( චතුර එස් කොඩිකාර )
විශ්ව විද්‍යාල සිසු විරෝධතාවක් මෙම වන විට කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වේ.
කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට බිමි ප්‍රදේශය උද්ඝෝෂණ කළාපයක් ලෙස නම් කර ඒ සඳහා වෙන් කර තිබීම මෙම උද්ඝෝෂණයේ විශේෂත්වයකි.
උද්ඝෝෂණ කලාපයක් ලෙස එය නම් කර තිබෙන බව පොලිස් නිලධාරින් විසින් සිසුන්ට දැනවුවද සිසුහු එම ස්ථානයට නොගොස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයෙහි සිටිති.



(ඉන්දිකා රාමනායක)
උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අද (05) සිට කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ස්ථානයක් නම්කර ඒ වෙනුවෙන් පුවරු සවිකර තිබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් භාවිතයට ගනු ලැබූ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පුවරු සවිකර තිබූ අතර එහි “උද්ඝෝෂණ ස්ථානය” වශයෙන් භාෂා තුනෙන්ම සඳහන්කර තිබෙනු දක්නට ලැබිණි.
මෙම පුවරුව සවිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජය මේ දක්වා කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.
මෙම විරෝධතා පුවරුව සවිකර ඇත්තේ කවුද , මින් ඉදිරියට මෙම ස්ථානයේ පමණක් උද්ඝෝෂණ පැවැත්විය යුතු ද , මෙම ස්ථානය හැර වෙනත් ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීමට අවසර තිබේද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ මෙම විරෝධතා පුවරුව සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් මෙම ස්ථානයේ පමණක් උද්ඝෝෂණ පැවැත්විය යුතු බවට පොලිසියට මේ දක්වා කිසිඳු දැනුම් දීමක් සිදුකර නොමැති බවත්ය.
මෙම විරෝධතාපුවරුව කවුරුන් විසින් සවිකළේ ද යන්න තමන් නොදන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් නොමැති බවයි.
කොළඹ ලෝටස් පාර , ගාලුමුවදොර පුරහල ලිප්ටන් වටරවුම , වෝඩ් පෙදෙස වැනි ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම සිදුවේ.
කෙසේ වුවද තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ ලෝකයේ දියුණු රටවල උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් නම්කර ඇති බවත් ඒ අනුව පිරිස ඒම ස්ථාන සම්බන්ධයෙන් පුරුදු පුහුණු කළ යුතු බවයි.
උද්ඝෝෂණ පැවැත්වීම පුරවැසියාගේ අයිතියක් වුවද එය අනිකුත් පුරවැසියන්ට කරදරයක් නොමැතිව සිදුකළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.
උද්ඝෝෂණ සිදුකරන ස්ථාන නම්කර තිබුණ ද එම ස්ථානයේ උද්ඝෝෂණ පැවැත්විය යුතු බවට නීතියක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබිණි.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෑමොර දෙන්න තැනක් තියෙනවනම් ඇයි අහිංසක මහජනතාවට කරදර වෙන විදියට හැසිරෙන්නේ ? අඩුතරමින් ඒ මහෞෂධ පණ්ඩිතයන්ට ඒකවත් තේරුම් ගන්න බැරිද හැබෑට ? කරුණාකර අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ දියවන්නා ඔයේ රතු හැට්ටකාරයන්ගේ මෝඩ සුවච කීකරු අන්තරේ ඉන්න අන්දරේලාට නිසි පිළිතුරු දෙන ලෙසයි. මෙම මෝඩ රැළ මේ විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ මිලකළ නොහැකි කාලය මෙන්ම මහජන දේපොළයි. එබැවින් තම දෙමාපියන්ටවත් ආම්බාන් කරගත නොහැකි මොවුන්ට 88/89 සිහිවෙන්නම දෙන එක ඇඩ්‍රස් නැතිවෙන්න දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.
කලින් ආණ්ඩුවේ ඔය වැඩේ කරන්න ගිය වෙලාවේ කීදෙනෙක් මැරෙන්න ගියාද?
දැන් කෑමොර දෙන්න තැනක් තියෙනවා නම් ඇයි අහිංසක මහජනතාවට කරදර වෙන විදියට හැසිරෙන්නේ? අඩුතරමින් ඒ මහෞෂධ පණ්ඩිතයින්ට ඒකවත් තේරුම් ගන්න බැරිද හැබෑට? කරුණාකර අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ දියවන්නා ඔයේ රතු හැට්ටකාරයින්ගේ සුවච, කීකරු අන්තරේ ඉන්න අන්දරේලාට නිසි පිළිතුරු දෙන ලෙසයි. මෙම මෝඩ රැළ මේ විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ මිලකළ නොහැකි කාලය මෙන්ම මහජන දේපළයි. එබැවින් තම දෙමාපියන්ටවත් ආම්බාන් කරගත නොහැකි මොවුන්ට 88/89 සිහිවෙන්නම දෙන එක ඇඩ්‍රස් නැතිවෙන්න දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.
"කාලකන්නි" යන වදන ශබ්ද කෝෂයට ඇතුලත් වී ඇත්තේ මේ විශ්ව විද්‍යාල කාරයන් නිසා වෙන්න ඇති...
චීනේ ළමයින්ට ලෝකේ ආණ්ඩු සලකපු විදිහ දැක්කා නේද? මමත් වූහාන් හිටියා මීට අවුරුදු 10කට විතර කලින් එහෙ ළමයින්ට නාන්න වතුර ටිකක්, පාඩම් කරන්න විදුලිය දෙන්නේ නෑ.. මෙහෙ දරුවන්ට මොනවද අඩු..? ලෝකේ හොඳම දැනුමක් තියෙන ඉතාම තරඟකාරී විභාගයකින් සරසවි ගිහින් ජාතික ආර්ථිකයට බාධාවක් කාගේ හරි ලණු කාලා මොනවද මේ අය කරන්න මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
LOL! වහල් ආණ්ඩුවත් ඕකම කරන්න හැදුවා. ඒ කාලේ හිටපු විපක්ෂය විරුද්ධ වුණා. විරෝධතාකරුවොත් විරුද්ධ වුණා. විරෝධතා කරන්න තැනක් දැන්දෙනවා. පස්සේ වෙලාවක් දෙනවා. ඊටත් පස්සේ සටන්පාඨ ටිකත් දෙනවද...?
උද්ඝෝෂණයට ස්ථානයක් වෙන්කරලා තිබෙනකොට එතැනට යන්නේ නැතුව දඟල දඟලා ඉඳපල්ලා... අප්‍රේල් මාසෙන් පස්සේ බොලට වෙන්නේ මුහුදේ පනින්න.. යහපාලන ආණ්ඩුව කලේ බොලගේ නැටුම් බලබල බස්වල දහදිය දමාගෙන තෙරපි තෙරපි ඉඳලා අපිට එපාවෙලා... අප්‍රේල් වලින් පස්සේ බොලාට ගහන්නේ පොලිසිය නොවේ සිවිල් වැසියන්, එතකොට බොලව් බේරගන්න පොලිසිය එන එකක් නැහැ.
ඉතා අගනා වැඩපිළිවෙලක් ගරු ජනාධිපතිතුමාට ස්තුතියි ...!!!
ඉතාම හොඳ අගනා වැඩපිළිවෙලක්...
උද්ඝෝෂණයක් කරපුවම ඒක මිනිස්සුන්ට දැනෙන්න එපැයි. ඒකයි පාරවල් බ්ලොක් කරගෙන දගලන්නේ. ඔය වෙන් කරපු තැන හොදයි නිහඩ විරෝදතාවයකට, උපවාසයකට වගේ.
අද රටේ ලොකු පුටු හොබවන නිලධාරීන්ගෙන් වැඩි දෙනෙකු ඔය රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ලබපු පුද්ගලයන්. විශ්වවිද්‍යාලවල ඉන්න කලේ කියපු සමාජ සාධාරණත්වය, සමාජවාදය පිළිබඳ සටන් පාඨ අද ඔවුන්ට අමතක වෙලා. අල්ලස් දුෂණයෙන් ඔවුන්ගේ ඔලු උතුරලා ගිහින් ඔවුන් හරියට නීතියට අනුකුලව රාජකාරි කරනවා නම් අද ලංකාව සුර පුරයක්. අද පාරේ උද්ඝෝෂණ කරන සිසුනුත් අනාගතයේ බලයට පැමිණ කරන්නේත් ඒ දේමයි. ඉතින් මොවුන්ගේ උද්ඝෝෂණ නිසා අප මහමග දුක් විදීමෙන් ඵලක් නැත. ගහලා එළවල දමනවා හැර වෙන විකල්පයක් නොමැත.
ඔය නාම පුවරුවට දැමිය යුත්තේ : Agitation වෙනුවට FREE SPEECH AREA කියලා .
උද්ඝෝෂණ කරන්නේ යමක් ලබාගන්න. ඒ ලබාගන්න දේ එක පුද්ගලයෙකුට විතරක් ලැබෙන දෙයක් නොවේ. උද්ඝෝෂණ වලට තැනක් දීලා එතන කෑ ගහල කෑගහලා ආපහු නිකම් යන්න ලෝකේ කිසිම කෙනෙක් උද්ඝෝෂණ කරන්නේ නෑ. ගොන්ද සේන ප්‍රකාශ කර කර ඉන්නවා මිසක් රටේ මිනිස්සු ගැන බලන පාටක් නෑ. ඒ අයගේ පවුල් ආයෙත් ගොඩ.
උද්ගෝෂණ ඇති වන හේතු සොයා බලා ඒවාට පිළිතුරු හොයනවට වඩා උද්ගෝෂණ වලට අවශ්‍ය ස්ථානයක් වෙන් කර දීමට රජය ක්‍රියාකිරීම තුලින් හැගී යන්නේ මින් පසු උද්ගෝෂණ කරලා පමණි ඉල්ලීම් දිනාගත හැක්කේ
උද්ඝෝෂණය එකක්, ජාතික ආර්ථිකය අඩාල කිරීම තව එකක්. මේ බෝඩ් ලෑල්ලෙන් මට නම් හිතෙන්නේ කට්ටිය ළඟදීම ඇට්ටි හැලෙන්න කයි වගේ?
දැන් අපි දියුණු රට. ලෝකයේ දියුණු රටවල උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් නම්කර තියන්නේ.