
ගැබ්බර බිරිඳ මෙනි පීදුණු කලට කෙත
අවුරුදු කලට පෙර ගෙට ගත යුතුය බැත
ඉන්ධන නැති නිසා භූතය පැමිණ නැත
ඇති කල කිම තැවෙනු දෑකැති බලැ'ති අත?
(ආරියසේන හඳුවල)
ඉන්ධන නැතිව ගොයම් කැපීමට නොහැකිව සිටින ගොවියන් යළි දෑකැත්ත අතට ගෙන අයුරු පොල්පිතිගම කෝරුවාව කුඹුරු යායෙන් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ඉන්ධන හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති පිරිසක අතර ගොවියෝ ද පෙරමුණේ සිටිති.
භූතයා මැෂිමෙන් ගොයම් කපන්න පුරුදු වී සිටින ගොවියෝ ඉන්ධන නැතිව අන්ත අසරණව සිටිති.
වැස්සට පළමු අස්වැන්න ගෙට ගැනීමට මෙම තීරණය ගත් බව ඔවුහු පැවසුහ.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම පුංචි කුඹුරක් නම් අතින් කපාගෙන අස්වැන්න ගෙට ගන්න පුළුවන්... ඒත් විශාල යායවල ගොයම් කැපීම කොහොම කරන්නද? 2023 සාගතයක් එන්න පුළුවන් කියමන සත්‍යය වේද?
"සහතික ඇත්ත.. කිවිඳුගේ කෙත ගැන වැනුම... ඉන්ධන නැතිව භූතය එන්නේ කොහොම... කෙත බැත දෙකම දැන් මරණය අභියසම... කුසගින්නේ මැරෙන දින පැමිණෙනවා ළඟම... "