



හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව අද(17) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් හම්බන්තොට වරායෙන් පිටත් විය.
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කළේය.
මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කළ අතර, හම්බන්තොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට ද සහභාගි වුහ.
එමෙන්ම, ඊයේ (16) හම්බන්තොට ප්‍රථමික විද්‍යාලයේ පාසැල් දරුවන් නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවකට ද අවස්ථාව ලබාදී තිබූ අතර, ඔවුහු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ තවත් වැඩසටහන් කිහිපයකට ද සහභාගී වූහ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd