(යොහාන් භාසුර)
රුපියල් කෝටි 32 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 26 ක් සමඟ ගුවන් තොටුපළ නඩත්තු සේවකයකු සහ ගුවන් මගියකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් අද (30) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ එකවර අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමින් යුත් රත්තරන් තොගය මෙය බව ද රේගුව පවසයි.
රේගුව මේ මස 4 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 22 කට අධික වටිනාකමින් යුත් කිලෝ 17 ක් බර රන් බිස්කට් 161 ක මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ ඉහළම වටිනාකමින් යුත් රත්තරන් තොගය වේ.
මෙම රන් කිලෝ විසිහයට රන් බිස්කට් සහ ස්වර්ණාභරණ ඇතුළත් බවත් අත්අඩංගුවටගත් ගුවන් තොටුපල නඩත්තු සේවකයා රත්තරන් තොගය ශරීරිය තුළ සඟවාගෙන ගුවන් තොටුපල පරිශ‍්‍රයෙන් පිටකිරීමට සූදානම් වූ බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉතිහාසයේ වැඩිම රන් තොගය රේගුවේ හිරවේ
Sirimal Saturday, 01 May 2021 02:47 AM
රන් සුනාමියක්...!!!