(ඡායාරූප - ශාන්ත රත්නායක)
අදට යෙදී ඇති ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක හා මුදල් අමාත්‍යවරකු වූ දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතාගේ 112 වන ජන්ම නිමිත්තෙන් ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකෙරිණි.
ලංකා සමසමාජ හා ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා කේන්ද්‍රය සංවිධානය කළ එම පුෂ්පෝපහාර දැක්වීම රාජගිරිය -ආයුර්වේදය මංසන්ධියේ පිහිටි ඇන් .ඇම් .පෙරේරා ප්‍රතිමාව අභියසදී පැවැත්වුණු අතර ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම තරුණයෙක්වත් නැහැ. මේකෙන්ම පේනවා සමසමාජයක් කියන සංකල්පය මැරිලා හුගක් කල්.
මම දැකල තියනවා ඇන් .ඇම් .පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ විවාද කරන හැටි... කෑ කෝ ගැසුවේ නැහැ. මෙතනට ඇවිත් ඉන්න පිරිස ගැන නම් කියලා වැඩක් නැහැ.
දිවංගත එන්.එම්. පෙරේරා මැතිතුමාට නිර්ධන පංතියේ උපහාරය "හැබැයි එතුමාගේ ගුණ සමරන්න ඇවිත් ඉන්න අය තමයි වැඩකට නැත්තේ...
ආචාර්ය න.ම.පෙරේරා සහෝදරයානෙනි, තම කම්කරු පන්තිය වෙනුවෙන් සිය කාලය, බුද්ධිය, දනය වැයකළ නිර්දන පන්තිය සඳහා ඉමහත් සේවයක් කල ඔබ සහෝදරයට අපේ විප්ලයේය ආචාරය මෙසේ පුදකරමු. ඔබතුමාට අපි සදා ණයගැති වෙමු. නෙල්සන් දෙරනියගල - ඇමෙරික එක්සත් ජනපදය