගමන් යනකොට කොන්දෙ ඩිස්ක් යනවා කියලා කවුද පාර්ලිමේන්තුවේ කිව්වා නේද? එහෙම බලන කොට දෙවිවරු වගේ මේ මිනිස්සු මොන තරම් කැපකිරීම් කරනවද? අපි සර් ගෙනාවේ මේ දේවල් වෙනස් කරයි කියලා බලාපොරොත්තුවෙන්... හැබැයි අද වෙන දේවල් දකිනකොට හරිම කලකිරීමක් ඇති වෙනවා...
මාධ්‍ය ආයතනත් කැමැති යුද හමුදාවේ ඒවා රැස් විහිදගෙන ගෙයක් ගානේ යන ඒවා ප්‍රචාරය කරන්නයි. එ් වැඩ හොඳයි, සුවපහසුයි වගේම, මේ නිලධාරීන්ටත් ජාතියේම ස්තුතිය හිමිවිය යුතුයි. අඩු පහසුකමින්, අඩුවියදමින් මේ දේවල් කරනවාට.
පාර්ලිමේන්තුවේ මැතිඇමැතිලගේ වාහන ටික සුමානෙකට ඉල්ලගන්න ක්‍රමවේදයක් නැද්ද?
කාරණා දෙකක්. 1. මේ ක්‍රමය එම නිලධාරීන්ට අපහසුවක් සහ අවමන් කිරීමක්. 2 එන්නත් රැගෙන යා යුත්තේ නිවැරදි ක්‍රමවේදයකට. මේ විදිහට නොවේ. නිලධාරින් වහා නිවැරැදි කරාවි යැයිි බලාපොරොත්තු වෙමු..
කෝ මේ ප්‍රදේශයේ දේශපාලකයා? අපි උදව් කරන්න කැමැතියි. වාහනයක් කුලී පදනම මත ලබාදිය හැකිය.
අනේ පව් බලනන
අයියෝ මෙහෙමත් කරුමයක්... අවුරුදු 23ක් අයියා, මලෝ ඇතුළුවම නේද රජකම් කළේ..? පව් අප්පා. මේ මිනිස්සු විඳින දුක... කුණු ට්‍රැක්ටර් එක හොඳයිනේ...
ඔබලා 69 ලක්ෂය රැවටිලා ඡන්දෙ දුන්නේ මෙහෙම වෙන්නද
රටට විහිලු සපයන්නෙ නැතුව ඉනන තමයි තියෙන්නෙ
ගිනි අව්වෙ මෙහෙම සේවකයො කටු කාගෙන බෙහෙත් ගහද්දි, එන්නත් වල ප්‍රමිතියක් තියෙනවාද?(උෂ්ණත්වය), ඇත්තටම අඩුම ඒසී තියෙන වෑන් කටුවක් වත් නැද්ද?
තියෙන සම්පත්වලින් වැඩ ටික කරන විදිහ දැක්කාම අනුකම්පාව මුසු සතුටක් එනවා. මේ ගොල්ලන්ටම සතුටක් එනවා ඇති අපි මෙහෙම වැඩකරලයි මේ ලෙඩේ මර්දනය කලේ කියලා. ඒත් මුහුණට දමන්න මාස්ක් එක බෙල්ලට දාගෙන ඉන්න ගොයියන් දැක්කාම මේ අය තමයි කොරෝනා කියලා හිතෙනවා...
ගො.රා., ම.රා., බැ.රා. බලපල්ලා මේවා... අපේ රටේ සල්ලි පිල්ලි ගහනවා...
මමනම් කියන්නේ අදාළ පළාතේ ඉන්න වාහන හිමියන්ට කතාකරලා වාහනයක් ගන්න කියලා. මම කැමැතියි මගේ වාහනේ දෙන්න කිසිම කුලියක් නැතිව ... මට ඩීසල් ගහලා දෙනවා නම් මම රියදුරු හැටියට වුණත් යන්න කැමැතියි. රජයෙන් දැනුම් දීමක් කරන්න ඕනේ තමුන්ගේ කැමැත්තෙන් වාහන දෙන්න පුළුවන් අයට ඉදිරිපත් වෙන්න දෙන්න කියලා. මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් මෙපමණයි.
මේවාට කඩායෑම්වලට... පොලිසියේ, හමුදාවේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන පහසුකම් ලබාදෙන්න බැරි ඇයි?
මුදල් ඇමැතිතුමා හදිස්සේ කොරෝන මර්දනය කරන්න කැබ් රථ විශාල ප්‍රමාණයක් ගෙන්නුවේ මේ ගොල්ලොන්ට දෙන්න වෙන්න ඇති , ඒ වාහන ටික ලැබෙනකන් ඉවසලා ඉන්න...
මැති ඇමතින්ට දීලා තියෙන සැප වාහන මේ සඳහා දුන්නම් හරි.