



රොමේෂ් මධුෂංක
තිස් වසරක පැවති යුද්ධය නිමා කර 9 වැනි වසර අදට (18) පිරීම නිමිත්තෙන් උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කරනු ලැබීය.
උතුරේ පිහිටි සෑම ආරක්ෂක සේනා මූලස්ථානයකම සේනාංකයකම මෙන්ම බලසේනාවන්හි මෙම 9 වැනි වසරේ යුද ජය සැමරීමේ කටයුතු සිදු වුණේ ආඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බලසේනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමරුමක් පැවති අතර එය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොබ්බැකඩුව මහත්තයා හිටියා නම් අවුරුදු තිහක් දිග්ගැස්සෙන්නේ නෑ..
අස් ඉස් මස් ලේ පරිත්‍යාගයෙන් මාගේ මව් බිම මිලේච්ච ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් රණවිරු සැමට මගේ හද පිරි ප්‍රණාමය.
සැබෑ විරුවෝ සමරන මේ යුධ ජයග්‍රහණය හරිම සුන්දරයි. ඔවුනට අපගේ උපහාරය හා උත්තමාචාරය පිදිය යුතුයි!! රණ විරුවන්ව විකුණාගෙන නින්දිත දේශපාලනයේ යෙදෙන දේශපාලකයින් හා දේශපාලකයින්ට විකිනෙන සොල්දාදුවන් අපි ප්‍රතික්ෂේප කල යුතුයි. සැබෑ රණ විරුවන්ට ජයවේවා!!
අපගේ මාතෘ භූමිය වෙනුවෙන් තම වටිනා ජිවිත පුජා කළ සහ තම ශරීර අවයව පුජාකළ අපගේ විරෝධාර රවිරුවන්ගේ නම් ලක්මවගේ හදවතේ සදාකල් රන් අකුරෙන් ලියවී ඇත. අප සියල්ලෝම ඔබල කල අබීත මෙහෙවර දැනටමත් අමතක කර එකිනෙකාට දොස් පවරමින් ඇනකොටා ගන්නෙත් ඔබල ජිවිත පුජාවෙන් ලබාදුන් නිදහස නිසා බව කිව යුතුය.මුල් පුරවැසියාගේ සිට එකී මෙකි නොකී සියල්ලෝම දැන් එම අමිහිරි අතීතය අමතක කර ඇති බවක් හොදින් පැහැදිලි වෙන බව කනගාටුවෙන් උවත් කිව යුතුමය. අවසාන වශයෙන් මෙසේ සදහන් කිරීම කැමැත්තෙමු. අතීතය අමතක කරන්නේ මොන හරකාද ? එම අම්බරුවාට අනාගතයද නැති බව ස්ථිරය. මෙය ඔබට , අපටද මෙන්ම මොන ජගතාටත් පොදු සාදකයකි.
වෙන රටවල නම් හැමෝම මේ වගේ සැමරුම් වලට එකතු වෙනවා. සොල්දාදුවෝ එයාලගේ පුද්ගලික අවශ්‍යතාවකට කරපු යුද්දයක් වෙන්න ඇති. ඒකනේ එයාලා විතරක් සමරන්නේ ....
දහසක් පැතුමන් නුඹලාගේ හදවත්වල පොදි ගසා තියෙන්නට ඇති, ජීවිතය ජයගන්න අපේ හිත් තරමටම නුඹලාගේ සිතුත් දිවා රෑ නොබලා වෙහෙසෙන්න ඈති, එහෙත්, කරන්නට කිසිත් නැති නිමේශයක උපන් බිම රකින්නට නුඹලාත් එක් වෙන්නට ඇති, පොදි බැදුනු පැතුම් මිටි හදවතේ රුවාගෙනම "අපේ ජීවිත වෙනුවෙන් නුඹත් දිවි දෙන්න ඈති" එහෙත් නුඹලා දිවි දී රැකගත් දේශය බඩගෝස්තරය, බලයේ රැදීම වෙනුවෙන් නිවටයින් වූ අපේම ජාතිය අමුඅමුවේ පාවා දෙන විදිය දැක නොගැනීමට නුඹලා නොසිටීම ගැන සතුටු වන්නෙමු. රණ බිම ජයගත් අපේම විරුවනට නිවන් සැප ලැබේවා.....
ක්‍රිෂාන්ත මයා වෙත, ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. මෙම විරෝධාර රණවිරුවන් තම ජිවිත පුජා කලේ ,අවයව නැති කරගත්තේ ඒ ඒ අයගේ ගෙවල් දොරවල්වලට "ලක්මව" රැගෙන යාමට මෙන් අපේ පුරවැසියන් වැඩිදෙනෙකු සිතාගෙන සිටින්නේ. කණගාටුවකි, අභාග්‍යකි, අවාසනාවකි.
නිවටයෝ වගේ හොරෙන් කරන සැමරීම් මොකටද?
කොටි සැමරුම් එලිපිට. රණවිරැ සැමරුම් කඳවුරු අතුලත! කොඳුබිඳ ගත් ජාතියක හැඩ....!!!
චමල් මහත්තයෝ, නරි හූ කියමින් සතුට සැමරුවාට, සිංහයින් සතුට සමරන්නේ නිශ්ශබ්දවයි. සිංහ වෙස් ගත් නරි... සිංහ නාදේ දැම්මට පිටට ඇහෙන්නේ නරි නාදේ!!!
මේ සැමරීම හමුදා කඳවුර ඇතුලේ. ෆොටෝ විතරයි අපිට දකින්න පුළුවන්. හරි නම් යාපනය නගරය මැද තමයි කරන්න තිබුනේ. මෙහෙම සැමරුමක් තිබුණා කියලා යාපනේ ඉන්න එක දෙමල වැසියෙක්වත් දන්නේ නෑ. අර රාජිත කිව්වේ රණවිරුවෝ මැරුවේ අහිංසක දෙමළ ජනතාව කියලා. මෙහෙමත් රටක්.
ජාතියක් වශයෙන් අප බොහෝ දේවල් සැමරිය යුතුයි. යුද්ධය අවසාන කිරීමට දායකවූ සියලු දෙනාම සැමරිය යුතුයි. යුද්ධයට සම්බන්ධයක් නැතුව නිරපරාදේ නැතුව ගිය දහස් ගණනක් ජීවිත සැමරිය යුතුයි. ත්‍රස්තවාදය පරාදය කිරීම සැමරිය යුතුයි.
ජය වේවා රණවිරුවන්ට!!! මේවා දකිද්දී යහපාලන නඩයට හරි අමාරු ඇති. කොටි සනසවන්න අමාරු ඇතිනේ මේවා දකිද්දී මහා බැංකු හොරුන්ට...
ගුරු පාරක්වත් උත්සවයක් නැතිව අරින්න දෙන්නේ නැති දේසපාලුවෝ ටික මේවට එන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ.