( රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.
තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුණනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ එම ඔයේ ජලය පරිහරණය කරන අය සැළකිළිමත්ව සිටින ලෙස එම විදුලිබලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
අධික වර්ෂාවකත් සමගම මධ්‍යම කදුකරයේ ප්‍රධාන මාර්ග සියල්ලකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
මිදුම් පවතින හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රියධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd