(විනීතා එම් ගමගේ/ ඡායාරූප - ඉෂංක සුනිමල්)
ඉලක්කයක් ඇතිව කටයුතු කළොත් විභාග ජය ගන්න අමාරු නැතැයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප‍්‍රථමයා වී සිටින කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් සිසුවිය පැවසුවාය.
එමෙන්ම කටපාඩම් කිරීම අතහැර අභ්‍යාස කිරීම විභාග ජයගැනීමේ අනෙක් රහස යැයි ද ඇය කියා සිටියාය. පළමු වසරේ සිට විශාඛා බාලිකා විද්‍යාලයේ සිසුවියක් වූ අනුකි පාසලේ අධ්‍යාපනයට මෙන්ම බාහිර කි‍්‍රයාකාරකම්වලද යෙදුණාය. බටහිර සංගීතයට ලැදි ඇය සාමාන්‍ය පෙළ විෂයයක් ලෙසද බටහිර සංගීතය හදාරා තිබේ. විශේෂයෙන් බාලදක්ෂීකා ව්‍යාපාරයේ හා පාසල් චෙස් කණ්ඩායමේ ද කැපී පෙනෙන සාමාජිකාවක වන ඇය තම ජයග‍්‍රහණය පිළිබඳව මෙසේ කීවාය.
‘‘මම දිවයිනේ වැඩිම ලකුණු ඇති සිසුන් අතරට එයි කියා ගුරුවරු කීවා. ඒත් මට ඉලක්කය තිබුණේ ඒ සාමාර්ථ 9 ක් ගැනීම පමණයි. මම ඒ ඉලක්කයේම හිටියා. කිසිම වෙලාවක කටපාඩම් කරන්න ගියේ නැහැ. ඒත් හැකි උපරිම පමණින් අභ්‍යාස කළා‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවා මුලින් ගිය පාසල් තිබෙනවානම් ඒ මුලික අධ්‍යාපනය හොඳින් ලබාදුන් පාසල් වලටත් එව්වගේ කැපවීමෙන් අඩු පහසුකම් ඇතුව වැඩකළ ගුරුවරුන්ටත් මේ නම්බුව බෙදල දුන්නනම් කොයිතරම් අගෙයිද?