(රොමේෂ් මධුෂංඛ)
එලඹෙන මැතිවරණයන්හි ඡන්ද අයිතියේ වටිනාකම පිළිබඳව උතුරේ වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (12) වව්නියාව නගරයේ දී සංවිධානය කොට තිබුණි.
වව්නියාව මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානය කොට තිබූ අතර පාගමනින වව්නියාව බස්නැවතුම්පලින් ආරම්භ වී වෛරව පුලියන්කුලම් ප්‍රදේශයෙන් අවසන් වූ අතර පාගමනින් පසුව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්ද පැවත්විණි.
පාගමන වව්නියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හා පාසල් සිසුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
පා ගමන මගින් ජනතාව දැනුවත් කර සිටියේ පළමුව ඡන්ද අයිතිය ලබා ගැනීම අනතුරුව තම වටිනා ඡන්දය පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු හා ඡන්දයේ ඇති වටිනාකම පිළිබඳවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයේ මුලික වටිනාකම වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනෙකුට සියළු පහසුකම් සහිත රැකියා අවස්ථා ලබා දීමයි. දෙවැන්න පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා ආදියේද සියලු පහසුකම් සහිත මන්ත්‍රී රැකියාව ලබා දීමයි. තෙවනුව කළ යුත්තේ ඒ රැකියා ලබාගත් අයගේ පිරිසට කොන්ත්‍රාත් ලබාදීමයි.
ඡන්දයේ වටිනාකම විතරක් නෙමෙයි... මේ වගේ මින්ස්සු පාර්ලිමේන්තුවට යවන්නේ නැතුව ඡන්දය දෙන්නේ කාටද කියන එකේ වටිනාකමත් කියල දෙන්න ඕනේ....
මේකට පාසල් ළමුන් යොදාගන්නේ කුමකටද? පැයගානක් අව්වේ කරවමින් යන ඔව්න්ට අනාගතයේ මේ ආණ්ඩු පිළිබද යහපත් ආකල්පයක් තියේවිද?