අද පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්ජා"තික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය.
ජනපති හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි. දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයකුද වූ ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයකු ද වූ පානදුර මාලමුල්ලේ ජී.ජයසේන පිරිස් මහතාය.
60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිටිය පාසලේ සේවයට ගොස් සිටි අවදියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වීද යත් ජයසේන මහතාගේ විවාහයේ දෙවැනි මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාය. තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ අතීත ලෙංගතුකමමය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපුවාම තේරෙනවා නේද රටේ මාස් පඩියෙන් එදා වේල සරිකර ගන්න. සාමාන්‍ය ජනතාවගේ සහ ජනතා මුදලින් දිව්‍ය භෝජන වළඳන දේශපාලකයන්ගේත් පෝෂණයේ වෙනස? එකම වයසේ දෙන්න වෙලත්? අර ගිරා පෝතක කතා වස්තුව මතක්වෙනවා.
සිප් කිරි පෙව් මූසිලයින් උඩුමහලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
එයාලගේ පරණ යාළුකම ඔයාලා ප්‍රශ්නයක් කර ගන්න එපා, මොකද ඊට වඩා ප්‍රශ්න තියෙන රටක තමා අපි ජිවත් වෙන්නේ, හොද දේ හොද හැටියටත් නරක දේ නරක හැටියටත් තේරුම් අරන් ජිවත් වෙන්න.