අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත ‘ඉන්න හිතෙන රටකට, ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම හා පිවිසුම’ නමැති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද සිදු කෙරිණ.
මෙරට විවිධ වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තීකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර අමාත්‍යවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත මෙරට විවිධ ජන වර්ග නියෝජනය කරන සිසු දරු දැරියන් පිරිසකට පිළිගන්වීය.
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
’ ඉන්න හිතෙන රටකට යන්න' කියලයි ලියන්න තිබ්බේ.
ඉන්න හිතෙන රටක් කිව්වේ ලංකාවටද? ඉන්න හිතෙන්නේ කාටද?
මේ රටේ "ඉන්න හිතෙන්නේ නැති "කලේ ඔබත් ඇතුළු මේ රට කල, ඒ වගේම තවමත් රට කරන ,සියලුම දේශපාලුවොයි. අපේ ලස්සන රට විනාශ කලාට , ඔබලාට ශාප වේවා.පරම්පරා 7 කට ශාප වේවා !!! කෙසේ වෙතත් ඔබත් ඇතුළු ඔය නරි 225ම චන්දෙට නාවට කමක් නැහැ.ආවත් දිනන්නේ නැහැ. දැන් මහා ජනයා ශක්තිමත්. ඉස්සරවගේ මෝඩ කරන්න බැහැ. සියලුම සමාජජාලා ඔස්සේ අපි අපේ පණිවිඩය ගෙනයනවා.ඉතාමත්ම ගුණ යහපත්, උගත් බුද්ධිමත් ,රටට අවංකවම ආදරේ කරන කෙනෙක් තව දවස් කිහිපයකින් බිහි වෙනවා.
වෙන්නප්පුව පැත්තේ වතුර ප්‍රශ්නයක් නිසා දරුවොත් මරලා. ඉන්න නෙවේ පස්සවත් නොබලා දුවන්න හිතෙන රටක්. මෙයාල බොරු ලෝක වල ජීවත් වෙන්නේ . අපි හැමදාම දුකෙන්
අවුරුදු 5ක් ඉන්න හිතෙන රටක් තමයි හැදුවේ
ඔයාලා ඔක්කොම නැති රටකි අපට අවශ්‍ය කරන්නේ
"ඉන්න හිතෙන රටක" ජිවත් වන්න අවශ්‍යම නම්, යහපාලනය නමින්, බැංකු කඩන "ජරාපාලකයෝ" එහි ඉන්නවාද පළමුව බලන්න.
මෙයාල නැවතත් රටේ ජනතාව ගොනාට අන්දන්න ක්‍රමයක් හදාගෙන යනවා. මෙයාල හැමදාම සැලසුම් හදනවා විතරඊ. ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. 2015 දී මහකොළඹ සංවර්දනය කියල එකක් ගැන කිඋව. වරාය නගරය ගිය ආණ්ඩුවෙන් කරපු අමන වැඩක් කිඋව. රටට එකෙන්විෂලා හානියක් වෙනවා කිවුව. එත් උනේ මොකක්ද 2015 දී එක නවතලා තියල චීනෙට ඩොලර් මිලියන 115ක් වන්දිත් ගෙව්කල නැවත එකම කරා. දැන් එකේ වටිනාකම ගැන කියනවා සහ තවත් එකක් කරන්න කතා කරනවා. මහකොළඹ සැලැස්මේ කිසිම දෙයක් කලාද ? නැත. ඒ උනාට එකේ සැලසුම් ගාස්තු කියාලා කොටි ගණන් ගෙවන්න ඇති කොමිස් ලැබෙන නිසා.
කාට ඉන්න හිතෙන රටක් ද ? ඇමරිකානු , ඉන්දියානු , චීන , අරාබි .... (සිංහලයන් නැතුව )... එහෙමද ??
රෝබෝලට ඉන්න පුළුවන් මේ යන විදිහටනම්. ඉන්න හිතෙන රටකද මෙච්චර අපරාධ දුෂණ මංකොල්ල එකී නොකී හැමදෙයක්ම වෙන්නේ .අවුරුදු පහෙන් පාට මාරුවෙන් මාරුවට රට කරවන අයටනම් එකේ රහා තේරෙන නිසා දාලා නොයන්න හිතෙන රටක් නම් පැහැදිලියි.