(නිමල කොඩිතුවක්කු)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දින සැමරුම නිමිත්තෙන් දේශපාලන ක‍්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක‍්‍රියාකාරින්, කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, සහ හිතවතුන් වෙනුවෙන් විශේෂ හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදි අද  (25) පැවැත්විණි.
 

මහා සංඝ රත්නය ඇතුලූ සර්ව ආගමික නායකයෝ  මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ආශිර්වාද  කළහ.
 
එහිදී එක්සත් ජාතික භික්ෂු පෙරමුනේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමි, නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි, සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමියන් ඇතුලූ මහා සංඝරත්නය වැඩම කර  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට  පිරිත් නූල් බැඳ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ.


 


 
 
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි