හිරාන් ප්‍රියංකර ජයසිංහ
රස්නායකපුර උඩුනෝව වැවේ පිටවානේ කොන්ක්‍රිට් තට්ටුවට යටින් මතුවූ උමග වසා වැව බේරා ගැනීමට රස්නායකපුර ජනතාව සමඟ යුද හමුදාව සහ රාජ්‍ය නිලධාරිහු එක්ව අද (22) දැවැන්ත කටයුත්තක නිරත වූහ.
රස්නායකපුර ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මල්පානව, උඩුනෝව වැවේ පිට වාන යටින් උගමක් සෑදි ඇති ඇති අතර එම උමගේ කොන්ක්‍රිට් තට්ටුව පුපුරා ජලය ගලා ඒමෙන් පිටවාන අවදානමකට ලක්ව තිබේ.
මේ නිසා වැවේ ජලය සහ පිටවාන ආරක්ෂා කර ගැනීමට යූද හමුදාව හා රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව වැලි කොට්ට ගැසීම ආරම්භ කර තිබූ අතර එය දැඩි අවදානම් මට්ටමක ඇති බව රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පැවසූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත් කාරයින්ගේ හොර වැඩ තමයි... කැඩිච්ච කොන්ක්‍රීට් එකේ කම්බි දාපු බවක් පෙනෙන්න නැහැ.
මේක ගොඩක් පරණ එකක්. සාමාන්‍යයෙන් මෙවැනි floor concrete වලට කම්බි යොදන්නේ නෑ
මෙවැනි බිම් කොන්ක්‍රීට් වලට කම්බි යොදන්නේ නෑ?