( රොමේෂ් මධුෂංඛ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරධිපති මීගහජදුරේ විමල හිමියෝ පවසති.
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරධූරය භාර ගැනීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින් හමු වු අවස්ථාවේදී විහාරාධිපති හිමියෝ මේ බව පවසා ඇත.
පළමුව උතුරු ආණ්ඩුකාරවරයා යාපනය අගරදගුරුතුමන් හමු වූ අතර එහිදී උතුරු පළාතේ දුප්පත් ජනතාවගේ ප්‍රශ්න ගැටලූ පිළිබඳවද අගරදගුරුතුමන් විසින් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට කටයුතු කළේය. ඒ පිළිබඳව ඉක්මනින් විසඳුම් ලබා දෙන බවද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.
අනතුරුව නල්ලුර් කෝවිල සහ නාගභූෂණී අම්පාල් යන කෝවිල් වල වෙත ගිය ආණ්ඩුකාරතුමා එම කෝවිල්වල විශේෂ පූජාවන්ද පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.
ඉන්පසුව ආණ්ඩුකාවරයා නාග විහාරයේ විහාරාධිපති මීගහජදුරේ විමල හිමි සහ නාගදීපයේ විහාරාධිපති නමදගල පත්මකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට ගිය අතර ස්වාමීන් වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් කළ අතර එතුමන් පළාතේ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
තවද උතුරු පළාත් කේන්ද්‍ර කරගනිමින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට කටයුතු සූදානම් කිරීම මේවන විටත් සිදු කරගෙන යන බවත් පාසල් දරුවන් හා තරුණ පරපුර මෙයින් ගලවා ගැනීමට සියලූ දෙනා නිවැරදි මඟ ගමන් කිරීමට අවශ්‍ය දේශණ, සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැන්වත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් හා පාසල් මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් පවසා සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ හොඳ පාලකයෙක් වෙයි.
හාමුදුරුවනේ මොකක්ද මේ අපබ්‍රංස කතාව. මෙයා කියා තිබුනේ උතුරු නැගෙනහිර බෞද්ධ ආගම් නවත්වන්න කියලානේද.
මේ ගොයියා පන්සල් ගැන කියපු කතාවට ධාතුකරඬුව නොවෙයි ඔලුවට වැඩම්මවන්න තිබුනේ.
"තවද උතුරු පළාත් කේන්ද්‍ර කරගනිමින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීමට කටයුතු සූදානම් කිරීම මේවන විටත් සිදු කරගෙන යන බවත්" ඇයි පන්සල් ඉඳිකිරීමත් නැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් ඒ ගැන කතා කරගන්න පැමිණෙන බවත් නේද ප්‍රකාශ කර තිබුනේ. ඒ ගැන කතා කලාද?
හැබැයි බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් හමුවන්න පිළිවෙලකට වටිනා වේට්ටියක් ඇඳගෙන ගොස් තිබෙන බව පෙනෙනවා. එයට ස්තූතී!
දුගී දුප්පත් ජනතාවගේ ගැටළු මෙයා විසදන්නේ කොහොමද? මේවා බොරු බයිලා නේද?
මෙයා ආපු ගමන් කිව්වේ එහෙට බුදු පිළිම ඕනේ නැහැ කියලා නේද?
ලොකු මොල්ගහක්