නිමල් ජයරත්න
මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනකු ගොඩ ගෙන පිඹුරැත්තෑව රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල වනජීවී නිලධාරීහු අද සමත්වූහ.
කඹ හා ටයර් ආධාරයෙන් අලි දෙදෙනා ගොඩ ගත් බව වෙහෙරගල අඩවි වන ආරක්ෂක යූ ඒ ජී ජී එම් ආරියසිංහ මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇළ හදපු දවසේ ඉඳලා විශාල සතුන් ප්‍රමාණයක් ගසාගෙන ගිහින්ම මැරුණා.. වනජීවී එකෙන්වත් මේ ගැන බලනවා නම් හොඳයි. ඔය ඇළ වටේ වැටක් ගහලා.... සත්තුන්ට වතුර බොන්න වෙනම ජල පොකුණු තනවන්න කියලා ජනපතිතුමාට කියන්න. පව් අහිංසක සත්තු...!!!
පේනවා නේද ඇළ මාර්ගවලින් හා සිරස් ඉවුරු ඉදිකිරීමෙන්, වනඅලින් ගම් වැදීම වළක්වන්නට හැකි බව. වාරිමාර්ග, මහාමාර්ග, පරිසර හා සංචාරක ආදී අමාත්‍යංශ එකතුවී ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කළොත් බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකියි. වටිනා අයගේ අදහසුත් මේවාට එකතු කර ගතහැකියි.
මේ ඇළ මාර්ගයට සතුන් පමණක් නොවේ. මිනිසුන් පවා වැටිලා ජීවිත නැති වෙලා තිබෙනවා. නමුත් මිනිසුන් මේ ගැන අවබෝධයෙන් වැඩ කළා නම් ඒ අනතුරු වළකාගන්න පුළුවන්... එහෙත් සතුන් සදහා අපට වෙනම පිළිවෙතක් අනුගමනය කරන්න වෙනවා අපට බැරිද? මේ සතුන් ඉන්න වනාන්තර ප්‍රදේශවලදී ඇළ මාර්ගයේ සිට මීටර් 500 600 වගේ දුරකින් සිටින පරිදි වනාන්තරය තුලින් ගලායන තවත් මේ ඇළ මාර්ගයෙන්ම පෝෂණය වන අතුරු ඇළ මාර්ගයක් නිර්මාණය කරන්න. මේ ගලා යන ජාල ධාරාවම ඒ ඇළ මාර්ගය හරහාද දිගට ගලා බසින ආකාරයට ඇළ මාර්ග දෙක අතරට පොඩි දුපතක් වැනි ආකාරයට හා සතුන්ට එයට බැස දිය බීමට හා නෑමට හා පහසුවෙන් ගොඩට ඒමට හැකිවන පරිදි නිර්මාණය කල යුතුය. මේ ලෙස අතුරු ජල මාර්ගයක් නිර්මාණය කලවිට අලි ඇතුන් පමණක් නොව සියලු වන සතුන් ගම් බිම් වලට පැමිණීමද පාලනය කරගත හැකිය. මෙහිදී වියළි කාලගුණ කලවදීත් මේ අතුරු ඇළ මාර්ගයේ ජලය ගලා යන ආකාරයට එහි ගැඹුර හා බැස්ම සකස් කල යුතුය. මිනිසා සැම විටම කල්පනා කරනුයේ ඔවුන්ට අවැසි දී ලබා ගන්න ආකාරය පමණකි. අප සියලු සත්වයාටම අවශ්‍ය මුලික අවශ්‍යතා සැපිරෙන පරිදි මෙවන් දේ නිමාණය කළයුතුය. මන්ද අප ජීවත් වන ලෝකය අයිති මිනිසාට පමණක් නොවන නිසාය.