(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ මහ කන්නයේ වී වගාවට වෙල්යායවල් අස්වැද්දීම නිමිත්තෙන් පැවැත්වු පළාත් වප් මගුල් උත්සවය හාලිඇල මැද්දේගොඩ වෙල්යායේදී (14) උදේ පැවැත්විණි.
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු නිලධාරීන්ගේ සංවිධානයෙන් උත්සවය සංවිධාන කර තිබිණි.
වෙල්යායේ ගොවීන්, මී ගවයින් හා අත්ට්‍රැක්ටර් යන්ත්‍ර යොදාගනිමින් අක්කර 3ක 4ක සීසෑම සිදු
කෙරිණි.
මේ අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණ සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්... මුළු රටම ආවරණය වන පරිදි පුරන් වෙච්ච කුඹුරු සියල්ල අස්වද්දන්න පුලුවන් නම් කොච්චර හොඳද?
මේ ගමන ලංකාවේ වී අස්වැන්න වැඩියෙන්ම ලැබේවා...!! අපේ ආර්ථිකයට හොඳ උදව්වක්. ජයවේවා...!!!
සත්ව හිංසාවක් නේ... කෝටුවකුත් අරගෙන සතුන්ටත් ගහන්න යනවනේ.. යකාගේ වප්මගුල්නේ...
මේ හරක් පෙරකළ ආත්මවල පව් ගෙවනවා.
මේ උත්සවයට ගිය වියදම ගොවියන් මහන්සිවෙලා වී වගාකරලා විකුණලා එන ලාභයට සමානයි..
ඔය අන්තිම පින්තුරේ මේසේ උඩ තියන ඒවායින් ඔයා මොනවටද කැමති? මට නං ඉතින් කැවුම්ම තමයි.. රස ආකරයක්නේ...
වැඩේ නම් බොහොම අගෙයි නමුත් සෝබනේට කරලා පින්තුර ගහලා පත්තරේට දාලා වැඩක් නැහැ. දිගටම කරගෙන යන වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ.
කෑම මේසෙ දැක්කාම පුදුම පෙරේතකමක් ආවෙ..